Uber අද දිනයේදී ශ්‍රී ලංකා රජය සමඟ එක් වී සෞඛ්‍ය සේවක සේවිකාවන් සඳහා නිවෙසේ සිට රෝහල කරා නොමිලේ යාම්ඒම් කාර්යය සඳහා රුපියල් මිලියන 8.5ක් වටිනා ප්‍රවාහන පහසුකම් ලබාදීමේ අරමුණින් UberMedic නමින් විශේෂ සේවාවක් ආරම්භ කළේය.
වර්තමානය වනවිට මෙම සේවාව කොළඹ IDH රෝහල හා කොළඹ ජාතික රෝහල යන රෝහල් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අතර, එම කාර්යය සඳහා තම සේවාව තුළ ඉහළම ශ්‍රේණියක් හිමිකරගත් රියැදුරන්ගෙන් යුතු මෝටර් රථ 26ක් මේ සඳහා යෙදවීමට Uber සමාගම පියවර ගෙන ඇත.
මෙම සේවාව යටතේ වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවක සේවිකාවන් සඳහා ඉතා පහසුවෙන් ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත. මෙය ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවකයන්, වැඩිහිටියන් සහ ජනතාව කේන්ද්‍රකරගනිමින් මිලියන 10ක් වටිනා ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයීමට Uber දරන උත්සාහයේ එක් අදියරක් බව එහි ප්‍රධාන විධායක නිලධාරී Dara Khosrowshahi මහතා පැවසීය.
මෙම සේවාව සැලසීමේදී ආරක්‍ෂාව තහවුරු කරගැනීම සඳහා රියැදුරන්ට මුහුණු ආවරණ සහ දෑත් පවිත්‍රකාරක ආදිය මෙන්ම, රථය විෂබීජහරණය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමටද Uber Sri Lanka කටයුතු යොදා තිබේ.











