• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කලාකරුවන්ගේ දේශපාලනයේ හොඳ නරක

May 17, 2020
in Heart
Reading Time: 2 mins read
A A
කලාකරුවන්ගේ දේශපාලනයේ හොඳ නරක
Share on WhatsAppShare on Facebook

කලාකාරයන් දේශපාලන කරළිය තරණය කිරීම සිදුවූයේ අද ඊයේක නොවේය. එයට තරමක ඈත අතීතයක් වෙයි. සුවිශේෂීව ගත් කල අපේ අසල්වැසි රාජ්‍යය වූ ඉන්දියාවේද බොලිවුඞ් මෙන්ම කොලිවුඞ් තරුද දේශපාලනය සඳහා තම ජනප්‍රියත්වය උකස් කළහ. ශ්‍රී ලාංකේය සිනමාව තුළද එය එලෙසම සිදුවිය. ජේ. ආර්. ජයවර්ධන යුගයේදී එය පළමුවරට වඩාත් ප්‍රකටව ගම්‍ය විය. දේශපාලනයට මැදි වූ මේ කලාකරුවන් ගැන කලාකරුවන්ගෙන්ම අසා දැනගැනීම වඩා හොඳ යැයි අපට සිතුණු බැවින් ප්‍රවීණ රංගවේදීන් කිහිප දෙනකු සමඟ හදවතින්ම ‘මව්රට’ කළ කතාබහක තොරතුරු මෙසේ
සටහන් කරමු.

‘දං චූටි’ ලෙස සිනමා ලෝලීන් ආදරයට බඳුන් වූ නදීකා ගුණසේකර සිය අදහස් දක්වා සිටියේ සංවේගයෙනි.
මෙතැනදී මම අතීත කතාවක් හෙළි කරන්න කැමැතියි.
මීට වසර 20කට පමණ පෙරාතුව මටද දේශපාලනය සඳහා ඇරැයුම් ලැබුණා. ඩී. බී. විජේතුංග සහ ජයලත් ජයවර්ධන යන මහත්වරුන්ද මා සමඟ කිහිප විටක්ම ඒ ගැන කතාකර තිබුණා.
නමුත්, ඒ ගැන වැඩි උනන්දුවක් මා තුළ වූයේ නැහැ.
කලාකරුවන් දේශපාලනයට මැදිවීම වරදක් කියා දකින්නට බැහැ. නමුත් කලාව කියන්නෙ හරිම උතුම් වූ සෞන්දර්යාත්මක වූ සංවේදී විෂයක්. ඒ සමඟ ගත්කල දේශපාලනය හාත්පසින්ම වෙනස්, අන්න ඒ නිසා කලාකරුවන් දේශපාලනයට එන්නට පළමුව ඒ පිළිබඳව සුවිශේෂීව අධ්‍යයනය කළ යුතුයි.

කලාකරුවකු ලෙස තමා ලද ජනප්‍රියත්වය ඒ සඳහා අවියක් කර ගන්නෙ නැතුව තමාට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ මොන විදියේ සේවයක්ද? කියන කාරණය තුළ කලාකරුවා පළමුව දැනුවත් විය යුතුයි.

දේශපාලනය කියන චරිතය වාගේම දේශපාලනය කියන විෂයත් ජනතාවට දැන් වහකදුරු වාගේ. කලාකරුවා කියන සංවේදී පුද්ගලයාට එය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඔවුන්ද ඒකාකාරී නීරස දේශපාලනය තුළ යම් වෙනසක් ඇති කළොත් පමණයි.
රොෂාන් රවීන්ද්‍ර නම් වූ ප්‍රවීණ චරිතාංග රංගවේදියා නම් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ තරමක් කලකිරීමෙන්.

මෙතැනදී හිතලා බලන්න ඕනෑ වැදගත්ම කාරණය වෙන්නේ කලාකාරයො දේශපාලනයට මැදිවීම හොඳද නරකදැයි කියන එක නෙවෙයි.
කුමන තරාතිරමක සිටියද කුමන වෘත්තියක නියැළුණද ඔහු හෝ ඇය දේශපාලනයට පය තබන්නේ මොන විදියේ සුදුසුකමක් මතද? කියන එකයි මෙතැනදී වැදගත් වෙන්නේ.

දේශපාලනය සඳහා අහවල් පුද්ගලයාට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම එහෙමත් නැතිනම් පළපුරුද්ද ජනතාවගේ ප්‍රශ්න වටහා ගැනීමේ අවබෝධය තියෙනවා නම් ඒ අය කලාවෙන් පැමිණියද, ක්‍රීඩාව හරහා ආවද, වෙනත් විෂයක් හරහා ආවද කියන කාරණය රටට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
හැබැයි කියන්න කනගාටුයි මේ රටට තවමත් පරිපූර්ණ නායකත්වයක් හෝ ඒ නායකත්වය වටා එක්රොක්වූ සේවක පිරිසක් ඇවිදින් නැහැ.

කොයිතරම් කලාකාරයෝ දේශපාලනයට ආවද නිලතල දැරුවාද? කෝ, සිදුවූයේ මොනවද? සාමාන්‍ය ජනතාව වාගේම කලාකාරයන් තවමත් හිටිය තැනමයි.
ඒ හින්දා කියන්න තියෙන්නේ, අලුතෙන් එන්න ලැහැස්ති වෙන පිරිසට යමක් කරන්න පුළුවන් නම්, පිළුණු වී ගිය මේ ඒකාකාරී දේශපාලනයට නව මුහුණුවරක් ලැබේවි.
ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දු මෙහිදී දැක්වූ අදහස් මඳක් වෙනස් යැයි කිව්වොත් හරි.

කලාකාරයෝ දේශපාලනයට මැදිවන එක ගැන මැසිවිලි නැඟීමේ අයිතියක් මං හිතන විදියට, කාටවත්ම තියෙන්නට බැහැ. දේශපාලනයට ඔවුන් සුදුසුද? නුසුදුසුද? කියන එක වෙනමම කාරණයක්.
නමුත් ඡන්දය ඉල්ලන්නට ඉදිරිපත් වීම තුළ තියෙන්නේ ඔවුන්ගේ නිදහස් කැමැත්ත සහ අයිතියයි. පෞද්ගලිකව මම දේශපාලනයට කැමැති නැහැ. කවදාවත්ම මම දේශපාලනයට ක්‍රියාකාරීව සහභාගි වෙන්න අදහසකුත් නැහැ. ඒ වගේම දේශපාලනයට මැදිවන කලාකරුවන් වැරැදිය කියන මතය තුළද මම කතා කරන්නේ නැහැ. මෙතැනදී සිදුවන එකම අයහපත වන්නේ, ඒ ඒ කලාකරුවනට ළැදි මිනිසුන් තම තමන්ගේ පාට සහ පක්‍ෂ අනුව පිල් බෙදීමයි.
නිරූපණ ක්‍ෂේත්‍රය තුළද නමක් රැන්දූ කුරුකුලසූරිය පවුලේ සිව්වැනි නිළි කෙල්ල ලෙස නම රැන්දූ ‘මැණික්’ ‘හාට්’ වෙත කරුණු ඉදිරිපත් කළේ මඳක් ආඩම්බරයට වාගේ.
කලාකරුවන් තම ජනප්‍රියත්වය හෝ ප්‍රතිරූපය අලෙවි කොට දේශපාලනයට එනවාට වඩා, රංගවේදියා කියන භූමිකාවෙන් ඈත් වූ කල ‘තමා කවුදැ’යි යන ස්වරූපය ජනතාවට පෙන්වන්නේ නම් එය ඉතා හොඳ පියවරක් ලෙස මා දකිනවා.

මම කවුද? ඇයි දේශපාලනයට එන්නේ? මට කළ හැකි සේවය කුමක්ද? යන අවස්ථාවන් ගැන කලාකරුවන් තමාවම අධීක්‍ෂණය කරගත යුතුයි. රඟන, වයන එක පසෙක තබා සත්‍ය ප්‍රතිරූපය තුළ ජනතා හිත දිනා ගතයුතුයි. අන්න එයයි ‘හරි දේශපාලනය.’ අනෙක බොහෝ දෙනකු තුළ යම් මතයක් තියෙනවා, කලාකරුවා පාර්ලිමේන්තු ගියාට පසු කලාකරුවනට සේවය කළ යුතුයි කියා. මම නම් එය අනුමත කරන්නේ නැහැ. අසාධාරණයක්. කලාකරුවකු වෙනුවෙන් ඉදිරිපත්ව යුක්තිය ඉටු කරන එක වෙනම දෙයක්. හැබැයි ‘කලාකරුවා’ කිසිවකුගෙන් යැපෙන්නට ඕනෑ නැහැ.

හම්බ කරන කාලයේදී තමාටය කියා යමක් ඉතුරුකර ගන්නේ නම් කලාකරුවා කාගෙන්වත් යැපෙන්නට ඕනෑ නැහැ. කෙටියෙන් කියනවා නම් කලාකාරයන්ව අගය කිරීම රජයකට අයිති කරුණක්, නමුත් රජය විසින් කලාකරුවාව බලාගතයුතු යැයි යන නියමයක් නම් නැහැ.
දමයන්ති රේණුකා ප්‍රණාන්දු

SendShareShare
Previous Post

Uber වෙතින් UberMedic

Next Post

මම පොඩි කාලේ සින්දු ඇහුවෙ පාරෙ ඉඳන්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.