• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රස අඩු – ගුණ වැඩි පතෝල

May 17, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රස අඩු – ගුණ වැඩි පතෝල
Share on WhatsAppShare on Facebook

පතෝල ලෙස ව්‍යවහාරයේ භාවිත වන මෙය ට්‍රයිකොසැන්තස් කුලයට අයත් ‘ට්‍රයිකොසැන්තස් කියුකමෙරීනා’ යන උද්භිද විiා නාමයෙන් හඳුන්වන වැල් විශේෂයකි. මෙම ශාක මහන්සියකින් තොරව ඉතා පහසුවෙන් තම ගෙවත්තේ වගාකර ගතහැකිය. ඒ සඳහා කුඩා ඉඩ ප්‍රමාණයක් වැය වුණද සිතට ප්‍රබෝධයක් දනවන, ගෙවත්තට බොහෝ අලංකාරයක් ගෙන දෙන වගාවකි. වැඩුණු ශාකවල වැලක පතෝල කරල් දෙයාකාරයකට හටගනී. ඒ සිහින් දිග කරල් සහ කොට මහත කරල් ලෙසිනි. දිගු පතෝල කරලක් මීටරයකට වඩා දිග වන අතර, කොට පතෝල කරලක් මීටර් 1/2කට අඩුය. පතෝල කරල දිගින් වැඩි නිසාම තරමක් උස මැස්සක් දැමීම කළ යුතුය. නොඓසේ නම් කරල බිම වැදී වර්ධනය බාල වනු ඇත.

මෙම පතෝල දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි එළවළුවක් වන අතර, හොඳින් හිරු එළිය මෙන්ම තෙත සහිත පසද ඉතා යෝග්‍ය වෙයි. පතෝල වැලක් වැවීමට තෝරා ගත් බිමෙහි ඇති පස් හොඳින් පෙරළා, බුරුල් කොට හොඳින් වියළුණු පරඬැල්, කොළ දමා පුලුස්සා පස ජීවාණුහරණය කරගන්න. ඉන්පසු පස නැවැත වරක් හොඳින් කොටා එයට වියළි ගොම, කොම්පෝස්ට් දමා හොඳින් මිශ්‍ර කර පාත්තිය සකස් කරගත යුතුය. ඉන්පසු පාත්තියේ අඩි 6න් 6ට කුඩා වළවල් හාරා නිසි ප්‍රමිතියෙන් යුතු පතෝල ඇට 5 බැගින් වළ තුළට දමන්න. එම පතෝල ඇට තරමක් වළ තුළ පසට යට කරන්න. දිනපතා හොඳින් ජලය අවශ්‍ය පමණට යොදන්න. සතියක් පමණ යන විට බීජ පැළවී වර්ධනය වනු දැකිය හැකිය. මෙහිදී හොඳින් නිරෝගීව වර්ධනය වන පැළය පමණක් තබා අනෙක් පැළ ඉවත් කර පතෝල වැල වර්ධනය වීමට අවශ්‍ය ලණු ආදිය ඇදිය යුතුයි. එමෙන්ම වර්ධනය වන පතෝල වැලේ කඳේ ඇති වන පාර්ශ්වික වැල් කපා ඉවත් කළ යුතුයි. පතෝල වැල ලණුව දිගේ ඇදෙන විට තරමක් උසින් මැස්සක් ගැසිය යුතුයි. එම මැස්ස සාමාන්‍යයෙන් මීටර් 2ක්, 3ක් අතර උසකින් යුක්ත විය යුතුයි. හොඳින් වැඩුණු පතෝල වැලක මාස 2ක් පමණ යන විට අස්වනු ලබා ගතහැකිය. පළමු අස්වැන්න නෙළා දින 5කින් පමණ දෙවැනි වටයට අස්වනු නෙළිය හැකිය. ළපටි පතෝල කරලක් අළු සුදු පැහැයට හුරුවන අතර, පතෝල කරල මේරීමේදී තද කොළ පැහැයට හැරෙනවා සේම කරල මත සුදු ඉරිද මතුවීම දැකිය හැකිය. අස්වනු ලැබෙන කාලයේ උෂ්ණාධික කාලගුණයක් පැවැතීම අස්වනු වැඩි වීමට හේතුවකි. පොහොර යෙදීමේදී කාත්‍රිම පොහොර භාවිතය හැකි පමණ අඩු කර කාබනික පොහොර පමණක් යෙදිය යුතුය. එහිදී වියළි ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදිය වැලේ මුලට තරමක් දුරින් යොදා හොඳින් ජලය සැපැයීම කළ යුතුයි.

පතෝල වැලට කෘමි අනතුරු අඩු අතර, ඉල් මැස්සාගේ හානිය ඇති වෙයි. එය වළක්වා ගැනීමට පතෝල කරල පොලිතින් උරයකින් ආවරණය කළ යුතුය.

පතෝලවල බහුලව ඇත්තේ ජලයයි. උදාහරණයක් ලෙස කිවහොත් පතෝල ග්‍රෑම් 100ක ජලය 95%ක් ඇත. නමුත් එහි ශක්ති කැලරි 55ක් ඇත. පතෝල ශ්‍රී ලංකාවටම ආවේණික නොවන අතර, අනෙකුත් ආසියාතික රටවල අප්‍රිකාව, ඕස්ටේ්‍රලියාව, ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැනි රටවල සාරව වැඬේ. පතෝල ව්‍යාංජනයක් ලෙසත්, අමුවෙනුත්, සලාදයක් ලෙසත් ආහාරයට ගන්නා අතර, මෙහි විශේෂත්වය වන්නේ පිසූ විට එක ගුණයකුත්, අමුවෙන් ආහාරයට ගන්නා විට තව ගුණයකුත් වීමයි. පතෝල මඟින් වාතය හා පිත සමනය වීමේ බලය මෙන්ම කෙඳි සහිත කොටස් නිසා ආහාර ජීර්ණයටද උදව් කරයි. බඩගිනි ඇති කරයි. තවද පතෝලවල මේරූ ඇට උදරයේ ඇති පණුවන් නසනු ලබයි. උණ රෝගයට ඉහළ ප්‍රතිශක්තිකරණයක් ඇති කරන පතෝල උණ සෑදුණු රෝගීන්ට බත් සමඟ කෑමට දීම පුරාණයේ සිටම පැවැතෙන සිරිතකි. පතෝල ව්‍යාංජනය හෝ සලාදය මුත්‍රා දැවිල්ලට, මලබද්ධයට, අධික වමනයට මෙන්ම කුෂ්ඨ රෝගයටද ඉතා සුව දෙන එළවළුවකි.

රුධිරයේ සීනි පාලනය, ගැස්ට්‍රයිටීස්වලට මෙන්ම අධික රුධිර පීඩනය වැනි නොපෙනෙන රෝග සඳහාද පතෝල දිව්‍ය ඖෂධයකි.

‘රසකුත් නැහැ, ගුණයකුත් නැහැ’ ලෙස සාමාන්‍ය ජනවහරේ පැවතුණද රසවත් ලෙස පිසගත් පතෝල ව්‍යාංජනයක හෝ සලාදයක බොහෝ ගුණ ඇති බව වටහාගත යුතුය. නොයෙකුත් අතුරු ආබාධ ඇති කරන පෙති වර්ගවලට යොමු වීමට වඩා ලෙඩක් සෑදුණු විට ස්වාභාවික තත්ත්ව යටතේ වැඩුණු ඖෂධීය ගුණයෙන් පිරිපුන් එළවළු භාවිතය බොහෝ වටිනා බවද සිත තබාගන්න.

තමන්ගේ ගෙවත්තේම පතෝල වැලක් සාදා ගෙදර පරිභෝජනයට ගැනීම, ඉතිරි අතිරික්තය වෙළෙඳපොළටදී අමතර ආදායමක් ලබා ගැනීම සිදුකරන්න. එවිට ඔබගේ හා ඔබගේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වනවාසේම, ආර්ථිකයද ඉහළ මට්ටමක පවත්වාගත හැකිය.

ආචාර්ය මංජුලා පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

කුඩු කිලෝ 225ක් ගෙනා කොස්ගොඩ තාරකගේ සිරකුටියට බුද්ධි අංශ පනී

Next Post

රාමනාදන්-කදිරගාමර්-බෙග් වෙසක්වලට කරපු දේ ඔබ දන්නවාද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.