වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබා සිටින කොස්ගොඩ තාරක හෙවත් තාරක පෙරේරාගේ සිර මැදිරිය බුද්ධි අංශ විසින් පරීක්ෂා කර ඇති බව දනගන්නට තිබේ.
එහිදී කොස්ගොඩ තාරක සිටි වාට්ටුවේ තිබී ජංගම දුරකතන 4ක් සහ සිම්පත් 05 ක් සොයාගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත්ව ඇත.
ඉකුත්දා වැලිසර, මහබාගේ ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ 225 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින් ජාවාරම සඳහා මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරක නැමැත්තා සහ මහර බන්ධානාගාරයේ රදවා සිටින සැකකරුවකු විසින් බවට ද චෝදනා එල්ල වී තිබිණ.