• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සාලිය – අශෝකමාලා සැඟව සිටි විස්මිත බැලුම්ගල

May 14, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සාලිය – අශෝකමාලා සැඟව සිටි විස්මිත බැලුම්ගල
Share on WhatsAppShare on Facebook

පුත්තලම සිට අනුරාධපුර මාර්ගය ඔස්සේ අනුරාධපුර දෙසට ගමන් කරන විට අපට හමුවන 17 කණුව හංදියෙන් වමට හැරී කිලෝ මීටර් 12ක් පමණ දුරක් ඝන වනාන්තරය මැදින් ගමන් කිරීමේදී ප්‍රථමයෙන් අපට හමුවන්නෙ ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් කැටිවූ පුරා විද්‍යාත්මක වටිනාකමකින් සමන්විත විලදගොඩ රජමහා විහාරස්ථානයයි.
මෙම විහාරස්ථානය ක්‍රි.ව. 4-5 වැනි කාලවලදී පෙර රජ දවස ඉදිවන්නක් බවට ඉපැරණි ඉතිහාස ග්‍රන්ථ සාක්ෂි සාධක මනාව හෙළිදරව් කරති.

මෙය සාලිය අශෝක මාලා සැඟව සිටි ලෙන ලෙස ජනවහරේ හැඳින්වේ.
ශිලා ලිපි දහයකට අධික ප්‍රමාණයක් මෙහි සටහන්ව ඇති අතර, පොදුවේ වහරල මිදීමේ ලිපි වශයෙන් හඳුන්වනු ලබන මේවා බොහෝ විට පඩි පේළි අසල සටහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව වහරල මිදීම යනු වහලුන් වහල් භාවයෙන් මිදවීම යන්න ඔහු විසින් අර්ථකථනය කර තිබේ.

දුටුගැමුණු රජු තම පුතණුවන් බැහැදැකීමට පැමිණි මොහොතේ විලඳ සමඟ මී පැණි ලබාදීම නිසාවෙන් එහි තිබූ විලඳ ඇට හා සමානව වෙහෙර විහාර ඉදිකරන ලෙස තම පුතුට අවවාද අනුශාසනා කළ නිසාවෙන් මෙය වර්තමානයේ විලදගොඩ ලෙසින් නම් කර ඇති බව ජන වහරේ සඳහන් වෙයි.

පසුව මෙහි තවත් විශේෂිත වූ වෙහෙර විහාර රැසක් එකල සිටි රජවරුන් විසින් බැතිසිතින් ඉදිකර ශාසනයට පූජා කර ඇති බව මනාව හෙළිදරව් වේ.

ඒ අනුව කලාවැව ඉදිකරවූ ධාතුසේන රජු විසින් ඉදිකරන ලද වෙහෙර විහාර 18ක් අතරින් මෙහි පිහිටා ඇති සල්වානා වෙහෙර, ගිරිපබ්බත වෙහෙර විශේෂ කොට සැලකිය හැක.

තවද මෙහි ගල් පඩි සහිතවූ සාලිය පොකුණ, අනුරාධපුර ලෝවාමහාපායට සමාන ගල් කණු කරු සහිත උපෝසථක ගෙය හෙවත් සීමා මාලකය, චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කරවන ලද බුදු පිළිමය, ඇතුළු කටාරන් කොටන ලද ලෙන් 60ක්ද මෙහි භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව සඳහා ඉදිකරන ලද පොකුණු කිහිපයකට අමතරව ගිනිහල් පොකුණ, අඩි දහඅටක් ගැඹුරැති දිය කෙමිය ඇතුළු තවත් විස්මිත වූ සුවිශේෂී නටබුන් රැසක්ද දැකිය හැකිය.

ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ අරුම පුදුම විස්මය දනවනසුලු විශ්ම කර්ම දිව්‍ය පුත්‍රයාගේ නව නිර්මාණයක් මෙහි පිහිටීම මුළු මහත් රටට පමණක් නොව ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ටද මහත්වූ ආඩම්බරයක් එක් කරන්නක් බව පැහැදිලිය.

එනම් විස්මය දනවන බැලුම් ගලයි. එය යන එන කොයි කාගේත් නෙත් සිත් පිනවන්නක්ව තිබේ.
උස අඩි 60ට ආසන්න විශාල ගල් පර්වතයක් පොළොව මට්ටමට සවි වී ඇත්තේ අඩියක් වැනි සුළු කොටසකින් කිවහොත් පුදුමය දනවනසුලුය. නමින් බැලුම් ගල යනුවෙන් හදුන්වනු ලබන මෙම ගල් පර්වතය එකල රහතුන් වහන්සේලා භාවනා කිරීම සඳහා ධ්‍යාන ලෙන් වශයෙන් උපයෝගි කර ගෙන ඇති බව මනාව පැහැදිලිය.

අක්කර 500ට ආසන්න භූමි වපසරියකින් සමන්විත වූ මෙම විහාර භූමිය එක් පසෙකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සීමා මායිම්වත්, තවත් පසෙකින් නීලබැම්ම ගොවි ජනපදයට සීමා මායිම්වත් පිහිටා ඇති අතර, මෙහි පෞරාණික වැව් 15ට අධික සංඛ්‍යාවක් පිහිටා තිබීම එහි ඇති සුවිශේෂිවූ ලක්ෂණයක්ව තිබේ.

එල්ලංගා පද්ධතියට හිමිකම් කියන ගස් ගොම්මන සහිත වූ මෙකී වැව් එකිනෙක පරයා ජලය රැගෙන යෑමේ ක්‍රියාන්විතය නිසි ලෙස ක්‍රමවත්ව සිදුකරන ආකාරය එහි යන කාගේත් නෙත් ඇද ගන්නාසුලුය.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි, කොටි, වලසුන්, මුවන්, ගෝනුන් ඇතුළු අපා දෙපා සිව්පාවුන්ගේ නිජ භූමිය කරගෙන ඇති මෙම විහාර භූමිය ඔවුන්ගේ පරම වාසස්ථානය බවට පත්ව තිබේ. කොටි ලෙන, ඇත් පවුර එයට කදිම නිදසුනක්ව තිබේ.

මෙහි වනවාසී භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කරන අතර, උන්වහන්සේලා ධ්‍යාන ලෙන් තුළ භාවනා යෝගීව වැඩ වාසය කරති.
කේ. ප්‍රියංකර කළුපහන

SendShareShare
Previous Post

ගෝඨාභයගෙන් ආදර්ශයක්: මාස 3ක වැටුප පරිත්‍යාග කරයි

Next Post

දේශපාලන දඩයම වහා නවතනු: සමගි ජන බලවේගයෙන් සැර නිවේදනයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.