• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම පොඩි කාලේ සින්දු ඇහුවෙ පාරෙ ඉඳන්

May 17, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මම පොඩි කාලේ සින්දු ඇහුවෙ පාරෙ ඉඳන්
Share on WhatsAppShare on Facebook
යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ 
ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්

ඒ සුමියුරු ගීත රාවය අදටත් අපටත් අමතකව නැත. හැබැයි ඒ සොඳුරු හඬ අවදි කරවීමට දහසක් දුක්ගැහැට මැද ජීවිතය ගෙවූ ආදරණීය ගායන ශිල්පියෙක් සිටියා. ගමේ ගොඬේ දුවපනිමින් පුංචි ගෙපල තුළ ගී ගයද්දී තම හඬට රටක් ආදරය කරාවි යැයි නොසිතූ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ජීවිතයේ ගෙවුණු මතකයන් ගැන කතා කරන්නට අපිට හිතුණා.
ඔබේ ළමා අවධිය ගෙවුණේ ගමක. ඒ සොඳුරු අවධිය ගැන කතා කළොත්?
යටියන්තොට ගරාතොට ගමේ තමයි මගේ ඒ සොඳුරු අවධිය ගෙවුණේ. මම අධ්‍යාපනය හැදෑරුවේ යටියන්තොට ගරාතොට සිංහල කනිෂ්ඨ විiාලයේ. දැන් වගේ නෙවේ පාසල ඇරුණ ගමන් යාළුවෝ සෙට් එකත් එක්ක අපි කරන්නේ ඇළක, දොළක පැනලා නාන එක තමයි.
ඔබගේ කලා කුසලතා උපන්නෙත් ඔය කියපු යටියන්තොටින්මද?
පුංචි කාලේ ඉඳලම මම පැරැණි ගීත මුමුනන පුරුද්දක් තිබුණා. මගේ අම්මයි, තාත්තයි හවසට අපිවත් එකතු කරගෙන ගීත ගායනා කරනවා. මගේ අම්මාට, තාත්තාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. මගේ ගෙදර හවසට ඉතින් සතුට පිරුණු කලාගාරයක්.
කොහොමද ඒ කාලේ ජීවිතය?
ආර්ථික පැත්ත නැතුවාමත් නොවේ. මගේ තාත්තා මේසන් වැඩ කළේ. මගේ අම්මා උදේ සවස රබර් කිරි කැපුවේ. ඉතින් මොන අඩුපාඩුකම් තිබුණත් අපේ පවුල හැමදාමත් සතුටින් හිටියේ. පාසලෙන් ඉවත් වුණාට පස්සේ මොකද කළේ?
මගේ දක්‍ෂතාව දැන හඳුන ගත්තා මගේ මව්පියෝ සහ ගමේ පිරිස නිතර දෙවේලේ මගේ සින්දු අහලා මට ප්‍රශංසා කරනවා ඉදිරියටම යන්න කියලා. ඉතින් 1979 ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායමකට බැඳෙන්න කියලා ෂර්ලි වෛජයන්ත මට යෝජනා කළා. ඔහු මට ගොඩාක් උදව් කළා. මම ඉතින් අයැදුම්පතක් දැම්මා.
ජාතික තරුණ සේවා සභාවේ තෝරා ගැනීමේ තරගයේදී මොකද වුණේ?
අයැදුම්පතට ලිපියක් ආවා තෝරාගැනීමේ තරගයට ඉදිරිපත් වෙන්න කියල. ඇත්තටම මට එහිදී ලොකු බයක් දැනුණා. හැබැයි මගේ දක්‍ෂතාව මම දැන හඳුනාගෙන හිටියේ. විවිධ අය සංගීත කණ්ඩායම් සමඟ පැමිණ හිටියා ගීත ගායනා කිරීමට. හැබැයි ඔවුන්ට මට තරම් ගායනා කරන්න බැරි බව මම එහිදී තේරුම් ගත්තා. නොබියව මම තරගයට ඉදිරිපත් වුණා.
ඔබේම ගීතයක්ද එහිදී ගායනා කළේ?
ඔව්. මගේ පද රචනයෙන්, සංගීතයෙන් නිමවුණු ‘ජය භූමි ශ්‍රී ලංකා දේශාභිමානී’ ගීතය මම සංගීතය සපයමින් ගායනා කළා.
ඉතින් ඊට පස්සේ?
පස්සේ ඉතින් මගේ ගෙදරට ලිපියක් ආවා කෑගල්ලේ දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා විදියට මම තේරී පත්වුණා කියා. නැවැත දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථමයා තෝරලා කොළඹ ජිනරතන පුහුණු මධ්‍යස්ථානයේ නැවැත තරගයක් තිබෙන බව එහි සඳහන් කරලා තිබුණා. එයට සහභාගි වුණු අවස්ථාවේ විනිශ්චය මණ්ඩලයට හිටියේ සෝමදාස ඇල්විටිගල මහතා සහ තවත් කිහිප දෙනකු තමයි. ඔවුන් මගේ ගීත අහලා මට ගොඩාක් ප්‍රශංසා කරලා මට සුබ පැතුවා. එදත් ලොකු තරගයක් තිබුණා. දින කිහිපයකට පසු ගෙදරට ලිපියක් ආවා යෞවන සම්මාන උළෙලේ ප්‍රථමයා ලෙස මම තේරුණ බවට සඳහන් කරලා.
ඉන්පසුද එළිමහන් ප්‍රසංග කලාවට පිවිසියේ?
ඔව්. තවලම, සීත කඳුයායෙ, යෙහෙළියක සේ, ලොව සත හට සෙත සෑදේ ගීත මම එළිමහන් ප්‍රසංග වේදිකාවේ ගායනා කළා.
තවලම කැසට් එක එළියට ආවේ ඔය කාලයේද?
මගේ සින්දු ගොඩාක් ජනප්‍රිය වුණා. මගේ මුල්ම කැසට් එක තවලම නමින් නිර්මාණය කළා. මමත්, සෝමසිරි මැදගෙදරත්, චන්ද්‍රලේඛාත් එකතුවෙලා ගීත ගායනා කළා. ඔය විදියට කැසට් පට දහතුනක් විතර නිර්මාණය කළා. පසුකාලීනව කැසට්පටවලින් පසු සංයුක්ත තැටි පහළොවක් විතර නිර්මාණය කළා.
ඔබේ කැසට් සහ සී.ඩී. තැටිවලට හොඳ අලෙවියක් ඔය කාලවකවානුවේ තියෙන්න ඇති?
අනිවාර්යයෙන්ම නිතර දෙවේලේ මාධ්‍යවල මගේ ගීත ප්‍රචාරය වුණා. හොඳ අලෙවියක් තිබුණා. ඔය කාල වකවානුවේ දෙස්, විදෙස් ප්‍රසංගවලට මට හොඳ ඉල්ලුමක් තිබුණා.
ඔබේ ගීතවලට මුලින්ම අය කළේ කීයද?
ගුවන්විදුලියේ කර්තෘ භාගය වෙනුවෙන් මට රුපියලක් තමයි මුලදිම ලැබුණේ. ඒ රුපියලත් තුන්දෙනෙක්ට බෙදෙනවා. සරල ගී කළොත් රුපියල් දෙසිය පනහක් විතර ලැබෙනවා. සමහර අවස්ථාවල ඔබව මුළාවට හසුවුණු අවස්ථාත් ඇති නේද?
ඔව්. ඉතින් මුල් කාලයේ කලාව ගැන ලොකු දැනුමක් නැහැ. ගී පද ලියලා දෙන්න කිව්වත් සමහරු ලියලා දුන්නේ නැහැ. බැරිම තැන මට හොඳට ලියන්න පුළුවන් නිසා මගේ ගීත මමම නිර්මාණය කළා. තවත් සමහර අවස්ථාවල ගී තැටි ගහලා දෙන්නම් කියලා මගේ සල්ලි ගත්තා. අවසානයේ සල්ලිත් නැහැ, ගී තැටිත් නැති වුණා. හැබැයි මට කැපිලි කෙටිලි තිබුණේ නැහැ.
පසුකාලීනව ඔබත් හින්දි ගීත කොපිකරණයට යොමුවුණා නේද?
තරුණ සේවා සභාවේ සභාපති චරිත් රත්වත්ත මහතාට වුවමනා කළේ නව ගීත කලාවක් හඳුන්වා දීමට. ඉතින් හින්දි ගී අනුකරණය කරමින් ගීත නිර්මාණය කළා. හරිම ලස්සන විදියට ගීත නිර්මාණය වුණා. ඒ ගීත අදටත් ජනප්‍රියම තලයේ ගීත බවට පත්ව තිබෙනවා.
එතරම් ජනප්‍රිය ඔබ චිත්‍රපට පසුබිම් ගායනයට යොමු නොවුණේ ඇයි?
ඔය කාලේ චිත්‍රපටවලට ගීත ගායනා කිරීමට බැඳුණු පිරිසක් හිටියා. ඒ රාමුවෙන් ඔවුන් පිට පැන්නේ නැහැ. ඉතින් තරග කරලා වැඩක් නැති නිසා මම මගේ පාඩුවේ හිටියා. සමහරවිට මගේ හඬ සිනමාවට ඔබින්නෙ නැතුව ඇති.
ඔබ නොමිලේ ප්‍රසංග පවත්වන්නේ ඇයි?
මගේ මුල් අවධියේ ගෙවුණු ජීවිතය මට අමතක කරන්න බැහැ. මට ඒ කාලේ පුදුම ආශාවක් තිබුණා එළිමහන් ප්‍රසංග නරඹන්න. ඒත් මට ප්‍රවේශපත්‍රයක් ගන්න වත්කමක් තිබුණේ නැහැ. ප්‍රවේශ පත්‍රයක් නැති නිසා සංවිධායකවරුන් මාව ඇතුළට ගන්නේ නැහැ. ඉතින් මම කරන්නේ පාරට වෙලා ඉඳගෙන සින්දු අහපු එක තමයි. එදා මම ඒ විඳපු වේදනාව වෙනුවෙන් මම හිතුවා අවුරුදු පහකට සැරයක්වත් ප්‍රසංගයක් පවත්වලා මගේ ජනතාවට එය නොමිලේ රසවිඳීමට ඉඩකඩ සලස්වන්න. ඉතින් මම මේ ප්‍රසංගය පවත්වන්නේ තරුණ සේවා සභාවේ තමයි. තරුණසේවා සභාව එක්ක මගේ තියෙන්නේ ලේ බැඳීමක්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කලාකරුවන්ගේ දේශපාලනයේ හොඳ නරක

Next Post

කුඩු කිලෝ 225ක් ගෙනා කොස්ගොඩ තාරකගේ සිරකුටියට බුද්ධි අංශ පනී

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.