• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේ තමයි ඒ ලීලසේන

May 17, 2020
in Heart
Reading Time: 1 min read
A A
මේ තමයි ඒ ලීලසේන
Share on WhatsAppShare on Facebook

කැපවීමෙන් යුතුව තම දක්ෂතාව ප්‍රගුණ කරමින් වීදි නාට්‍ය කලාවෙන් උපන් හීන්දෑරි කොලු ගැටයෙක් කාලයකට පස්සේ ජනප්‍රිය තරුවක් වෙනවා. රූපයට වඩා තම දක්ෂතාවෙන් ජනතා ආදරය දිනා ගත් ඔහු ලීලසේන චරිතය හරහා අතිශය ජනප්‍රිය වෙනවා. ඔහු නමින් සමන් හේමරත්න. අද ඔහු පුංචි තිරයෙන්, සිනමාවෙන් කලාවෙන් දුරස් වෙලා ගිහින් ද කියලා අපට හිතුණා. ඒ කරුණු කාරණා ගැන අපි ඔහුත් සමඟ කතා බහ කළේ මේ විදිහට.
ඉතින් කොහොමද ජීවිතේ?
සුපුරුදු පරිදි කලා කටයුතු කරගෙන සතුටින් ඉන්නවා.
මොකක්ද සමන් මේ ශිෂ්ටාචාරයේ අවසන් මිනිසාගේ කතාව?
මම කලාවට ඇවිත් අවුරුදු තිස්පහක් පමණ වෙනවා. ඉතින් අද වෙනකම් මට මගේම කියලා නිර්මාණයක් කරන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මේ වසරේ වේදිකාවට නිර්මාණයක් කරන්න. ඒ වෙනුවෙන් තිලක් නන්දන හෙට්ටිආරච්චි රචනා කළ ශිෂ්ටාචාරයේ අවසන් මිනිසා වේදිකාවට ගේන්න තමයි සැලසුම.
ශිෂ්ටාචාරයේ අවසන් මිනිසාට එකතුවන පිරිස කවුද?
දීපානි සිල්වා, නිරෝෂන් එදිරිමාන්න, තාර්නි රෝෂණී, සුනිල් තිලකරත්න, සංගීත සරත් කුලාංග සහ ප්‍රභාත් ආලෝක, නිෂ්පාදනය උපාලි පෙරේරා. පුංචිම පවුලක් එකතුවෙලා ශිෂ්ටාචාරයේ අවසන් මිනිසා වේදිකාවට ගේනවා. අමිල ප්‍රභාත් තමයි වේදිකා පරිපාලනයෙන් අප සමඟ එකතු වන්නේ.
ඔබේ ගමන පටන් ගන්නේ වීදි නාට්‍ය කලාවෙන් නේද?
මගේ වීදි නාට්‍ය කලාවට අවුරුදු තිස්පහක් වෙනවා. අදටත් මම වීදි නාට්‍යවල රඟපානවා. වීදි නාට්‍ය කලාවට මාව ගෙනාවේ නිමල් චන්ද්‍රසිරි මහතා. ඔහු ගාමිණී හත්තෙට්ටුවෙ ගමගේ වීදි නාට්‍ය කණ්ඩායමට මාවත් සම්බන්ධ කළා. එය හරිම සුන්දර නිදහස් රංගනයක්. එයින් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මැරෙන තාක්කල් මම වීදි නාට්‍ය රඟපානවා. එය රැක ගැනීමයි අපේ යුතුකම.
ඔබ ඔය වීදි නාට්‍ය කලාවට යොමුවුණ කාලවකවානුවේ රටේ රටේ දරුණුම භීෂණම කාලවකවානුවක් නේද?
ඇත්තටම ඔව්. 88, 89 වර්ෂවල දරුණුම භීෂණම කාලවකවානුවක්. වීදි නාට්‍ය කරනවා තියා පාරෙ බැහැලා ඉන්න බැරි තත්ත්වයක් තිබුණා. ලංකාවේ සියලුම කටයුතු ඇනහිටලා පාරෙ යන්න බැරි වාතාවරණයක් තිබුණේ. එළියට බැහැලා ගියොත් ගෙදරට එනකම් ෂුවර් නැහැ. ඔය කාලවකවානුවේ උතුරේ රාහුල, ධවල භීෂණය වේදිකා නාට්‍ය සහ වීදි නාට්‍ය විතරයි තිබුණේ. ඒත් කලාවට තිබුණු ආදරය නිසා අපේ ගමන නතර වුණේ නැහැ.
වීදි නාට්‍ය කලාව රැගෙන යන ඔය කාල වකවානුවේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?
ඔය කාලේ අපට බස් එකක යන්නවත් සල්ලිවත් නැහැ. ගාල්ලට කෝච්චියේ ගියේ හොරෙන්. ඔය යන විට බූස්ස කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ දහ අට දෙනෙක් අමු අමුවේ මරා දමා තිබුණා. පසුව අපි ගාල්ලට ගිහින් ටවුමේ වීදි නාට්‍ය කළා. ඔය අතර අපට කිහිප දෙනෙක් කිව්වා ඉන්න එපා මෙහෙ හැකි ඉක්මනින් මෙතැනින් යන්න කියලා. එය අමතක නොවන සිද්ධියක්.
ජීවිතයත්, මරණයත් අතර තමයි අප මේ උතුම් කලාව රැකගෙන ආවේ. ඒ රැකගෙන ආ මේ වීදි නාට්‍ය කලාව මතු පරපුරට අපි භාර කරනවා ඉදිරියට රැගෙන යන්න කියලා.
ඔබ අපට පුංචි තිරයේ හමුවන්නේ ලීලසේන හරහා?
අදටත් ලීලසේන ජීවමානයි. නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍ය හරහා තමයි මම ජනප්‍රිය වුණේ. එදායින් පසු හැමෝම මට කතා කළේ ලීලසේන කියලා. අදටත් මඟ තොටදී ලීලසේන කියා කටපුරා හිනා වෙමින් කතා කරනවා.
පසුකාලීනව ඔබේ ඒ ජනප්‍රියතාවට වැඩි මුදලක් අය කරන බව කටකතාවක් පැතිරුණා. ඒ කතාව ඇත්තක්ද?
ඔය කතාව අමූලික බොරුවක්. ජීවිතයත් මරණයත් අතර ආ මේ කලාවට ආවේ මුදල් හම්බ කරන්න නොවේ. ජීවත් වීමට මුදල් අවශ්‍යයි. නමුත් සමහර නිර්මාණවල මම නිකම් රඟපෑවා. තවත් නිර්මාණවල මුදල් කතාබහ කරලා සාධාරණ විදියට අය කරලා රඟපෑවා. මටත් ඔය ආරංචිය ආවා මම ලොකු මුදලක් අය කරන නිසා නිර්මාණවලට ගන්න එපා කියලා.
ගොඩ දෙනෙක් උත්සාහ කළා ඔබව ලීලසේන චරිතය විදියට තවත් නිර්මාණවලට කොටුකිරීමට?
ඔව්. ගොඩක් උත්සාහ කළා මාව ඒ චරිතය හා සමාන චරිතවලට කොටුකිරීමට. ගිරිකුළ, සමනල කඳවුර, සුබ දවසක්, මහා රජ ගැමුණු විශිෂ්ට ගණයේ නිර්මාණවල මම සුවිශේෂී චරිත නිර්මාණය කළා. හාත්පසින්ම එකිනෙකට වෙනස් චරිත.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මාධ්‍යට සුජීවගෙන් ප්‍රහාරයක් (VIDEO)

Next Post

කොමර්ෂල් බැංකුවෙන් ණය අක්‍රීය වූ ගැනුම්කරුවන්ට සහන

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.