• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංසුපතිනියෝ තහනම් වෙයිද

May 9, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ලංසුපතිනියෝ තහනම් වෙයිද
Share on WhatsAppShare on Facebook

‘කෝවිඞ්-19’ උවදුරත් සමඟ අතරමඟ නතර වූ ටෙලිනාට්‍යන් අතර ‘ලංසුපතිනියෝ’ද ජනප්‍රියම ටෙලිනාට්‍යයකි. බොහෝ විට බොහෝ දෙනකුගේ ආකර්ෂණයට සහ කතාබහටද ලක් වූ ‘ලංසුපතිනියෝ’ බලාපොරොත්තු නැති විදියට නතර වූයේද ප්‍රේක්‍ෂකයන් හමුවේ යම් කුතුහලයක් ඉතිරි කර තබමිනි. කාලයත් සමඟ සියල්ල සමථයකට පත්වූ පසුව ‘ලංසුපතිනියෝ’ හී රූගත කිරීම් නැවැත ආරම්භ වන බව එහි නිෂ්පාදක සාරංග දිසාසේකර ‘හාට්’ විශේෂාංගයට පැවසුවේ පසුගිය සතියේය.
‘තාවකාලික විරාමයත් සමඟ ‘ලංසුපතිනියෝ’ හී තිර නාටකයෙහි හෝ යම් වෙනසක් සිදුවේවිද?
ප්‍රේක්‍ෂකයන් ‘ලංසුපතිනියෝ’ වෙත දැක්වූ ආකර්ෂණය හෝ කුතුහලයට යම් හානියක් සිදුවේද?
සාර්ථක රංගනයක යෙදී සිටි එහි රංගවේදීන්ගේ ‘යථාර්ථවාදී ගැම්මට’ කොරෝනාව මූලිකව ඇති වූ විරාමයේදී යම් පසුබෑමක් සිදුවිය නොහැකිද?
යන ප්‍රශ්නයත් සමඟ ප්‍රවීණ රංගවේදී සාරංග දිසාසේකර හෙවත් ‘කෙහෙල් සුසා’ හාට් සමඟින් තවදුරටත් දොඩමළු වූ මොහොතක් වෙතයි ඔබ මේ පිවිසෙන්නේ.
බලාපොරොත්තු නොවූ ඇබැද්දියකටයි ‘ලංසුපතිනියෝ’ මුහුණ පෑවේ?
මොනවා කරන්නද? කාලය හෝ ජීවිතය විසින් තිළිණ කරන, අපට මුහුණ පාන්නට සිදුවන හොඳ – නරක සියල්ලට අප මුහුණ දිය යුතුයි. අනෙක මේ සංසිද්ධිය මට විතරක් නෙවෙයි තව බොහෝ කලාකරුවනට නොසිතූ විරූ බලපෑම් ඇති කොට තිබෙනවා. අනෙක කලාකාරයන් ලෙස අපි වාගේම මුළු රටම මුළු ලෝකයම මේ අවිනිශ්චිත තත්ත්වය හමුවේ අසරණව සිටිනවා. පරෙස්සම් වී බලා සිටිනවා හෝ ඉවසනවා හැරෙන්නට වෙනත් විකල්පයක් අපට නැහැ.
‘ලංසුපතිනියෝ’ නැවැත පැමිණෙනතුරු ප්‍රේක්‍ෂකයන්ටත් ඉවසන්න වෙනවා නේද සාරංග?
අනිවාර්යයෙන් ඒක එහෙමයි. සියල්ල සමථයකට පත්වන තුරු ‘අපේ වැඬේ ප්‍රමාදය’ කියන සිතුවිල්ල මත කලබල වෙලා රටේ නීතියට එරෙහිව යන්න අපට බැහැ. අපි ගැන වගේම අප අන් අය ගැනත් සිතිය යුතු මොහොතක් එළැඹිලා තියෙන්නේ. අන්න ඒ නිසා සියල්ල නැවතුණු තැනින් පටන් ගන්නට නම් රට කොරෝනාව හමුවේ ස්ථාවර විය යුතුයි. ඉන්පසු අපට පුළුවන් සුපුරුදු විදියට අපේ ගමන යන්න.
ඒ වන විට ප්‍රේක්‍ෂකයන් තුළ ‘ලංසුපතිනියෝ’ කෙරෙහි වූ කුතුහලය වියැකී යයිද?
හොඳ ප්‍රශ්නයක්, ඇත්තෙන්ම එවැන්නක් සිදුවන්නේ නැතැයි කියන්නට අපහසුයි. ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට, මමත් ලංසුපතිනියෝහි අධ්‍යක්‍ෂතුමා ඇතුළු අපේ ටීම් එක බලාපොරොත්තුව සිටිනවා.
ඒ කියන්නේ ලන්සුපතිනියෝ නැවැත මුල සිට විකාශනය කරන්න බලාපොරොත්තු වෙනවාද?
අපොයි නැහැ. අපි හිතාගෙන ඉන්නේ දවසක් හෝ දෙකක් තුළ අපට හිමිව තිබෙන වේලාව තුළ ‘ලංසුපතිනියෝ’ ගැන නැවැත මතක් කිරීමක් සාරාංශමය වශයෙන් විකාශනය කරන්නටයි.
ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 9.00 වේලාව ඒ වෙනුවෙන් ‘ලංසුපතිනියෝ’ට ලැබෙයිද?
ඔව්. ඒ අපට මුලින් ලැබුණු වේලාවයි. පසුවටද එය ලංසුපතිනියෝ වෙනුවෙන්ම වෙන් වෙනවා.
‘ගිම්හානේ සඳ’ අතරමඟදී නතර වන බවද ඔබ ඔය කියන්නේ සාරංග?
නැහැ. ‘ගිම්හානයේ සඳ’ ටෙලිනාට්‍ය මේ වේලාව සඳහා තෝරා ගත්තේ එය සීමිත කොටස් ගණනකින් සමන්විත වූ නිසයි. ලංසුපතිනියෝ නැවැත පැමිණෙන විට එය අවසානය කරා පැමිණ අවසානයි. ඒ නිසා කිසිවකුට එයින් අසාධාරණයක් සිදුවන්නේ නැහැ.
ලංසුපතිනියෝහි රංගනවේදීන් මේ විරාමය තුළ යම් පසුබෑමකට ලක්විය නොහැකිද?
ඔබේ ප්‍රශ්නය මට පැහැදිලි මදියි මං හිතන්නේ.
දක්‍ෂ රඟපෑමක නිරතව සිටි ‘ලංසුපතිනියෝ’හි රංගනවේදීන්ගේ ඒ ‘ගැම්ම’ මෙම විරාමය මත හීනව යන්නට ඉඩ තියෙනවා නේද?
ඇත්තෙන්ම එයද ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඔබ කියනව වාගේම එවැන්නක් සිදුවන්නේ නැතැයි කියන්නට බැහැ. ඒ වෙනුවෙන්ද අප යමක් කිරීමට සැලසුම් කරගෙන තමයි ඉන්නේ. නැවැත රූගත කිරීම් ආරම්භ කරන්නට පළමුව ‘ටීම්’ එකක් විදියට අපි හැමෝම එකතු වෙන්න තම තමන්ගේ චරිත ගැන කතා කරන්න, ඉදිරියේදී කතාව ගලාගෙන යන අන්දම ඒ අයට පහදන්න මෙතෙක් ඒ ඒ අය රඟපෑ ස්වරූපයන් ගැන සමාලෝචනයක යෙදෙන්න අවශ්‍ය පසුබිම සැකසීම තමයි ඒ සැලැස්මේදී අප බලාපොරොත්තු වන්නේ. නිෂ්පාදක සහ කෙහෙල් සුසා ලෙස සාරංග දිසාසේකර වන මමද මගේ චරිතය ගැන සහ මම ඉදිරිය කළ යුතු දෑ පිළිබඳව අධ්‍යයනයක යෙදීමට නියමිතයි.
කතාවෙහි අවසානය පෙර සිතා සිටියාට වඩා වෙනස් වෙනවාද?
කතාව ලියා අවසානයි. එහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.
විරාමයක් පැමිණි නිසා විකාශනය මඳක් දිගුවීමට ඉඩ තිබෙනවද?
කොහෙත්ම නැහැ. මුල සිටම ‘ලංසුපතිනියෝ’ කොටස් 110ට විතර පමණයි සීමාව තිබුණේ.
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ‘ලංසුපතිනියෝ’ට චෝදනා එල්ල වී තිබෙනවා නේද?
ඔව්, සමාජ ජාලා ඔස්සේ අපට චෝදනා කර තිබුණා ‘ස්ත්‍රී ගෞරවයට හානි කරනවා කියා. ඒ ‘ලංසුපතිනියෝ’ ගැන ඔවුන් දුටු ආකාරයයි. ඒ වගේම ඕනෑම මතයක් ප්‍රකාශ කරන්නට ඔවුනට නිදහස තිබෙනවා.
ඒ වගේම මම මෙතැනදි මගේ අදහසක් ප්‍රකාශ කරන්නම්. ‘ස්ත්‍රිය’ යන චරිතයට අප බොහෝ ගරු කළ යුතුයි. එය අවිවාදාත්මකයි. නමුත් ‘ලංසුපතිනියෝ’ වෙතින් ස්ත්‍රීත්වයට හානි සිදුවූවා යැයි පැවසීම වරදක්… මොකද? ශ්‍රී ලංකාව කියන්නේ තාත්තා අතින් තමන්ගේ දුවත් දූෂණයට ලක්වන රටක්. ඒ වගේම යොවුන් කෙල්ලන් මෙන්ම විවාහක තරුණ බිරින්දෑවරුන්ද, ‘ෆේස්බුක්’ මාධ්‍යය ඔස්සේ බොහෝ විට මායාවන්ට හසුව ජීවිතය විනාශ කරගත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ලංසුපතිනියෝ තුළින් අපට වුවමනා වූයේ ‘කාන්තාව’ මායාවට හසුවූ විට සිදුවන්නාවූ ව්‍යසනය ගැන යම් පණීවුඩයක් සමාජයට දෙන්නටයි. එලෙසම එවැන්නක් විකාශනය කරන විට ඊට ගැළපෙන සිදුවීම්ද අවශ්‍යයයි. ඉහත මා කිවා සේ තාත්තා තමන්ගේ දුවව දූෂණය කරන රටක ‘ලංසුපතිනියෝ’ වැනි කතා පුවතක් හුවා දැක්වීමට අවැසි දසුනක් නිසා ‘ස්ත්‍රීත්වයට හානි සිදුවෙනවා’ යැයි කියන කාරණය මගේ අදහසට අනුව නම් සාධාරණ වන්නේ නැහැ. සාදාචාරයට පටහැනි වේ යැයි සිතා අප යටපත් කරන්නට තනන යම් අපයෝජකයන් සහ ‘ස්ත්‍රී හිංසනයන්’ ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීමෙන් සිදුවන හානිය ඉතා අප්‍රමාණයි.
‘ලංසුපතිනියෝ’ සාර්ථකත්වය දරා ගන්නට බැරි පිරිසක් ඔබට විරුද්ධව මෙය කලා වන්නට බැරිද?
නැහැ. මම එහෙම හිතන්නෙ නැහැ. යම් නිර්මාණයක් කෙරෙහි එල්ල වන අදහස් විවිධාකාරයි. එතැන නිග්‍රහ මෙන්ම පැසසුම්ද තිබිය හැකිය. ඒ වගේම යම් නිර්මාණයක් සාර්ථක වන්නට නම් පැසසුම් සමඟ විවේචනද අවශ්‍ය වෙනවා. ඒ නිසා විවේචන සහ චෝදනා හමුවේ සසල වීම මම කිසිසේත්ම අනුමත කරන්නේ නැති බව කිවයුතුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

SDB බැංකුවෙන් කොවිඞ් සහන වැඩපිළිවෙළට සහාය

Next Post

සිංහල සිනමාවේ අමරණීය පෙම් යුවළ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.