සුඛෝපභෝගී හා ආකර්ෂය පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් හිමිකරගෙන තිබෙන දංකොටුව පෝසිලේන් පීඑල්සී මෙරට පෝසිලේන් වෙළෙඳපොළ තුළ නවමු වෙනසක් සිදු කරමින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා නවතම පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් Customized Steam Inhaler හඳුන්වාදී තිබේ. මේ වන විට සමස්ත දිවයිනම මුහුණ දී තිබෙන කොරෝනා වසංගතය මෙන්ම අනෙකුත් සියලුම ශ්වසන රෝගයන්ගෙන් වැළකීම උදෙසා වන මූලික ප්‍රතිකාරයක් වන වාෂ්ප ආශ්වාස (inhaling) කිරීම සඳහා මෙම නවෝත්පාදිත නිෂ්පාදනය නිර්මාණය කර ඇත. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය වෛද්‍ය චරිත් නානායක්කාර මහතාගේ සැලසුම් සහ මග පෙන්වීම යටතේ නිපදනවන ලද මෙම පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය කොරෝනා වෛරස් රෝගයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථානවල භාවිතය උදෙසා දැනට නිකුත් කර තිබේ.
දංකොටුව පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය භාවිතා කිරීමට ඉතා පහසු වන අතර විවධ වූ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග තත්ත්වයන් වැළැක්වීම සඳහා නිවෙස්දීම භාවිතා කළ හැකි වන පරිදි නිපදව තිබේ.











