SDB බැංකුව ආරම්භක අවධියේ සිටම රටේ අර්බුදකාරී අවස්ථාවන්හිදී මෙන්ම විපත්වලදී ශක්තිමත්ව නැඟී සිටිමින් රට ගොඩනැඟීමට සහාය දැක්වීම නිරතුරුවම සිදුකරනු ලබන්නකි. SDB බැංකුව සහ එහි කාර්ය මණ්ඩලය විසින් මෙරට සමාජ සුබසිද්ධිය උදෙසා ආරම්භ කරන ලද කොවිඞ් 19 අරමුදලට ඔවුන්ගේ අප්‍රේල් මස දිනක වැටුපෙන් හරි අඩක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.
කාර්යමණ්ඩලයේ එම පරිත්‍යාග මුදලින් මුල්ලේරියාව මූලික රෝහල සඳහා සැහැල්ලු විiුත් මෝටර් රථයක් මිලදී ගෙන පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. රෝහල් අධ්‍යක්ෂ, වෛi ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ SDB බැංකුවේ එම පරිත්‍යාගය පිළිබඳ ස්තුතිපූර්වක වන බවත්, බලවත්ව පැවැති අවශ්‍යතාවක් වූ මෙය සපුරා දීමට හැකිවීම මගින් මේ මොහොතේ කොවිඞ් 19 රෝගීන් සඳහා සිදුකරන ප්‍රතිකාර කටයුතු පහසු කරගැනීමට සුවිසල් කාර්යභාරයක් ඉටුවන බවයි.
රෝහලට රෝගීන් ඇතුත් කරන අවස්ථාවේ සිට වාට්ටු සඳහා කඩිනමින් යොමු කිරීමට මෙම සැහැල්ලු විiුත් මෝටර් රථයක අවශ්‍යතාව දැඩිව පවතින බව මුල්ලේරියාව රෝහල මගින් පසුගියදා සන්නිවේදනය කර තිබිණි. මෙම පහසුකම නොමැතිකමින් රෝහල් කාර්ය මණ්ඩලයට පවත්නා තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවන්ට මුහුණදීමට සිදුවිය. රෝහල් අධ්‍යක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ මෙම සැහැල්ලු විiුත් මෝටර් රථය ආධාරයෙන් ඉතා කාර්යක්ෂමව කොවිඞ් 19 රෝගීන් වාට්ටු කරා රැගෙන ගොස් ආරක්ෂාකාරීව ප්‍රතිකාර කටයුතු සඳහා යොමුකළ හැකි බවයි.











