කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සදහා සෙලාන් බැංකුවෙන් රුපියල් කෝටි 2ක අරමුදලක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
සෙලාන් බැංකුවේ සේවකයන්ගේ දිනක වැටුප ඊට පරිත්‍යාග කර ඇති අතර බැංකුව මගින් ඉතිරි මුදල පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙහි පළමු පියවර වශයෙන් බස්නාහිර පළාතේ රාජකාරීවල නිරතව සිටින සියලුම පොලිස් නිලධාරීන්ට ප්ලාස්ටික් මුහුණු ආවරණ 5000ක් ලබා දීමට කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතාද එක්ව සිටියේය.















