• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න ආණ්ඩුවේ අලුත් ආර්ථික මොඩලය

May 7, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
මෙන්න ආණ්ඩුවේ අලුත් ආර්ථික මොඩලය
Share on WhatsAppShare on Facebook

COVID 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් හදුන්වා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

එම වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායට පවරා ඇති ජනාධිපතිවරයා, විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසට ඊට උපදෙස් ලබා දී ඇත.

මැයි 11 දා සිට යළි යථා තත්වයට පත් කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකය ද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රථම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ඊට අමතරව ආණ්ඩුවේ නව ආර්ථික ප්‍රතිපත්තිය මෙසේය.

COVID 19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇත.

COVID 19 මර්දනයට ශ්‍රී ලංකාව ගත් විධිමත් ක්‍රියාමාර්ග සෙසු රටවලට පෙන්වා දෙමින් දේශීය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා (medical tourism) සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට පිළිවන.

අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය සහතිකයක් සමග වීසා නිකුත් කර වැඩියෙන් වියදම් කිරීමේ හැකියාව ඇති සංචාරකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කළයුතුය.

ඇතැම් රටවල සංචාරකයෝ ශීත සෘතුවේ දී දිගුකාලයක් සඳහා වෙනත් රටවලට යති. එවැනි සංචාරකයන් ඉලක්ක කර දිගුකාලීන සංචාරකයන් (long term Tourists) ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවිය හැකිය.

දේශීය සංචාරක ව්‍යාපාරය (domestic tourism) ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් හෝටල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ද කෙරෙහි ද අවධානය යොමු විය.

වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය කේන්ද්‍ර කර ගනිමින් විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට පියවර ගැනීම.

විදේශ ණය වෙනුවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැලසුම් කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරාා ඇත.

ගත වූ සති කිහිපය තුළ නව නිර්මාණ රැසක් මෙරටින් බිහිව තිබේ. ඒවා ලෝක වෙළෙඳපොළට හඳුන්වාදෙමින් නව නිපැයුම් අපනයන ආර්ථිකයට දායක කර ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. මෙම අරමුණු ඉටුකර ගැනීමට නව දැක්මක් මත කටයුතු කිරීමට තම ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තිය ඇති බව සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහ දැනට පවත්වාගෙන යන මහා, මධ්‍ය, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට රජයේ සහාය පූර්ණව ලබාදීමට තම බලකාය මැදිහත්වන බව කාර්ය සාධන බලකායේ ප්‍රධානියා කීය.

මැයි 11 දා සිට පෞද්ගලික ආයතනවල කාර්යාල පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස දැනුම් දී තිබුණ ද කර්මාන්ත කටයුතු සිය අවශ්‍යතාව මත පවත්වාගෙන යා හැකිය.

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවයේ නිරත කිසිදු අයෙකුට රැකිය අවස්ථා අහිමි නොවී රට ඉදිරියට ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ගද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විශාල පිරිසක් ලෝකයේ බොහෝ රටවලට ගොස් ඇති බව මෙරටට පැමිණීමට කර ඇති ඉල්ලීම් මගින් අනාවරණය වී තිබේ. ඉන් රටින් පිටව ගිය විනිමය සංචිත අතිවිශාලය. උසස් අධ්‍යාපන ආයතන සදහා ආයෝජන අවස්ථා පුළුල් කර එම මුදල් මෙරට රඳවා ගැනීමට ඇති හැකියාව මෙන්ම විදේශ රටවල සිසුන් ද මෙරටට ගෙන්වා ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි වීම.

වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැය කෙරේ. ඉන් බොහොමයක් ඖෂධ මෙරටදී නිෂ්පාදනය කළ හැකිය. ඊට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකිම ද ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ වර්ග රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කොරෝනා මර්දනයට සෙලාන් වෙතින් කෝටි 2ක අරමුදලක් (VIDEO & PHOTOS)

Next Post

සභාපති කියපු රහසක් රවී හෙළිකරයි (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.