• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය එදා වගේම අදත් කරන බොරුව

May 3, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
චීනය එදා වගේම අදත් කරන බොරුව
Share on WhatsAppShare on Facebook

ඉතාලියට චීනය සමඟ තිබෙන සබඳකම් දිවෙන්නේ බොහෝ දිගු ඉතිහාසයකටය. එනම් අතීතයේ පැවැති සේද මාවතේ වගතුගක් දක්වා එය නෑකම් කියන අතර, එම කාලවකවානුව ආරම්භ වන්නේ ක්‍රි.ව.1266-1271 වැනි සමයකදීය. ඉතාලි සම්භවය ඇති වැනීසියානු වෙළෙන්දන් දෙදෙනකු වන නිකොලේ පෝලෝ සහ මෆියෝ පෝලෝ වෙළෙඳාම් කටයුතු සඳහා යුරෝපයේ සිට චීනය වෙත ගොඩබිමේ සේද මාවත හරහා ගමන් කර ඇත්තේ 1266 වසරේදීය. යුරෝපයෙන් වෙළෙන්දන් ආසියාවට ගිය ප්‍රථම ගමන වශයෙන් එය ඉතිහාසයෙහි වාර්තාගතව ඇත. එසේම 1271 වසරේද නිකොල්ගේ බාල පුත් මාර්කෝ පෝලෝද තම පියා සමඟ එම ගමනට එකතු විය. මාර්කෝ පෝලේ නමැති විශිෂ්ට දේශ ගවේෂකයා ලොවට බිහිවන්නේද එතැන සිටය. ඔහු චීනයට ගොඩබිම මතින් ගියද නැවත ඉතාලියට ආපසු එන විට ඔහු පැමිණියේ සුමත්‍රාව සහ ශ්‍රී ලංකාව හරහා වැටෙන මුහුදු මාර්ගය හරහාය.
එදා ඇරැඹි මේ වැනීසියානු වෙළෙන්දන්ගේ කතාවට එතැන සිට තවත් වසර 50ක පමණ කාලයක් ගෙවී යන විටදී සිදුවූයේ කිසිවකුත් නොසිතූ මහා විනාශයකි. එනම් අතිශය බියකරු වෛරස් රෝග වසංගතයකින් ලොව වෙළාගන්නට පටන් ගත්තේය. අදත් විශ්ව ඉතිහාස පොතේ පැහැදිලිව සටහන් කෙරී ඇති ‘පෙස්ටිලන්ස් ප්ලේජ්’ :ඡැිඑසකැබජැ ඡක්ටමැ* නමැති මාරක උණ රෝග වසංගතය එය විය. වසර 1347 සිට 1353 දක්වා වසර 07ක් පැවැති මෙම මාරක උණ රෝග වසංගතය තවත් නාමයකින් හැඳින්වූයේ ‘කළු මරණය’ නොහොත් ‘බ්ලැක් ඩෙත්’ :ඊක්ජන ෘැ්එය* ලෙසිනි. චීනය ප්‍රධාන කරගත් ආසියානු රටවල් කිහිපයකින් මෙම මාරක වසංගතය ඇරැඹි අතර, එය යුරෝපයේ රටවල් දක්වා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. එදා යුරෝපයෙන් ආසියාව වෙත පැමිණි වෙළෙන්දන් නැවැත යුරෝපයට යන විටදී මෙම රෝගය එම රටවල් තුළ ව්‍යාප්ත වන්නට විය. එකල සිටි කළු මීයන් වර්ගයක් හේතුවෙන් මෙම රෝගය ඇරැඹි අතර, මෙම වසංගතයෙන් ලොව මිනිසුන් මිලියන 150ක සුවිශාල ප්‍රමාණයක් මියගිය බවට වාර්තා වී ඇත.
අද වර්තමානයේ ලොව විනාශයට පත් කරන කොරෝනා වසංගතය මෙන් එදා ශතක ගණනාවකට උඩදී ඇරැඹි ‘කළු මරණය’ නම් එම මාරක වසංගතයද ලොවට බිහිවූයේ චීනයෙන් බවට ඉතිහාසය කරුණු කියයි. එදා තිබුණු ඉපරැණි සේද මාවත හරහා එම රෝගය ව්‍යාප්ත වන්නට ගත්තේ ගොඩබිමින් සහ මුහුදු මාර්ගයද හරහාය. එම ඉපැරැණි වසංගතයෙන්ද එදා බරපතළ ජීවිත හානි සිදුවී ඇත්තේ ඉතාලියට වන අතර, අද කොරෝනා වසංගතයෙන්ද බරපතළ හානි සිදුවූ ප්‍රධානතම යුරෝපීය රට වන්නේද ඉතාලියය. වසර 700කට පමණ පෙර අතීතයේදී සිදුවූ එම විනාශය අදද ඒ ආකාරයෙන්ම සිදුවී තිබීම විටෙක පුදුමසහගතය. එදා චීනයෙන් එම වසංගතය පටන් ගත්තද චීනයට වඩා මිනිසුන් මියගියේ අනෙකුත් රටවල් තුළදීය. අද චීනය විසින් ලොවට දායාද කළ කොරෝනා වසංගතයෙන්ද සිදුවී ඇත්තේද එයමය. චීනය යම් පමණින් රෝගයෙන් ගැලවුණද බටහිර රටවල් මහා විනාශයකට පත්විය. ඇමෙරිකාව වැනි ලෝකයේ ප්‍රබලතම රටකටද අයත් වූයේ මහත් අවාසනාවන්ත ඉරණමක්ය. චීනයේ වෛයිරසයට මුළු ලෝකයක්ම යටපත් වන්නට විය.
කෙසේ හෝ වත්මන් ලෝකයේදී කොරෝනා වසංගතය පැතිරගෙන යද්දී චීනය තමන්ට වාසි වන ආකාරයෙන් එයට අදාළ වන ප්‍රචාරණය සිදුකරගෙන යයි.
පසුගිය දිනවල චීනය විසින් ඉතාලියට වෛද්‍ය උපකරණ තොගයක් සහ චීන වෛද්‍ය විශේෂඥවරුන්ද එරටට පිටත් කර හැරියේය. ඉතාලියේ කොරෝනා වසංගතය උත්සන්න වත්ම ඔවුන් තමන්ගේ සහෝදර යුරෝපීය සංගමයේ රටවලින් ආධාර ඉල්ලා සිටියේය. එහෙත් එම රටවල් නිසි ලෙස ආධාර ලබාදුන්නේ නැති හෙයින් චීනය විසින් මෙම මාර්කෝ පෝලෝගේ දේශයට ආධාර ලබාදුන්නේය. මේ හෙයින් ඉතාලි රජයේ ප්‍රශංසාව චීනය වෙත හිමිවුණේය. චීනයේ ජනාධිපති ෂී ජින් පින් විසින් යෝජනා කර තිබුණේ සේද මාවතට අදාළ වන රටවලට ආධාර ලබාදිය යුතු බැව්ය. චීනයත්, යුරෝපයත් එකට බද්ධ කරනා ‘සේද මාවත’ මෙම කාලයේදී ‘සෞඛ්‍යමය සේද මාවතක්’ බවට පත්කළ යුතු යැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.
වර්තමාන සේද මාවතේ ක්‍රියාන්විතය ක්‍රියාත්මක කර ඇත්තේ චීනය විසිනි. පසුගිය වසරේදී ඉතාලියේ අගමැති ගිසෙප්පේ කොන්තෙ විසින් තම රටද මෙම චීන සේද මාවත ව්‍යාපෘතියට අනුබද්ධ කරනු ලැබුවේය. ඒ මඟින් ඔහුගේ මහා බලාපොරොත්තුව වූයේ කඩාවැටෙන තත්ත්වයකට පත්ව මරණාසන්නව තිබෙන ඉතාලියේ ආර්ථිකය ගොඩගැනීමය. සේද මාවත යටතේ ඉතාලිය තුළ චීන ආයෝජකයන් වැඩි කරමින් තම රටේ වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීමට ගිසෙප්පේ කොන්තේ අගමැතිවරයා බලාපොරොත්තු විය. එහෙත් ආයෝජනය වෙනුවට සිදුවූයේ චීනයේ කොරෝනා වෛරස් රෝගය ඉතාලියට ආයෝජනය කිරීමය. මේ හෙයින් ඉතාලිය අමු අමුවේම කබලෙන් ළිපට වැටුණේය.
‘කොවිඞ් – 19’ නොහොත් කොරෝනා වසංගතය ලොවට බිහිවූයේ කෙසේදැයි අද කවුරුත් නොදනියි. එහෙත් මෙහි ආරම්භය ඇතිවූයේ චීනයේ වූහාන් නුවර පිහිටි සත්ව මාංශ වෙළෙඳපොළෙන් යැයි ප්‍රබල මතයක්ද නැඟෙන්නට විය. මෙම සත්ව මාංශ වෙළෙඳපොළෙහි ඝාතනය කරන ලද සහ සජීවී ප්‍රාණය ඇති සතුන්ද දහස් ගණනින් මිනිසුන්ගේ පරිභෝජනය සඳහා තබා ඇත්තේ කිසිදු සෞඛ්‍යමය ක්‍රමවේදයක් අනුගමනය නොකරමිනි. කෙටියෙන් කිවතහොත් එය මිහිපිට අපායක් බඳුය. එහෙත් නොයෙකුත් ආකාරයේ සත්ව මාංශවලට මහත් ගිජු බවක් දක්වන චීන්නුන්ට ඒ ගැන කිසිදු හැඟීමක් නැත.
2002 වසරේදී චීනයේ පිහිටි මෙවැනිම සත්ව මාංශ වෙළෙඳපොළවල් හරහා ‘සාර්ස්’ වෛරස් වසංගතය ලොව රටවල් රැසක් පුරා පැතිර ගිය බව අද චීනයට අමතක වී ඇත. චීනය කොරෝනා වෛරසය සොයාගත් විට එය සති කිහිපයක් යන තෙක්ම රහසක් වශයෙන් තබාගත් ලෙසම ‘සාර්ස්’ වෛරසය හඳුනා ගත් මොහොතේදීද එය සති දෙක තුනක් යන තෙක් රහසක් වශයෙන් තබාගත්තේය. එදා වවුලන්ගේ මාංශ හරහා මිනිසුන්ට සාර්ස් වෛරසය ව්‍යාප්ත වූ බවට කරුණු අනාවරණය විය. මෙවර කොරෝනා වසංගතයේදී තත්ත්වය තවත් බියකරු වූයේ සති 05ක් යන තෙක්ම වසංගතය මැද චීන අලුත් අවුරුද්ද සැමරීමට ජනතාව විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමය. අවසානයේදී එය චීනය තුළ පමණක් නොව විදේශ රටවලටද ව්‍යාප්ත වූයේ වෛරසය රැගත් චීන ජාතිකයන් වෙනත් රටවලටද ගමන් කිරීමේ හේතුව නිසාය. අවුරුදු 17ක කාල පරාසයක් තුළද මෙසේ ඇතිවුණු ‘සාර්ස්’ සහ ‘කොරෝනා’ වසංගත එකම ප්‍රතිරූපයකට පත්වූයේ ඒ හෙයිනි.
2002 වසරේදී චීනයෙන් ඇතිවුණු ‘සාර්ස්’ මාරක වසංගතයද ලොව රටවල් 30කට පැතිර ගියේය. එහෙත් අද කොරෝනා වසංගතය ඊටත් වඩා සිය ගුණයකින් බියකරු වී ඇත. කෙසේ හෝ චීනය තුළින් ඇරැඹි මෙම වසංගත දෙක පිළිබඳව චීනයේ වෛද්‍ය විශේෂඥයන් චීන රජය දැනුවත් කළද, චීන බලධාරීන් මෙම අවස්ථා දෙකෙහිදීම කටයුතු කළේ ‘වීණා වාදන නොඇසෙන බීරි අලින්’ මෙනි. එහෙත් පසුව මෙම වසංගතයන් උත්සන්න වන විට ‘දෙලොව රත්වුණාසේ’ කටයුතු කරන්නට ගත්තේය. ඒ අතරෙහිම තමන්ගේ රටට වාසිදායක වන ලෙසට කොරෝනා ප්‍රචාරණයද හසුරුවා ගැනීමට වගබලා ගත්තේය. ඇමෙරිකාව විසින් මෙය චීන වෛරසයක් ලෙස සලකා ප්‍රකාශ නිකුත් කරන විටදී චීනය සැණෙකින් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඇමෙරිකානු යුද සෙබළුන් විසින් කොරෝනා වෛරසය චීනයට ගෙන ආ බැව්ය. චීනය කිසිම විටකදී තම වරද බාර ගැනීමට මෙතෙක් කටයුතු කර නැත. තමන්ට වන පරිභවය සහ ජුගුප්සාව වසා ගැනීමට ඉක්මනින්ම ලෝකයේ රටවල්වලට ආධාර දීමද ආරම්භ කළේය. මෙය සැබෑ ලෙසම ප්‍රයෝගකාරී ක්‍රියාවකි.
කොවිඞ් – 19 ගෝලීය වසංගතය මඟින් මේ වන විට චීනයට වඩා ඇමෙරිකාවේ මිනිසුන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වූයේය. එසේම චීනයට වඩා යුරෝපයේ රටවල් ගණනාවක මිනිසුන්ද මරණයට පත්වූහ. මෙවැනි වටපිටාවකදී නුදුරු දවසකදී චීන රජය උත්සාහ කරනු ඇත්තේ එම දත්ත භාවිතා කරමින් තම රටට වාසි වන ආකාරයේ ප්‍රචාරණයක් සිදුකිරීමටය. චීන රජයේ උත්තරීතර ආකෘතිය තම ජනතාවට පෙන්වීම සඳහා මෙම කරුණු කාරණා භාවිතා කරනු ඇතිය. මෙවැනි කූට ප්‍රචාරණයක ඇම සමහර විටදී එක්තරා ජනතාවක් විසින් ගිලිනු ඇතිය. එහෙත් සෑම දෙනකුටම එම න්‍යාය අදාළ වන්නේ නැත. කෙසේ හෝ මෙලෙස චීනය විසින් බෙහෝ සූක්ෂ්ම ලෙස ගෙනයනු ලබන කොරෝනා ගෝලීය වසංගත ප්‍රචාරණය නිසි ලෙස පල දරනු ඇතැයි සිතීමට තවම කල් වැඩිය. චීනයේ කොමියුනිස්ට් පක්ෂය නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ කොරෝනා ගෝලීය වසංගතය දඩමීමා කර ගනිමින් ප්‍රචාරණ වාසි ලබා ගැනීමටය. කොරෝනා වෛයිරසය යනු පැහැදිලිවම චීනයේ නිෂ්පාදිත වසංගතයක් බැව් හොඳින්ම දැන, දැනත් මෙවැනි ප්‍රචාරණයක නිරතව සිටියි. දැනට ඇමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධයෙන් වාසි ලබාගැනීමටද මෙම ක්‍රියාවලිය වාසියක් වනු ඇතිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වැඩවලින් King වුණ සුපිරිම ඛාන්

Next Post

පළිගැනීම් වහාම නවත්වන්න: සජිත් ආණ්ඩුවට කියයි (VIDEO)

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.