• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුරට යටවෙච්ච පවුලකට උදව් කරන්න ගිය මැණික් ව්‍යාපාරිකයා ඉල්ලගෙන කාලා! දවස් දෙකක් ගෙදරත් නවත්තගෙන තුන්වේලම කන්න බොන්නත් දීලා! අන්තිමට කරපු දේ මාට්ටු වුණේ CCTV ‌එකෙන්!  I Sri Lanka Latest News

June 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ UN එකේ නිලධාරිනියකගේ ගෙදරට හොරු පනී! මිල කළ නොහැකි දියමන්ති-මුතු-මැණික්-රත්තරන් අරන් ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගංවතුරින් නිවස යටවීම හේතුවෙන් අසරණ වූ පවුලක් නිවෙසට කැඳවාගෙන විත්  නවාතැන් දී දින දෙකක් තුන් වේලම කන්න බොන්න දුන් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනා මැණික් ගල් සොරා ගත්තේ යැයි කියන එම පවුලේ මව පියා සහ පුතා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.Sri Lanka Latest News

රත්නපුරට පසුගියදා ගංවතුර ගැලූ අවස්ථාවේදී අසරණ වූ  රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පදිංචි දරු පවුලක බිරිඳ ස්වාමියා පිරිමි ළමයි දෙදෙනා සහ අවුරුදු හතරක දැරියක් මෙම මැණික් ව්‍යාපාරිකයා  නිවෙසට කැඳවාගෙන විත්   නවාතැන් ලබා දී දින දෙකක් තිස්සේ තුන්වේලම කන්න බොන්නදී ඇතැයි කියති

ගංවතුර බැස ගිය පසු මෙම දරු පවුලම මැණික් ව්‍යාපාරිකයාට පින්දී නිවසින් පිටව ගොස් ඇති බවත් ඔවුන් එසේ පිටව ගොස් ඇත්තේ යළිත් දිනක පැමිණ නිවසේ මිදුල ශුද්ධ පවිත්‍ර කර දෙන බවටද  පොරොන්දු දෙමින් බවත් පැවසේ.

පොරොන්දු වූ පරිදි එම අඹුසැමි යුවළ සහ අවුරුදු දොළහක් වූ පිරිමි ළමයා සමග දින කිහිපයකට පසු  නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී ව්‍යාපාරිකයා නිවසේ සිට නැත. නිවසේ සිට ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිඳ පමණක් බව පොලිසිය පවසයි.

එම පවුලේ පියා මිදුල පිරිසිදු කරද්දී ඔහුගේ බිරිඳ සහ පුතු නිවසට ඇතුළු වී නිවසේ බුදු මැදුරේ බෝතල් දෙකක සහ ගුණා කුප්පියක දමා තිබූ වටිනා මැණික් ගල් කැට රාශියක් වරින් වර අවස්ථා තුනකදී සොරකම් කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.

ඔවුන්  මැණික් ගල් සොරකම් කරන ආකාරය නිවසේ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී ඇති බව පොලිසියේ  නිලධාරියෙක් පැවසීය.

මේ අනුව ව්‍යාපාරිකයා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර යුවළ සහ ඔහුගේ පුතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මැණික් සොරකම් කළ බව පිළිගෙන ඇත.

මේ අනුව ඔවුන් සන්තකයේ තිබී මැණික් ගල් වලින් කොටසක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

එම යුවලේ පිරිමියා මැණික් කැට දෙකක් රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා තිබියදී එම ව්‍යාපාරිකයන් එම මැණික් කැට දෙක ස්වේච්ඡාවෙන්ම භාර දුන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශනා අංශයේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

SendShareShare
Previous Post

මෝදිගේ දිව්රුම් දීමේ උත්සවයේදී මහා ආන්දෝලනයක්! ලෝකයම හෙල්ලෙන වීඩියෝවක් එළියට එයි! ඇමැතිවරු දිවුරද්දී ජනාධිපති මැදුර ඇතුළෙන් මතුවුණේ මිනීමරු දිවියෙක්ද? මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

ගංවතුරක් ආවාට පස්සේ කොළඹ සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරනවා කියනවා! දැනුත් කියනවා! බලමු මේ පාරවත් හරියට ඉවත් කරයිද කියලා! I Sri Lanka Latest News

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.