• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුරක් ආවාට පස්සේ කොළඹ සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරනවා කියනවා! දැනුත් කියනවා! බලමු මේ පාරවත් හරියට ඉවත් කරයිද කියලා! I Sri Lanka Latest News

June 11, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම් වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසයි.Sri Lanka Latest News

ඔහු පෙන්වා දෙන්නේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා චක්‍රලේකනයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි.

එම චක්‍රලේඛනය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබා දෙන බවද හෙතෙම පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිණි.

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මඟින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බවයි.

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල පවතින කුඩා ජල මාර්ග, පැති කාණු අවහිර වීම ජල ගැලීම් වලට ප්‍රධාන හේතුව බවට හදුනාගෙන තිබෙන බවද ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, වාරීමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරී මාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන එක්ව කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර බැසයාම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා සඳහන් කළේය.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක වෙයි.

කොළඹින් පිට ජලාප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීම හා නාගරික භූමි අලංකරණ ව්‍යාපෘතිය, පැලන්ගස්තුඩුවේ පොම්පාගාර ව්‍යපෘතිය වැසි ජල පොම්පාගාර ගංවතුර දොරටු ඇතුලු ගංවතුර පාලන පහසුකම් ක්‍රියාතක්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, ඒකාබද්ධ ගංවතුර කළමණාකරණ පද්ධති සහ ත්‍යතයකාලීන පාලන දත්ත ම්‍යධස්ථාන සදහා ස්ථාපිත පහසුකම් ක්‍රියාත්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල එම ව්‍ය්‍යාපෘති 07යි.

ඉන් ව්‍යාපෘති 02ක් මේ වසරේ දී අවසන් කිරීමට අපේක්ෂිතයි. පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල. මෙම ව්‍යාපෘති සදහා වැය කරන මුදල රුපියල් මිලියන 203කි. මීට අමතරව පෑලියගොඩ දැනට පවතින පොම්පාගාරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ද මේ වසරේ අවසන් කරන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසයි.

ගංවතුර උවදුරුවලට ගොදුරු විමේ අවධානම අඩු කිරීමේ අරමුණින් මාදිවෙල දකුණු හැරවුම් ව්‍යාපෘතිය 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි. කලු පාලමේ යෝජිත Gate Mounted Pumps ස්ථාපනය කිරීම නිර්මාණ කටයුතු ව්‍යාපෘතිය 2021වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මෙම ව්‍යාපෘති 2ම මෙම වසර අවසානයේ අවසන් කිරීමට නියමිතය. මේ සදහා පිළිවෙලින් රුපියල් ලක්ෂ 10ක් සහ රුපියල් ලක්ෂ 90ක් වැය වී තිබේ.

මෙම ව්‍යාපෘති වලට සමගාමීව ගංවතුර අවම කිරීමේ අරමුණින් කොළඹ ඇළ මාර්ග නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරමින් පවතී. ජපන් ජබර, සැල්වීනියා, ආක්‍රමණික ශාක බැවින් ඇළ මාර්ගයන්හි වැවී ඇති මෙම ශාක ඉවත් කර, නාගරික පොලිතීන් හා ඝන අපද්‍රව්‍ය ඉවත් කර ඇළ මාර්ග පිරිසිදු කිරීම මිනිස් ශ්‍රමය සහ යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබයි. මෙම කාර්යය වාර්ෂිකව සිදු කිරීමට සිදුවන බැවින් මෙම ව්‍යාපෘතිය වාර්ෂික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බවද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය සඳහන් කළේය.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ ප්‍රධාන ඇල මාර්ග හා වැටි නඩත්තු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාතියක්ද ක්‍රියාත්මක කරයි. ඒ අනුව කොළඹ ප්‍රධාන ඇල මාර්ග කිලෝ මීටර් 44ක් නඩත්තු කිරීමද සිදු කරන්නේ මෙම ආයතනයයි. මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 295කි.
ඒ අනුව කලු ඔය ද්‍රෝනි ඇල මාර්ග නඩත්තු කිරීම, ඇල මාර්ගයට යාබද ඇල ඉවුරු සංරක්ෂණය, නව ඉවුරු සැකසීම, ලූනාව ඇල මාර්ගය නඩත්තු කිරීම, ලූනාව කලපුව, පැරණි ඕලන්ද ඇල හා ඒ සම්බන්ධිත ජල රැදවුම් නඩත්තු කිරීම මේ යටතේ සිදු වේ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, ඉඩම් සංවිධානය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තෙත්බිම් කළමනාකරණ) ආචාර්ය එල්.එස්.විජේරත්න, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත්හේවා, ඉඩම් සංවිධානය කිරීමේ සංස්ථාවේ පරිසරවේදී රණුෂී සිරිපාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

ගංවතුරට යටවෙච්ච පවුලකට උදව් කරන්න ගිය මැණික් ව්‍යාපාරිකයා ඉල්ලගෙන කාලා! දවස් දෙකක් ගෙදරත් නවත්තගෙන තුන්වේලම කන්න බොන්නත් දීලා! අන්තිමට කරපු දේ මාට්ටු වුණේ CCTV ‌එකෙන්!  I Sri Lanka Latest News

Next Post

සජිත්-අනුර විවාදයේදී සජිත්ගේ අත්සන හොරට ගහලා! බොරු ලිපි ශීර්ෂයක් ‌යොදාගෙන හොර සීල් එකක් ගහලා! CIDයට ආපු පැමිණිල්ල මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.