• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඩිල්ශාන් ඕස්ටේ්‍රලියාවේ ගිහිල්ලාද

April 25, 2020
in Heart
Reading Time: 1 min read
A A
ඩිල්ශාන් ඕස්ටේ්‍රලියාවේ ගිහිල්ලාද
Share on WhatsAppShare on Facebook

ඒ කොහොම වුණත් මේ වෙද්දි තිලකරත්න දිල්ශානුත් ඉන්නේ ඕස්ටේ්‍රලියාවේ. ඒ ලංකාවට එන්න විදියක් නැතිව. තමන්ගේ අවශ්‍යතාවයක් සඳහා ගිය ඔහුට මේ වෙද්දිත් ලංකාවට එන්න අවස්ථාව ලැබිලා නැහැ. මේ අතරේ ඕස්ටේ්‍රලියාවේ ඉන්න දිල්ශාන් එක්ක කතාබහ කරන්න “හරි ටී.වී.” යූ ටියුබ් නාළිකාව පසුගිය දවසක කටයුතු කරලා තිබුණා. ඉතාම රසවත් වගේම හරවත් වූ ඒ සංවාදය ඔබ වෙනුවෙන් මේ විදියට ගෙන එන්න අපි තීරණය කළා.
කොරෝනා වසංගතයත් එක්ක ඕස්ටේ්‍රලියාවේ තත්ත්වය මොන වගේද?
වැඩිපුර එළියේ පාර්ක්වල, රෙස්ට්ටුරන්ට්වල කාලය ගත කරන්න තමයි ඕස්ටේ්‍රලියානු ජනතාව සාමාන්‍යයෙන් හුරු වෙලා ඉන්නේ. ඒත් මේ වෙද්දී සියලුම වැඩ කටයුතු ගෙදර ඉඳන් කරන්න රජය නියම කරලා තියෙනවා. ඉතිං සමහරු ගෙදර ඉඳන් වැඩ කරනවා. සමහරු වැඩට යනවා. සුපිරි වෙළෙඳසැල් සහ ඖෂධහල් ඇරෙන්න අනෙක් සියලුම තැන් වහලයි තියෙන්නේ. ඊට අමතරව දැන් ඕස්ටේ්‍රලියාවට ටික ටික ශීත කාලය උදා වෙනවා. ලංකාවට එන්න විදියක් නැතිව මාත් මෙහෙට වෙලා ඉන්නවා.
එතකොට ඕස්ටේ්‍රලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය මොන වගේ කියලද දැන ගන්න ලැබෙන්නේ?
එක්කෙනෙක් දෙන්නෙක් හැර ඕස්ටේ්‍රලියාවේ ඉන්න අනෙක් සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බව තමයි දැන ගන්නට ලැබෙන්නේ. ඔවුන් සියලු දෙනාම නිවෙස්වලට වෙලා ඉන්නවා. ඒත් උසස් අධ්‍යාපනය සඳහා පැමිණි බොහෝ දෙනෙක් මේ වෙද්දි අසරණ වෙලා ඉන්නවා. ඒ රැකියා නොමැතිකමින්. මම ඒ අය ගැන ශ්‍රී ලංකාවේ තානාපතිතුමා එක්කත් සාකච්ඡා කළා. රජයත් එක්කත් කතා කරලා ඔවුනට ලබා දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දෙන බව තමයි තානාපතිවරයා සඳහන් කළේ.
ඔබ ඕස්ටේ්‍රලියාවේ හිටියත් ශ්‍රී ලංකාව තුළ බොහෝ වැඩකටයුතු කරන බව දැනගන්නට ලැබුණා. විශේෂයෙන් අසරණ මිනිසුන්ට උදව් උපකාර කරන වැඩ. ඒ ගැන පොඞ්ඩක් කතා කළොත්.
මේ වෙද්දි ඉතාම හොඳින් ඒ වැඩකටයුතු සිද්ධ වෙනවා. ඒක මීට අවුරුදු දහයකට දොළහකට කලින් ඉඳන් කෙරුව දෙයක්. මම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කාලේ ඉඳන්ම මගේ මාමට තමයි ඒ වැඩකටයුත්ත බාර දීල තිබුණේ. ඉතිං මම ලංකාවේ නැතත් ඒ වැඩකටයුතු ඉතාම හොඳින් සිද්ධ වෙනවා. ඒ හරහා අසරණ වුණු ගොඩදෙනෙකුට පිහිට වෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.
කොරෝනා පැමිණීමත් එක්ක ලෝකයේම මිනිසුන්ගේ ආහාර රටාව සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ක්ෂණික ආහාර සමාජයෙන් තුරන් කිරීම ගැන කතා වෙනවා. හැබැයි සමාජයට අහිතකර ක්ෂණික ආහාර සමාජගත කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ලොකු චෝදනාවක් එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද?
ඇත්තටම මට කියන්න සංතෝෂයි මගේ අවුරුදු 17ක් 20ක් විතර වෙන ක්‍රිකට් ජීවිත කාලය පුරාම මම දරුවන්ට හානිකර කිසිම ආහාර ද්‍රව්‍යයක වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී ඉඳලා නැහැ. ඕන කෙනකුට ඒක හොයලා බලන්න පුළුවන්. එවැනි දැන්වීම සඳහා ආව ඉල්ලීම් සියල්ල මම ප්‍රතික්ෂේප කළා. ඒත් මං හිතන්නේ මේ චෝදනාව ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් එල්ල කරන එක සාධාරණ නැහැ. අනෙක් ක්‍රීඩාවල නිරත වෙන්නන්, කලාකරුවන් පවා එවැනි දැන්වීම්වල පෙනී ඉඳලා තියෙනවා. මම හිතන්නේ අලුත් පරපුර හරි මේකෙන් ආදර්ශයක් ගන්නවා නම් හොඳයි. සමාජයට යහපත් දේ විතරක් කරන්න. ඒත් මං හිතන්නේ මේකට කාටවත් දොස් කියන්න බැහැ. හැබැයි ඒ චෝදනාවෙන් මම නිදහස් කියන එකනම් බොහොම පැහැදිලිව කියනවා.
මීළඟ අයි.පී.එල්. තරගාවලිය ඉන්දියාවේ පවත්වන්න බැරි වුණොත් එය ලංකාවේ පැවැත්වීම පිළිබඳ කතාබහක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද?
මං හිතන්නේ අපි ඒකට ඉක්මන් විය යුතු නැහැ. ඉන්දියාවේ මේ වසංගතය ටිකක් දරුණු විදියට පැතිරෙනවා. මේ තරගාවලිය පැවැත්වුවොත් අඩුම ගානේ තුන් හාරසියයක පිරිසක්වත් අපේ රටට එනවා. අපේ රජය රට තුළ කොරෝනා වසංගතය ඉතාම හොඳින් මැඩපවත්වන බව දකින්න තියෙනවා. නමුත් අයි.පී.එල්. වගේ තරගාවලියක් හරහා ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන නොසිතා එවැනි තරගාවලියක් පැවැත්වීම මේ මොහොතේ සිදු නොකළ යුත්තක් කියලයි මම පෞද්ගලිකව හිතන්නේ.
මීළඟ මැතිවරණයේදී ඔබේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟ මැතිවරණය ගැන ඔබ මොකද හිතන්නේ?
මං හිතන්නේ මේක අපි මැතිවරණ ගැන හිතන්න ඕනෑ වෙලාවක් නෙවෙයි. අපේ ජනතාව කොහොමද මේ කොරෝනා වසංගතයෙන් ගලවා ගන්නේ කියන එකයි අපි හිතන්නේ ඕනෑ. ඒ සියල්ල ඉවර වෙලා නිදහස් මනසකින් යුතුව තමයි අපි මැතිවරණය ගැන හිතන්න ඕනෑ. මං හිතනවා ජනාධිපතිතුමා ඒ තීරණය හරි වෙලාවට ගනියි කියලා. එතුමා මේ වසංගතය මැඩපවත්වන්න ගෙන යන උත්සාහය ලෝකයේම ඇගයීමට පත් වෙලා තියෙනවා. එතුමා ඒ තීරණයත් හරි වෙලාවට ගනියි කියලා මම හිතනවා.
මේ වෙලාවේ ඔබ වගේම ලංකාවේ හිටපු බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් සමාජය වෙනුවෙන් තම යුතුකම් ඉටු කරනවා. හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඒ ගැන මොකද හිතන්නේ.?
මං හිතන්නේ මේක අපෙන් වෙන්න ඕනෑ යුතුකමක්. මොකද අපි වෙනුවෙන් ඒ අය ගෙදර ඉඳන් අත්පුඩියක් හරි ගහලා ඇති. ගෙදර කන්න නැතත් ක්‍රිකට් තරග බලන මිනිස්සු ගැන අපි දන්නවා. ඒ ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි කළ යුතුයි. මේ වසංගතයත් එක්ක ගොඩක් ක්‍රීඩකයෝ ඇවිල්ලා වැඩ කරන හැටි මං දැක්කා. ඒ වගේම මින් ඉදිරියටත් රටේ එන ඕනෑම ප්‍රශ්නයකදී ඒ අය ඉදිරියට ඇවිත් වැඩ කරයි කියලා මං හිතනවා. ඒ වගේම මේ වැඩ සාර්ථකව කර ගෙන යන්න මං ඒ අයට සුබ පතනවා.
මුළු ලෝකයේම ඉන්න ශ්‍රී ලාංකීය ජනතාවට ඔබ මේ මොහොතේ දෙන පණිවුඩය මොකක්ද?
මේ වසංගතය තවමත් ඉවර වෙලා නැහැ. තමන් ඉන්න රටෙන් දෙන උපදෙස් පුළුවන් තරම් පිළිපදින්න. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. අපි දන්නවා අඩුපාඩු තියෙනවා. අපි නිතරම එළියට යන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒත් මේ වෙලාවේ මේ කැපවීම කරන්න. ඊට පස්සේ අපිට සංතෝෂයෙන් ඉන්න පුළුවන්. තම තමන් අදහන ආගමකින් පිහිටක් ලැබිලා සියලුම ශ්‍රී ලාංකිකයන්ට වගේම ලෝකයේ සියලුම ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් ඉක්මනටම උදාවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බන්දුගෙන් සංවේදී ඉල්ලීමක්

Next Post

VIVO විසින් රුපියල් මිලියනයක වටිනා කමකින් යුත් ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.