ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින කොවිඞ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්රයත්නයට ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින්, ජාත්‍යන්තර ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන VIVO විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් මිලියනයක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කෙරිණි.
VIVO හි #vivocares සමාජ වගකීම් වැඩසටහනේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය හරහා ශල්‍ය මුහුණු ආවරණ 15,000 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලද අතර දිවා, රෑ නොබලමින්, ඉතා කැපවීමෙන්, වෛරසයට එරෙහි සටනේ නිරත වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව මෙම ව්‍යාපෘතිය හරහා අපේක්ෂා කරයි.
මෙම ශල්‍ය මුහුණු ආවරණ තොගය VIVO මොබයිල් ලංකාහි අධ්‍යක්ෂිකා ඇලිසන් ජින් විසින් පසුගියදා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබා දීම අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කෙරෙණි.











