කොවිඞ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඞ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච් රීචාර්ජ් කාඞ්පත් සිය නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ පහසුකම ඉදිරියේදී හච් පාරිභෝගිකයින් හට හිමි වේ.
මෙම රීලෝඞ් කාඞ්පත් සේවාව, 078 හා 072 අංක භාවිත කරන පාරිභෝගිකයින් හට පිරිනැමෙන්නේ, මෙකී තීරණාත්මක කාල සීමාවේ අඛණ්ඩ සබඳතාව පවත්වා ගැනීම පිනිස වසරක් සඳහා වලංගු කාල සීමාවක්ද සමගිනි.
පාරිභෝගිකයින් හට ළඟම තැපැල් ස්ථානය හා සම්බන්ධ වී තැපැල් දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා බෙදා හැරෙන ඖෂධ සමගම, රීචාර්ජ් කාඞ්පත්ද ලබා ගැනීමේ හැකියාව පවතී.











