• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඡන්ද ඉලක්ක කර බොරු කමිටු හදලා හෙංචයියන්ට මිලියන 3400ක් බෙදන්න යනවා! පුදුම අපරාධයක්! මේ සල්ලිවලින් රජයේ පාසල් 10126න් 3400කම දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර දෙන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

May 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මැතිවරණය ඉලක්ක කර ගෙන තමන්ට හිතවත් පුද්ගලයන්ගෙන් සමන්විත කමිටු හදමින් එක් පළාත් පාලන ආයතනයකට රුපියල් මිලියන 10 බැගින් පළාත් පාලන ආයතන 341කට මිලියන 3410ක් වෙන් කරන කරමින් රජය සිදු කිරීමට නියමිත මහා මුදල් නාස්තිය නතර කර ඒ මුදල් උපයෝගී කර ගෙන මෙරට රජයේ පාසල් 10126න් පාසල් 3400කට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර 1 බැගින් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. (Sri Lanka Latest News)

විපක්ෂ නායකවරයා මෙි බව කියා සිටියේ රජය විසින් පළාත් පාලන ආයතන කමිටු ඇති කර එම එක් කමිටුවකට රුපියල් මිලියන 10 බැගින් වෙන් කරමින් සිදු කිරීමට සැරසෙන මහා මුදල් නාස්තිය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ප්‍රදේශීය ලේකම් හා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශිය සංවර්ධන, දිස්ත්‍රික් සංවර්ධන හා කෘෂිකර්ම කමිටු ආදී කමිටු රැසක් තිබිය දී නව කමිටුවක් සකස් කරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් බංකොලොත් රටේ මෙවැනි අවිධිමත් ආකාරයට කටයුතු කළ නොහැකි බවත් මේ මුදල් නිසි පරිදි කළමනාකරණය කළ හොත් මෙරට පාසල් 10126 තුළට සුහුරු පන්ති කාමර විශාල ප්‍රමාණයක් ලබා දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

ගම් 14022ටම කමිටු ඇති බවත් එවැනි කමිටු තිබියදී ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයක් අතලග තියා ගෙන කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් මේ සඳහා වෙන් කරන මුදල් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දී සුහුරු පන්ති කාමර ආදිය ලබා දිය හැකි බවත් එවැනි ඵලදායී කටයුත්තක් සිදු නොකරන්නේ නම් මෙය අභියෝගයට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිපාදන නොමැති බව සදහන් කරමින් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට රජය කටයුතු කළත් පළාත් පාලන බල ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රජා උපදේශක කමිටු පිහිටුවා රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් ආණ්ඩුවේ මැතිවරණ කටයුතු මෙහෙයවීමට රජය සැරසෙන බව පෙනී යන බවත් මෙම කමිටු පිහිටුවීමට ආණ්ඩුකාරවරයාට බලය ලබා දෙමින් අත්තනෝමතිකව හා ජනතා විශ්වාසය කඩවන අයුරින් රජය කටයුතු කර ඇති බවත් මෙවැනි ක්‍රියාවක් කිරීමට ආණ්ඩුව දරණ ලද ප්‍රථම උත්සාහය මෙය නොවන බවත් මීට පෙර ද පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට මෙවැනි බලයක් ලබා දීමට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද මීට පෙර ප්‍රයත්නය හකුලා ගත්තේ නඩු මගට පිවිසීමෙන් බවත් පැෆ්රල් සංවිධානය පවා කියා ඇත්තේ මෙම කටයුතු ජනාධිපතිවරණ මැතිවරණ ඉලක්ක කර ගෙන සිදු කරන දේශපාලන කටයුත්තක් බවත් මෙය මහජන මුදල් අවභාවිතයක් හා අත්තනෝමතික ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

අගමැතිවරයාගේ අත්සනින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය නොවැම්බර් 4 දක්වා දීර්ඝ කර ඇති බවත් එය ස්ථාපනය කරන්න මාස 6කට පෙර සිට කටයුතු කළ බවත් නීතිය අනුව ආණ්ඩුවට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පැවැත්විය හැකි වුවත් පළාත් පාලන ඡන්දය නොතියා තමන්ගේ හිතවතුන් පත් කිරීමට කමිටු ඇති කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකතුමා රනිල්ගේ මස්සිනාගේ පත්තරේ ‘ඩේලිමිරර්’ කුඩු කරලාම දායි! අදත් ලොකු බොරුවක් දාලා! අපි දිගටම මේ පත්තරේ ගැන හෙළිදරව් කළා! මේක පත්තර කලාවටත් ලැජ්ජාවක්! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව නිදි! මම තුන්පාරක් කතා කළත් ග්‍රාම නිලධාරීවරුන්ගේ ප්‍රශ්න එහෙම්මමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper