• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මේක දුෂ්කර පරිසරයක්! ඔබතුමාගේ මුහුණේ දූවිලි වැදිලා!’ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් දෙන්න තිරප්පනේට ආ සජිත්ගෙන් තිරප්පනේ ගැමුණු විද්‍යාලයේ විදුහල්පතිනිය සමාව ඉල්ලයි! ‘මට අව්වට වේලිලත් පුරුදුයි! වැස්සට තෙමිලත් පුරුදුයි! මම අනෙක් අය වගේ මේකප් දාන්නේ නෑ! මට මහන්සි පාට පේනවා නම් ඒ මම උපරිමයෙන්ම වැඩ කරන නිසා!’ සජිත් දෙනෝදාහක් මැද අපූරු උත්තරයක් දෙයි! I VIDEO I Sri Lanka Latest News

May 6, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

රජරට ප්‍රදේශයේ බහුතරයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බවත් මේ ගොවි ජනතාව ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය ඇති කරනවා සේම සුහුරු කෘෂිකර්මාන්තයක් ඇති කරන බවත් කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ දැනට තිබෙන ඉඩම තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදාව ලබා ගෙන ඒවා දේශීය නිෂ්පාදනයට පමණක් නොව අපනයනය සඳහා ද සුදුසු භවබෝග නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

ඊශ්‍රාලය වැනි රටවල වගාවට උචිත පරිසරයක් නොමැති වුවත් ඔවුන් වගාවට දක්ෂ බවත් බිංදු ජල, ක්ෂුද්‍ර ජල, උස්සාන ජල යෝජනා ආදිය උපයෝගී කර ගන්නා බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ කන්න දෙකකට පමණක් සීමා වි ඇති අප රටේ කෘෂිකර්මාන්තයේ වගා චක්‍රය ශක්තිමත් කර අතරමැදි කන්නයක් වුව ක්‍රියාත්මක කළ හැකි බවත් පැවසීය. එසේම ගොවියාගේ භෝගවලට ස්ථාවර මිලක් ලැබිය යුතු බවත් එහි දී ගබඩා පහසුකම් නිවැරදිව කළමනාකරණය විය යුතු බවත් මේ තුළින් ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 175 වැනි අදියර යටතේ අද අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ ඇතුන්ගම ගැමුණු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල් නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ඩොලර් බිලියන 100ක් ණය අප රටේ ජනතාව අසරණ වෙලා

අප රට ඇ. ඩොලර් බිලියන 100ක් ණය බවත් ණය බරතාව නිසා බොහෝ පවුල්වල කණකර දේපල ඉඩම් උකස් කර ඇති බවත් වචනයෙන් කියා නිමකළ නොහැකි දුකක් ජනතාව විඳින බවත් ජනතා දුක හඳුනන නායකයෙක් ලෙස තමා කයිය නායකයකු නොව වැඩ කරන නායකයකු බවට පත් වන බවත් මේ බංකොලොත් භාවයෙන් මිදෙන්න ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට කිසිදු නායකයෙක් ලබා නොදුන් අතිවිශිෂ්ට වර්තමානයක්, අනාගතයක් 41 ලක්ෂයක් දරු පරපුරටත් තාරුණ්‍යයටත් ලබා දෙන්න තමා කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

සිංහල පමණයි කියන්නේ ඡන්ද මල්ල වැඩි කර ගන්න

සිංහල පමණයි දමිළ පමණයි කියන අය ඒවා කියන්නේ තමන්ගේ ඡන්ද මලු ගොඩ වැඩි කර ගෙන ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබා ගැනීමට බවත් භාෂාව, ජාතික සහ ආගම මේ අය සිය ඡන්ද එකතු කර ගැනීම සඳහා භාවිත කරන බවත් එය වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වර්ජනය කරන නායකයන්ගේ දරුවන් ඉගෙන ගන්න හැටිත් සොයා බලන්න

රටේ අධ්‍යාපනය දියුනු කරන්න යන විට විවිධ පාර්ශ්වයන්ගේ පෙළඹවීම් තුළ පාරට බැසීම, පාසල් ගිණි තැබීම, පාසල් විනාශ කිරීම, වර්ජනය කිරීම සිදු නොකරන ලෙසත් මෙසේ ජනතාව පාරට බස්සවන පුද්ගලයන්ගේ දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ විදේශ විශ්වවිද්‍යාවල බවත් එම නිසා තවදුරටත් මොවුන්ගේ මේ වචන හරඹවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෞද්ගලික වි.වි. එපා කියන නායකයන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික වි.වි. වලට

රජයේ පාසල්වල දුවා දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පරිගණක අධ්‍යාපනය අකැප වුවාට තමන්ගේ ළමයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලැබීම සුදුසු බවට කාඩ්බෝඩ් සමාජවාදීන් සිතන බවත් ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාවලට එරෙහිව මහපාරේ උද්ඝෝෂණ කළත් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 වගේ මිරිගුවක් පස්සේ යන්න නම් එපා

2019 මිරිගුවක් පසුපස ගිය නිසා රටම බංකොලොත් වී ඇති නිසා 2024 දී හෝ සුහුරු රටක් බිහි කිරීම ආරම්භ කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බලයක් නොමැතිව දෙස් විදෙස් ධානපතියන්ගේ ආධාර උපකාර ගෙන සක්වල හා හුස්ම වැඩසටහන් කරන බවත් රජයෙන් අධ්‍යාපනයට සෞඛ්‍යයට වෙන් කරන මුදලින් මෙම ක්ෂේත්‍ර දියුණ කළ නොහැකි බවත් මේ අසාමාන්‍ය තත්ත්වය තුළ තීන්දු තීරණ ගත යුත්තේ රාමුවට කොටු වී නොව රාමුවෙන් පිටපැන අලුත් ආකාරයට සිතීමෙන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 175ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1925ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

හොරණ ව්‍යාපාරිකයාට වෙඩිතැබීමට හේතුව පෙම් පලහිලව්වක්! තොරතුරු රැසක් අනාවරණ වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කටුනායක ‌වීසා නිකුත් කිරීම VFS GLOBAL සමාගමට දී ඇත්තේ ටෙන්ඩර් නැතිව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.