ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය නිමිත්තෙන් උපහාර උත්සවයක් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (17) පැවැත්විණි.Sri Lanka Latest News
මෙහිදී ශ්‍රීලනිපයේ වත්මන් ප්‍රධානීන් වන මෛත්‍රීපාල පාර්ශ්වය මෙන්ම ශ්‍රීලනිපයේ තනතුරු පවරාගත් නිමල් සිරිපාල පාර්ශ්වය එකට උත්සවයට සහභාගී වුවද දෙපාර්ශ්වය දෙපැත්තේ අසුන් ගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය.
ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, විදුර වික්‍රමනායක,රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න,දුමින්ද දිසානායක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.