ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය ඊයේ පෙරවරුවේ (17) කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවත්විණි. උපහාර උත්සවයේ ප්‍රධාන අනුස්මරණ දේශනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පවත්වනු ලැබීය.Sri Lanka Latest News
සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල, සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදයේ සභාපතිනී කීර්තිලතා ලොකුලියනගේ, සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂද සංවිධානයේ චන්ද්‍රිකා ද සොයිසා මහාචාර්ය විශාඛා සුරිය බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළහ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදයේ සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.









