අද (20) සිට ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සදහා දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට අනෙකුත් දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලිහිල් කළද ආණ්ඩුව දුන් උපදෙස් පිළිනොපදිමින් ඇතැම් ජනතාව අවදානම් සහගත ලෙස කටයුතු කරන ආකාරයක් දැකගන්නට තිබිණ.
මෙහිදී පොදු ප්‍රවාහන සේවාවල 50%ක ප්‍රමාණයක් පමණක් ජනතාව ගෙන යා යුතු බව කියවුණද බොහෝ තැන්වල එම උපදෙස් පිළිගත් බවක් දැකගන්නට නොලැබිණ.
එමෙන්ම නගරයට පැමිණි ජනතාව මීටරයක දුර තබාගෙන සිය දෛනික රාජපකාරී ඉටුකරගන්නා බවක් හෝ දැකගන්නට නොතිබිණ.
සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන අද දින ගත් මෙම ජායාරූප ඊට කදිම නිදසුන්ය.















