කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇදිරි නීතිය ලිහිල් කිරීම බදාදා (22) දින සිදුකරන බව ප්‍රකාශ වී තිබුණද එය එළැඹෙන 27 වන දින පෙරවරු 05.00 දක්වා දක්වා කල්දමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
සෙසු දිස්ත‍්‍රික්ක සදහා දැනට ක‍්‍රියාත්මක දිවා කාලයේ ඉවත් කරන අකාරයෙන්ම ඇදිරි නීතිය අප්‍රේල් මස 24 වන දින පස්වරු 08.00 දක්වා ක්‍රියාත්මක කරයි. එතැන් සිට අපේ‍්‍රල් 27 වන දින පෙරවරු 05.00 දක්වා අඛණ්ඩව ක‍්‍රියාත්මකය.
ඒ අනුව සති අන්තයේ සියළු දිස්ත‍්‍රික්ක සදහා ඇදිරි නීතිය ක‍්‍රියාත්මකය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙසේය.











