• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

යුද්දෙන් ඇවිලුණු-සාමෙන් නිවුණු යාපනයට ‌කොරෝනාව කරපු ‌දේ

April 20, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
යුද්දෙන් ඇවිලුණු-සාමෙන් නිවුණු යාපනයට ‌කොරෝනාව කරපු ‌දේ
Share on WhatsAppShare on Facebook

“අපි යාපනේ යන ගමන්. යුද්ධෙන් පස්සෙ නටබුන් වුණ ඉතිහාසය දැන් අලුත්. ඒත් අපි යන්නෙ ඒ ඉතිහාසයට අයිතිවාසිකම් කියන තැනක් හොයන්න. මේ හමුදාව වගේම ත්‍රස්තවාදීන් දෙගොල්ලොම වැන්ද තැනක්.ඔව් ඇත්තටම මේ අපි යාපනේ යන ගමන්. පොල්රුප්පා වෙනුවට තල්රුප්පා වීදුරු කවුළුවෙන් පෙනිලා නොපෙනිලා යන්න පටන් ගන්නෙ එතකොට. පිච්ච මල් කොණ්ඩෙ එල්ලපු දෙමළ කෙල්ලො, මණිපූරි සාරි ඇඳලා පන්සීය නොම්බරේ තියෙන තැපැල් නයින්ටිවල පැත්ත හැරිලා ඉඳගෙන යනව පේන්න පටන් ගන්නෙ එතකොට. බයිසිකල්වල හුඞ් උසට බැඳපු කෙට්ටු උස දර මිටි කර පින්නා ගත්ත රැලේ ෆුට් සයිකල් පදින දෙමළ පිරිමි උතුරෙ ඉඳලා දකුණ පැත්තට එනවා. කෙළින් අතට මාගල එලුවා වගේ ඈත පේන කාපට් පාරෙ, උස නොයන මිටි කැලෑ අස්සෙන් අපි ඉගිලෙනවා.
“අපි යාපනේ යන්න යනවා.”
මේ පටන් ගැන්ම කියෙව්වම ඔබට පුදුම හිතුණද?

මේ කලබල අස්සෙ අපි යාපනේ යන්න යනවා කියලා. නෑ මේක 2019 ඔක්තෝබර් 16 වැනිදා ලියපු පරණ ලිපියක ආරම්භයක්. ඒක ආයෙ හොයාගෙන පළකරනවා ඇර දැන් අපිට වෙන කරන්න කියලා දෙයක් නෑ. ඉස්සර රට වටේම ඇවිද්ද අපි අද ගෙවල්වලට කූඩු වෙලා. ඔබයි අපියි අපි දෙගොල්ලොම එහෙමයි. මාධ්‍යවේදීන් විදියට අපේ හැඳුනුම්පත පාවිච්චි කරලා එළියට බහින්න ඉඩ දීලා තිබුණට ඔබයි අපියි අපි දෙගොල්ලොම අනාරක්ෂිත නිසා අපි මේ බොහෝ ගමන් නතර කරලා ගෙදරටම වෙලා ඉන්නවා. තව ටික දවසක් අපි හැමෝම ඉවසමු. හැබැයි අපි එහෙමයි කියලා අපේ වගකීම නතර කරන්නෙ නෑ. මේ ඒ වෙනුවෙන් අපි අපේ තියෙන සබඳතා පාවිච්චි කරලා කරපු උත්සාහයක්.
හැමෝම මේ වෙලාවෙ බලාගෙන ඉන්නෙ රටේ මොකද වෙන්නෙ කියලා දැනගන්න. එතකොට ඔබට හිතෙන්නෙ නෑ “යාපනේ…?” කියන මාතෘකාව ගැන කතා කරන්න. හැබැයි ලංකාවෙ එහා කොනේ තියෙන මේ පුංචි කොටසෙ අපේම මිනිස්සු පිරිසක් ඉන්නවා. වෙනසකට තියෙන්නෙ එයාලා කතා කරන භාෂාවයි, අපේ භාෂාවයි අතර වෙනසක් තියෙන එක. ඒ වෙනස හදපු අය ගැන මේ වෙලාවෙ කතා කරලා වැඩක් නෑ.
“ඒත් ඇත්තටම යාපනේ මොකද වෙන්නෙ?”
අපි අපේ හිතවතුන්ගෙන් ඇහුවා.
“මොනවද කියන්නෙ, යාපනේ හරියට ප්‍රශ්න…”
ඔවුන් කියන්නෙ එහෙම. හැබැයි ඒක ඉතාම සරල උත්තරයක්. ඒ උත්තරයට අදාළ දිග කොටස මේක.
“අපි ඉන්නෙ කඩවල්වල. නිදාගන්නෙ කඩවල්වල. කොහෙවත් යන්න බෑ”
ඔවුන් කියනවා.
“ඇයි ඒ?”
අපි අහනවා.
“යන්න බෑ. මෙහෙ අය කඩවල් කඩනවා. මෙහේ හැම තැනම කඩවල් කඩලා. සුපර් මාකට් ගොඩක් කඩලා. ඒ නිසා කරන්න දෙයක් නෑ.”
ඔවුන් කියනවා.
“මෙහෙ කඩවල් කඩන්නෙ කෑම හොයන්න. වෙන දේකට නමෙයි. මිනිස්සු ගාව ඕනෑ තරම් සල්ලි තියෙනවා. රත්තරං තියෙනවා. ඒත් කෑම නෑ. බිස්කට් හොයාගන්නවත් නෑ.”
කෙනෙක්ට මේ සම්බන්ධව විවිධ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් මේක තමයි යාපනේ අපි දකින යථාර්තය.
“හුඟාක් මිනිසුන්ට මේක තේරෙන්නෙවත් නෑ. අපි ඒ කාලෙ චීන මනුස්සයෙක් ආවට බඩු වික්කෙවත් නෑ. සමහර වෙලාවට අහක බලාගෙන හිටියා. ඒත් මෙහෙ මිනිස්සු හොඳටම පරිස්සං වෙලත් අන්තිමට ගම් පිටින් වහලා දාන්න වුණා.
පිටරටක පාස්ටර් කෙනෙක් මෙහෙට එනකල් කවුද බලාගෙන හිටියෙ. එතකොට ලංකාවෙ පළවෙනි ලෙඩා හම්බෙලත් ඉවරයි. එහෙමත් තියෙද්දී ඇයි එන්න දුන්නෙ. මෙහෙ අය වැරැදියි තමයි. ඒක අපි පිළිගන්නවා. මේ වෙලාවෙ මොන දේව මෙහෙයවල්ද. එවා කරලා වැඩක් නෑ කියලා දැනගෙන ඉන්න තිබුණා. ඒත් අපේ මිනිස්සු මෝඩයි. හැමදාම කාට හරි අහුවෙනවා.

“ඒත් ඇයි බලධාරීන්ට මේක නතර කරන්න බැරි වුණේ. මේකට මෙහෙයි එහෙයි ඔක්කෝම නිලධාරින් වැරැදියි….”
ඔවුන් කියන කතාවට උත්තර නෑ. මේ තරම් බරපතළ තත්ත්වයක් යටතේ යාපනය මේ අනතුරට නිරාවරණය කිරීමේ වරද ගැන කිසිවෙක් කතා කරන්නේ නෑ. ඒ ගැන කතා කරන බලධාරීන් දෙමළ බසින් කියන්නේ “ඒක වුණේ කොහොමද කියලා වෙනම පරීක්ෂණයක් කරන්න ඕන. ඒවා ඉහළින් ආපු දේවල්” කියලා.
“හමුදාව මාර දුකක් විඳිනවා. ආයෙ කියලා වැඩක් නෑ. දැන් ඉන්න තරුණ අය යුද්ධයක් දැක්ක අය නෙමෙයි. එයාලට මෙහෙ හරිම නුපුරුදුයි. හුඟක් වෙලාවට එක දෙමළ අකුරක් දන්නෙ නෑ එයාලා. ඒ නිසා අපි කියන එක තේරෙන්නෙ නෑ. අපිට එයාලා කියන එක තේරෙන්නෙ නෑ. ඒක මෙහෙ තියෙන ප්‍රශ්නයක්” ඔවුන් කියනවා.
“මෙහෙ හැම දේම වගේ කෙරෙන්නෙ හමුදාව අතින්. ඒ අස්සෙ පාරවල්වල හරියට දුක් විඳිනවා. මේ තියෙන තත්ත්වයත් එක්ක කෑමක් බීමක් දෙන්නත් බෑ”
මේ තමයි යාපනේ ටවුමෙ ඉන්න මිනිසුන්ගෙ අදහස. යාපනේ මාර්කට් එකේ කතාව මීට වඩා වෙනස් නෑ.
“අපි අනාත වෙලා ඉන්නෙ. අපි අවුරුද්දට ලෑස්ති වෙන්නෙ කාලයක් තිස්සෙ. මෙහෙ ඒ කාලෙට මාර විදියට බිස්නස්. හැබැයි දැන් ඒවා ඔක්කොම ඉවරයි. අපි ගැන කතා කරන්නත් කවුරුවත් නෑ.”
එක් අයෙක් එහෙම කියන කොට තව කෙනෙක් කියන්නෙ ඊට වඩා වෙනස් කතාවක්.
“මිනිසුන්ට දේවල් හම්බෙනවා. මෙහෙ ඉන්නවා සල්ලි තියෙන අය. සමහර සල්ලි එල්.ටී.ටී.ඊ. සල්ලි. කාටවත් ඒක කියන්න එපා. ඒත් එහෙම අය ඉන්නවා. එහෙම එක්කෙනෙක් තමයි ස්විස් නාදන්. එයා සල්ලි පාවිච්චි කරන්නෙ නෑ. ඒවා කාට හරි දෙනවා. යාපනේ ඉස්පිරිතාලෙට කෝටි දෙකක් දීලා. දැන් මේ වෙනකොට කෝටි තුනකට හතරකට වගේ ගානක් මිනිසුන්ට දීලාලු. එයාට සිංහල දෙමළ කියලා එකක් නෑ”
“මෙහෙ මිනිස්සු හැමදාම මොනවා හරි ටිකක් වැව්වා. කෙහෙල් ගස් ටිකක්, වම්බටු ගස් ටිකක් බණ්ඩක්කා, මිරිස්, රාබු ඔය මොනවා හරි තිබුණා.
ඒවා මාර්කට් එකට අරගෙන ගිහිල්ලා වික්කා. ඒක මේ මිනිස්සු හැමදාම කළා. දැන් ඒක ඉවරයි. හැබැයි ඔය මොනවා හරි දෙයක් තිබුණ නිසා මේ මිනිස්සු බඩ ගින්නෙ මැරෙන්නෙ නෑ..”
ඒක තවත් කතාවක්.
“මේ මිනිසුන්ගෙ පවුල්වලින් කවුරුම හරි කෙනෙක් ඉන්නෙ රට. ඒ ඉන්නෙත් යුරෝපෙ. ඇමෙරිකාවෙ, ඕස්ටේ්‍රලියාවෙ, නවසීලන්තෙ වගේ රටක. මේ මිනිස්සු ජීවත් වුණේ ඒ සල්ලිවලින්. ඒක නතර වෙලා. ඒක ලොකු ප්‍රශ්නයක්. සල්ලි නැතුව ගියාම මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. ඒක අද විතරක් නෙමෙයි,ඉස්සරහටත් බලපාවි.”
මේක යාපනේ තියෙන තවත් ප්‍රශ්නයක්. හැබැයි යාපනේ මිනිස්සු හිතාන ඉන්නෙ මේ ප්‍රශ්නයට යාපනේ වෛද්‍යවරු සාර්ථකව මූණ දුන්නා කියන එක.
“මෙහෙ ප්‍රශ්නෙ දැනගත්ත ගමන්ම එයාලව වෙන් කරලා ගත්තා. ඒක නිසා ඉක්මනට ප්‍රශ්නය විසඳුණා.”
ඒ කියන්නේ අරියාලෙ දේවමෙහෙය හා ඒ පිළිබඳ ප්‍රශ්නය ගැන. ඒ හරහා රෝගීන් අට දෙනෙක් හඳුනා ගත් කතාවක් තමයි කියන්නෙ. වාසනාවකට ඔවුන් යාපනේ ප්‍රධාන නගරෙට සම්බන්ධ නෑ. ඒ මේ ප්‍රශ්නය දැක්ක ගමන් රජය ගත්ත සමහර පියවර නිසා. මේක අද මේ විදියට විසඳිලා. හැබැයි යාපනේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා කවදා විසඳෙයිද දන්නෙ නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඇරපු ගමන් ‌රටට වෙච්ච ‌දෙයක් (PHOTOS)

Next Post

කොරෝනා භීතියකින් නීතිපති ‌දෙපාර්තමේන්තුවේ පැත්තක් වැහෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.