• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

තරුවක වල්ගෙ එල්ලුන මංජුල අහසෙන් බිමට

April 20, 2020
in News, Politics
Reading Time: 8 mins read
A A
තරුවක වල්ගෙ එල්ලුන මංජුල අහසෙන් බිමට
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යාමත් එක්ක දැඩි විවේචනයට ලක් වූ එක් දෙයක් තමයි ජ්‍යොතිෂය. ජ්‍යොතිෂ, නක්ෂත්‍රය වගේ විද්‍යාවන් උපයෝගී කරගෙන වගේම වෙනත් ක්‍රම හරහාත් අනාවැකි පළ කරන බොහෝ දෙනෙක් අපේ රටෙත් ඉන්නවා. ඒත් මේ කාටවත්ම මේ වසංගතය ගැන කල් තියා මොකුත්ම කියා ගන්න බැරි වුණා. ඒ හින්දා මේ දේවල් ගැන ලොකුවට විශ්වාස කෙරුව ගොඩක් අය මේ වෙද්දී තම විශ්වාසයන් ගැන දෙගිඩියාවකට පත් වෙලා ඉන්නවා කිව්වොත් නිවැරැදියි. වෙන රටවල කොහොම වුණත් අපේ රටේ නම් ගොඩක් අනාවැකිකරුවෝ මතු වෙන්නේ මැතිවරණ සමයට. හැබැයි ඒ අයගේ අනාවැකි බොරු වුණත් විවිධ හේතු මතු කරලා ඒවා වහ ගන්නත් ඒ අය දක්ෂයි. කොහොම වුණත් කොරෝනා එක්ක ඒ අයට ඒ සෙල්ලම කරන්න බැරි වුණා. ඒ හින්දා ඒ ගොඩ දෙනෙක් කෙරුවේ කට වහගෙන හිටිය එක. රටේ වෙන හැම දෙයක් ගැනම කතා කරන මේ අය කෝ කියල අපි පසුගිය සතියේ ප්‍රශ්න කෙරුවා. “සාත්තර සූත්තර තෝත්තර මාත්තර කෝ.” කියලා පළ වුණු ඒ විශේෂාංගය ඔබ කියවන්න ඇති.
කොරෝනා වසංගතය ලංකාවට එන්න කලින් ලංකාවේ ජනප්‍රියම අනාවැකිකරුවෙක් වන ඉන්දික තොටවත්ත මහත්තයා කිව්වේ කොරෝනාවෙන් ලංකාව ආරක්ෂිතයි කියලා. හැබැයි කොරෝනා ලංකාවට ආවා. සමාජ මාධ්‍ය ඔස්සේ තොටවත්ත මහත්තයා දැඩි විවේචනයට ලක් වුණා. හැබැයි ඒ විවේචනවලට පිළිතුරු නොදී නිහඬව හිටපු හින්දා ඒ සංවාදය එහෙමම යට ගියා.
මංජුල පීරිස් මහත්මයා කියන්නෙත් ඒ වගේ බොහොම ජනප්‍රිය අනාවැකිකරුවෙක්. පසුගිය සතියේ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට ආව මංජුල පීරිස් මහත්තයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. එතුමා කියපු විදියටම ඒ ප්‍රකාශය ඉදිරිපත් කරනවා නම් මෙන්න මෙහෙමයි.

“වල්ගා තරු හොයා ගෙන දැන් ගොඩක් කල්. සූර්යාට ළං වන විට සූර්ය රශ්මියට මේ වල්ගා තරුව පිච්චෙනවා. වල්ගා තරුව පිච්චිලා දූවිලි අංශු එකතු වෙලා වල්ගයක් හැදෙනවා. ඒක දිලිසෙනවා. ඒ නිසා තමයි වල්ගා තරුව කියලා කියන්නේ. හැලීගේ ධූම කේතුව කියලා කිව්වා. හැලීගේ වල්ගා තරුව කියලා තාරකා විද්‍යාඥයෙක්ගේ නමක් මේකට පටබැන්දා. ඒ 1918, 1920 තරම් ඈත කාලයේදි. එහි බලපෑමක් සහ යම් ග්‍රහ සංයෝගවල බලපෑමක් හේතු කොට ගෙන මේ කොරෝනාව ඇති වුණා කියලා අපිට කියන්න පුළුවන්. ග්‍රහ ලොවේ සෙන්පතියා විදියට අපි හඳුන්වන්නේ අඟහරු. මේ අඟහරු තමයි ග්‍රහ ලොවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය. අද ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අපිට නැතුවම බැරි වෙලා තියෙනවා.”
මංජුල පීරිස් මහත්තයාගේ මේ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි හාස්‍යයට බඳුන් වුණා. ඇත්තම කිව්වොත් මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට අපේ රටේ ගොඩ දෙනෙක් සිනහා වුණේ මේ ප්‍රකාශය හින්දා කිව්වොත් ඒක වැරැදි නැහැ. මේ අතරේ ඊට දිනකට දෙකකට පස්සේ මංජුල පීරිස් මහත්මයා තමන්ගේ ෆේස්බුක් පිටුව හරහා මේ සම්බන්ධයෙන් තවත් අදහසක් දක්වලා තිබුණා.
“මට බනිමින් inbox/comments වල හැසිරුණු සැවොමගේ නම් මා සතුව ඇත. ඉදිරිකාලයේදී ඔබලා ප්‍රවේසම් වන්න. විශ්ව ශක්ති බලයෙන් ඔබලාට දඬුවම් ලැබෙනු ඇත.” මේ වෙද්දී මංජුල පීරිස් මහත්මයාගේ දෙවැනි ප්‍රකාශයත් දැඩි හාස්‍යයකට ලක් වෙමින් තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ප්‍රකාශයත් ඉතා වේගයෙන් පැතිර යනවා. හැබැයි මේ ප්‍රතිචාර දැක්වීම හින්දා ඉන්දික තොටවත්ත මහත්තයාගේ ප්‍රකාශය තරම් ඉක්මණට මංජුල පීරිස් මහත්මයාගේ ප්‍රකාශය සමාජයට අමතක වෙන එකක් නම් නැහැ. මේ වෙලාව වෙනකොට ලෝකයේ නවීන විද්‍යාව පරාජය වෙලා ඉවරයි. තමන් ගාව ඉහළම තාක්ෂණය හිමි රටවල් තමයි කොරෝනා ප්‍රහාරයෙන් හොඳටෝම අඩපණ වුණේ. ඒ නිසා තවදුරටත් කොරෝනා ගැන නවීන තාක්ෂණිකව කතා කරලා වැඩක්නෑ. ඒත් මේ වෙලාවෙ මොනවද මේ අපේ උන්දලා කියන්නෙ? අපේ ගම්වල ඕකට කියන්නෙ “කටකමිසිරියාවක්නැතිකම” කියලා. සාමාන්‍යයෙන් අපි කටින් කියන්නෙ ඊට කලින් මොළෙන් හිතලා. එහෙම නැතිව කටින්ම හිතලා කටින්ම කියන එක විශේෂ දක්ෂතාවයක්. ඒ වගේම වෙන මොකක් හරි එකකින් හිතලා කියලා දාන්න පුළුවන් විදියට වෙන මොකක් හරි අවයවයක් දියුණු කරගන්නවා නම් ඒකත් විශේෂ දක්ෂතාවයක්. සමහර විට මේ මහත්තුරුන්ට එහෙම එකක් පුළුවන් වෙන්නත් බැරි නෑ.

ඒ නිසා අපි මේ ගැන රටේ විශේෂ පිරිසක් සමග කතා කරන්න සූදානම් වුණා.

මේක සොබාදහමට එරෙහිව ගිය මිනිසුන්ට හම්බුණ උත්තරයක්

“මේක මේ සොබාදහමට එරෙහිව ගිය මිනිසුන්ට හම්බුණ උත්තරයක්. විවිධ අය විවිධ කතා කියනවා. ඒ අතර කියවෙනවා මේක චීනය විසින් නිෂ්පාදනය කරපු දෙයක් කියලා. තවත් පිරිසක් කියනවා ඇමරිකාවෙන් එව්වාය කියලා. හැබැයි කොහොම වුණත් මේ වෙනකොට අපිට වෙලා තියෙන්නෙ සොබාදහමට අවනත වෙන්න. දැන් වෙලා තියෙන්නෙ ඒක. අපි ඉස්සර වවුලො කාපු අඹ කොටේ කෑවා. අපිට මොකද වුණේ.අපි ඒ කාලෙ පරිසරේම කොටසක්. අපිට වැරදුණේ එතැන. දැන් අපි මේකට අවනත වෙන්නම ඕන. සොබාදහම කියන දේකට අවනත වෙන්න ඕන. මේ දේවල් දිහා පටු විදියට බලන්න හොඳ නෑ. අද වෙනකොට භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් උපසම්පදාව සම්පූර්ණ කරගන්න බැරිව ඉන්නවා. ලෝකයම වෙනස්වෙලා”

වයඹ පළාත් සංඝ නායක මුගුණු වටවන සිද්ධත්ත නායක හිමි

තමන්ට වාසි විදිහට සමහරු කතා හදනවා

“එක තමයි මොනවාහරි ව්‍යසනයකදි විවිධ ප්‍රකාශ එළියට එනවා. ඒවා සමහර විට අහඹුවක් වෙන්න පුළුවන්. පූර්ව නිගමන සහ පසු නිගමනවලට එන්න බෑ. මොකද අපි දන්නවා බොහෝ දේවල් දේශපාලනිකව හදනවා. ට්‍රම්ප්ගෙ ඉඳලම එහෙමයි. තමන්ට වාසි සහගත විදියට හදන කතාව තමයි අපි අහන්නෙ. වැදගත් රියලටි එක මොකක්ද කියන එක නෙමෙයි. ඒ මත අදහන ෆැන්ටසිය තමයි වැදගත්. ඕකට උත්තරයක් හොයන්න ඕන සයන්ස්. ඒත් අවාසනාවකට ලෝකයේ සයන්ස් පවා බලය මත පදනම් වෙනවා. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා කියවෙන්නෙත් ප්‍රාග්ධනය සහ දේශපාලනය මත”

මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර හා සමෝදාන අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල මහතා

ජඩ මාධ්‍ය රටටම විහිළු සපයනවා

“නව කොරෝනා වෛරසය හෙවත් Covid 19 වෛරසය නිසා මුළු ලෝකයම එක් තැනක නැවතී ඇත. එවන් පසුබිමක ශ්‍රී ලංකිකයන් වන අපි එම උවදුරට සාර්ථකව මුහුණ දෙමින් සිටිමු. නමුත් සෞඛ්‍ය අංශවල හා අනෙකුත් විරුවන්ගේ සියලු කැපකිරීම්, උත්සාහයන් පවා බිමට සමතළා කර ලෝකයට විහිළු සැපයීමට ඇතැම් ජඩ මාධ්‍ය කටයුතු කිරීම කනගාටුවට කරුණකි. ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක මැතකදී එක්තරා ජ්‍යෙතිෂ්‍යවේදියකු සමග පැවත්වූ සාකච්ඡාවකදී කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ආරම්භයට හේතුව හේලිගේ වල්ගා තරුව බව පවසනවා අපි දුටුවෙමු. විද්‍යාව පවා අසරණව ඇති මෙම මොහොතේ අවිද්‍යාව වැපිරීමට මෙවැනි ඊනියා ජ්‍යෙතිෂ්‍යවේදින්ට වේදිකා තනනා ජනතාවගේ සංඛ්‍යාත අවභාවිතා කරන කළුකඩ මාධ්‍යකාරයින්ට එරෙහිව නිතීමය පියවර ගත යුතුය. අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් දිනපතා අත්අඩංගුවට පත්වනවා දුටුවද, ඉහත කී ජ්‍යෙතිෂ්‍යවේදීන්ට මෙන්ම ඔවුන්ගේ බොරු ව්‍යාප්ත කිරීමට මං තනාදෙන මාධ්‍ය ආයතනවලටද එරෙහිව නිතීමය පියවර නොගන්නේ, ඇත්තටම නව කොරෝනා වෛරසයේ ප්‍රාරම්භය හේලිගේ වල්ගා තරුවෙන්ම සිදුවුණ නිසාද?”

සජීව විමුක්ති මීගහවත්ත
ශ්‍රී ලංකා නීති විද්‍යාලය

වල්ගතරුවක කතාවක් නෑ

“මේක මේ වල්ග තරුවක කතාවක් නෙමෙයි. මේක අපි සහ පරිසරය අතර ප්‍රශ්නයක්. වැරදිකාරයා පරිසරය. දඬුවම් ලැබුණේ පරිසරයෙන්. දැනුත් අපි කෑලි කෑලිවලට බෙදිලා ගහගන්න එක. එහෙං මෙහෙට මෙහෙං එහෙට චෝදනා කරනවා. අපි අපිට අවංක නෑ. හිත්වලට එන ප්‍රකාශ කරනවා. ඒක ලොකු වරදක්”

ඕමන්තේ නාග පූසාරී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූසාරිතුමන් වන රතනම් දර්ණු පූසාරිතුා

ඒක මිථ්‍යා මතයක්

“ Covid -19 කියන්නේ ලෝකෙටම අලුත් වෛරස් එකක්. ඒක නිසා වෛරසයේ හැසිරීම, වෛරසය පරද්දවන්න පුළුවන් ක්‍රම ගැන තවම වෛද්‍ය විද්‍යානුකූලව අධ්‍යයන කරමින් ඉන්නේ. වල්ගා තරුවකින් වෛරසය ලෝකෙට ආවා වගේ සුරංගනා කතා හින්දා ජනතාව අතර අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඇත්තටම මාධ්‍යත් මේ වෙලාවේ හරිම දේ පමණක් විකාශය කරන්න වගකීමෙන් වැඩ කරන්න ඕනේ. මොකද මේ වගේ මිථ්‍යා මතයක් සමාජගත වුණොත් සෞඛ්‍ය අංශ ඇතුළු මේ වෙලාවේ කැපවීමෙන් කටයුතු කරන අයට වෙනම වෙහෙසක් දරන්න සිද්ධවෙනවා, ඒවා නිවැරැදි කරන්න. කොරෝනා වෛරසය මේ වෙද්දි අපිට ගොඩක් පාඩම් උගන්නලා තියෙන්නේ. ඉතින් ඒ පාඩම් සැලකිල්ලට අරගෙන මිථ්‍යා මත බිඳ දාලා, වැරැදි තීරණ නිවැරැදි කරගෙන ශ්‍රී ලාංකිකයෝ විදිහට නැගී සිටලා, ස්වයංපෝෂිත රටක් විදිහට ඉස්සරහට යමු.”

ආසිරි කරුණානායක
අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය-කැලණිය විශ්වවිද්‍යාලය

ලිපිය සකස් කළේ චන්දන ‌පොන්නම්පෙරුම සහ ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

A/L තියන්න පුලුවන්ද-බැරිද? රට වටෙන්ම කියන කතා ‌මෙන්න

Next Post

මෙදා සැරේ ඇත්තටම රන්ජන්ට ‌මොකද වුණේ?

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.