• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

A/L තියන්න පුලුවන්ද-බැරිද? රට වටෙන්ම කියන කතා ‌මෙන්න

April 20, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
A/L තියන්න පුලුවන්ද-බැරිද? රට වටෙන්ම කියන කතා ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

“අපි කිසිම වෙනසක් නොකර විභාග තියනවා. උසස් පෙළ විභාගෙ වගේම ශිෂ්‍යත්ව විභාගයෙත් තත්ත්වය ඒක”
මේ කතාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපනය භාර අමාත්‍යවර ඩලස් අලහප්පෙරුම විසින් කියනා අයුරු, ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකාවක ප්‍රවෘත්ති විකාශනයක් ඔස්සේ කියවෙනු මා දුටුවේය. ඒ ප්‍රකාශයේ වචනයක දෙකක යම් වෙනසක් තිබිය හැකි නමුදු අර්ථය මේකය.
කෙසේ වෙතත් මේ වෙන කොට තීන්දු කර ඇත්තේ නව අධ්‍යාපන වාරය මැයි එකොළහ ඇරඹෙනා බවකි. මැයි 11 වැනිදා පටන් ගන්නේ නම් අගෝස්තු දක්වා දින 59ක් පාසල් පැවැත්විය හැක. ඒ සාමාන්‍ය පාසල් කාලය අනුවය. එවිට දිනකදී කාලච්ඡේද දෙක බැගින් උගන්වන්නේ නම් වැඩ කළ හැකි කාලය පැය 78කි. ඒ අනුව උසස් පෙළ විෂය සඳහා ගුරුවරයෙක්ට අවමය පැය හැත්තෑ අටක කාලයක් තුළ සිය ඉගැන්වීම් හමාර කළ යුතුය. එසේ වෙන්නට නම් පළමු වාර විභාගය වගේම දෙවැනි වාර විභාගයත් සිසුන්ට අහිමි වනු ඇත. එවිට සිය පාසල් ජීවිතය තුළ යළි කිසිදු වාර විභාගයකට පෙනී සිටීමේ ඉඩ මේ සිසුන්ට නොලැබී යයි.

“ඒක ගානක් නෑ”
කියන්නට අධ්‍යාපන බලධාරීන්ට අවසර නැත. මක්නිසාද යත් එසේ නම් මේ විභාග ක්‍රමයේ උවමනාව ගැන ඕනෑම කෙනෙක් ප්‍රශ්න කරනු ඇත. නමුත් මෙවැනි විශේෂ අවස්ථාවකදී යම් කැපකිරීම් කරන්නට සිදුවෙන බව හැබෑය.
අධ්‍යාපන ක්‍රමයේද යම් වෙනස් කම් කරන්නට සිදුවිය හැක. යම් හෙයකින් පාසල් කාලය පැය කීපයකින් වැඩි විය හැක. එය පූර්ණ වශයෙන් කරන්නේ යැයි සිතයි නම් උපරිමය විය හැක්කේ උදෑසන හයේ පමණ සිට හවස පහ පමණ වෙන තෙක්ය. සාමාන්‍යයෙන් රටක රාජකාරි කාලය පැය අටකි. එයිනුත් ඔබ්බට ගොස් පැය 12ක කාලයක් පාසල් පවත්වන බව යම් හෙයකින් අනුමාන කරමු. එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නකි. නමුත් මේ උපකල්පනයේ පිහිටා ගණන් හැදීමේ වරදක් නැත.
එවිට පැය හත්සිය අටක පාසල් කාලයක් ලැබේ. එය සාමාන්‍ය පාසල් කාලය අනුව ගණන් හැදූ විට දින එකසිය දහඅටකි. එවිට මේ අවාසිය පූර්ණ වාසියක් බවට හැරෙනු ඇත. නමුත් කිසිසේත්ම විසඳාගත නොහැකි ප්‍රශ්න සිය ගණනකට කඩිනම් විසඳුම් හොයන්නට රජයට සිදු වෙනු ඇත.
ගණන් බැලූ කල මාර්තු මාසයේ සිසුන්ට අහිමි වූ පාසල් දින ගණන දහතුනකි. අප්‍රේල් මාසයේද දින දහතුනකි. මැයි මාසයේ වෙසක් සහ මැයි දින නිවාඩු ඉවත් කළ විට දින තුනකි. ඒ අනුව සමස්ත දින ගණන විසිනමයකි. මැයි එකොළොස් වෙනිදා පාසල් ආරම්භ වේයැයි උපකල්පනය කරනා විට මේ අනුව සිසුන්ට අහිමිව ගිය පාසල් කාලය පැය එකසිය හැත්තෑ හතරකි. එය පිරිමසා ගන්නට නම් අගෝස්තු මාසයේ පළමුවැනිදා වන විට අධ්‍යාපන කටයුතු නතර කරන්නේ නම් දිනකට පැය තුනක් පමණක් එක් කිරීමෙන් මේ ගැටලුව පහසුවෙන් විසඳෙනු ඇත. පාසල උදෑසන හයයි තිහට ඇරඹේ නම් පාසල තුනයි තිහ දක්වා පවත්වන්නට සිදු වේ. එයද ප්‍රායෝගික නැතිමුත් යම් තරමකින් ගැටලුවට විසඳුමක් වනු ඇත. එසේ නොමැතිනම් යම් හෙයකින් අමතර දින විසිනමයක් පමණක් පාසල් පැවැත්වීම මේ පාසල් කාලය පිළිබඳ ගැටලුව විසඳීමට උදව්වක් වනු ඇත. නමුත් එය මැයි 11 සිට සෙනසුරාදා ඉරිදා දින සියල්ල යොදාගත්තද ප්‍රමාණවත් නැත. නමුත් අගෝස්තු මාසයේම පාසල් පවත්වා සැප්තැම්බර් මාසයේ අගෝස්තු විභාග පවත්වන්නේ නම් එයද මේ අමතර දින ගණනේ ප්‍රශ්නයට විසඳුමකි. නමුත් මේ සියල්ලම සිදුවන්නේ මැයි 11 වැනිදා පාසල් යළි ආරම්භ කළ හැකි නම් පමණි. එසේ නොවෙන්නේ නම් ඒ ප්‍රශ්නය මීට වඩා බරපතළ වනු ඇත.

ඒ නිසාම අපි මේ ගැන විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරන්නට සිතීමු. අපි ඒ සඳහා මුලින්ම තෝරාගත්තේ අනුරාධපුර උසස්පෙළ ආචාර්යවරයෙක්වය. මේ අයගේ නම් ගම් පළකිරීම ගැන ඒ අයගේ අකැමැත්තක් නැතිමුත් මේ රටේ ප්‍රකාශනයේ නිදහස ගැන ඇති අවිශ්වාසය නිසා අපි හැකි උපරිමයෙන් ඔවුන් හෙළිදරව් නොකරන්නට තීරණය කළෙමු.
“මැයි 11 ඉස්කෝලෙ පටන් ගන්නවා කියන තැන ඉඳලා මම කතා කරන්නෙ. විභාගෙ අගෝස්තු තිබ්බෙ නැත්නම් සිස්ටම් එක වැටෙනවා. ලංකාවෙ අධ්‍යාපනය ඇත්තටම සැලසුම් කරලා තියෙන්නෙ අවුරුද්දක කැලැන්ඩරයකට අනුව. එතකොට ඒලෙවල් විභාගෙ අගෝස්තු නොතිබ්බොත් මේ ක්‍රමය අවුල් වෙනවා. ඒලෙවල් සහ ශිෂ්‍යත්වය දෙසැම්බර්වලට ගියොත් එතකොට සාමාන්‍ය පෙළ?
ඒ නිසා මේකට තියෙන සරලම විසඳුම මම හිතන්නෙ විභාගයට ප්‍රශ්න පත්‍ර හදන අයගෙ අතේ තියෙන්නෙ. විභාගයට අදාළ දින එහෙ මෙහෙ නොකොට ඒ දවස්වල පාඩුව ගැන සලකලා ප්‍රශ්න පත්‍ර හදන එකෙන් සියලුම ප්‍රශ්න විසඳේවි. හැබැයි දැනට අපේ ඉස්කෝලවල ළමයි මේ අන්තර්ජාල අධ්‍යාපනය සාර්ථකව කරනවා කියලා මට හිතෙනවා”
මේ තවත් කොළඹ පාසලක ගුරුවරියක අපට ඒ ගැන කියනා අදහසයි.
“මම දකින විදිහට මේ කොරෝනා ප්‍රශ්නය මැයි 11 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම රටින් තුරන් වෙනවානම් අගෝස්තු මාසෙ විභාගය තිබීම විශාල ගැටලුවක් නෙවෙයි. මොකද එතකොට ගුරුවරුන්ට පුළුවන් අමතර දින යොදාගෙන සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් කරන්න. ඒ වගේම අගෝස්තු මාසේ විභාගය කල් යෑම සමස්ත විභාග ක්‍රියාදාමය මෙන්ම විශ්වවිද්‍යාල ආදී අධ්‍යයන ආයතනයන්හී බඳවා ගැනීමේ ක්‍රියාදාමයන්ටද බාධාවක්. එහෙත් මේ උවදුර බලාපොරොත්තු වන ආකාරයෙන් මැයි මස 11 වැනිදා වන විටත් සම්පූර්ණයෙන්ම තුරන් නොවේනම් ආත්මාර්ථකාමී ලෙස සමස්ත පද්ධතියේම යහපත උදෙසා මේ වසරේ විභාගයට මුහුණ දෙන ළමුන්ගේ අනාගතය තීරණය කරන විභාගය පැවැත්වීම අසාධාරණයි. එය ළමුන්ට පමණක් නොව ගුරුවරුන්ටද කරන බලවත් අසාධාරණයක්.”

මේ ගම්පහ ප්‍රධානම කාන්තා පාසලක ගුරුවරයෙක් අපට එවූ පණිවුඩයයි.
“උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයට කල් දැමිය යුතු බව මගේ අදහසයි. ධරැ ඛ සහ ් රැඛ යන දෙකම එකට පැවැත්විය හැකිය. අගෝස්තු නිවාඩුව ලබා නොදිය යුතුය, එය ලබා දෙන්නේ නම් එය සතියකට කෙටි කළ යුතුය.”
ඉන් පසුව අප සමග ඒ ගැන කතා කළේ තණමල්විල අධ්‍යාපන කලාපයේ ගුරුවරයෙක්.
“දෙසැම්බර් විභාගෙ තියෙන එක ගැන ගැටලුවක් නෑ. සාමාන්‍යයෙන් හැම පාසලකම නිවාසාන්තර ක්‍රීඩා උළෙල තියන්නෙ අවුරුද්දක් ඇර අවුරුද්දක්. සාමාන්‍යයෙන් ලංකාවෙ අවුරුද්දට ඕලෙවල් ලියන්නෙ ලක්ෂ 6ක් නම් නිවාසාන්තර හින්දා එක අවුරුද්දකට විභාගෙ පාඩු වෙන්නෙ ලක්ෂ තුනකට.
සීයට පනහකට මේ වාරෙ මාර්තු වෙනකොට අවශ්‍ය ටික කෙරිලා. අනිත් අයට ගිය අවුරුද්දෙ ඒ ටික සම්පූර්ණයි. වාර විභාගෙ කරන්න බැරි වුණ එක විතරයි ඇත්තටම වුණේ.
ගිය අවුරුද්දෙ උදෑසන 6.30ට පටන් අරන් හවස් වෙනකල් හුඟාක් ඉස්කෝල වල අධ්‍යාපන කටයුතු කෙරුණා. ඒ නිසා සාමාන්‍ය පෙළ ගැන ප්‍රශ්නයක් නෑ.”

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කොරෝනා මැද්දෙත් ‌ගෙදර ‌නොගිහින් දළදා බුදුරැස් විහිදුවන්න ‌වෙහෙසෙන අපේ ඈයෝ

Next Post

තරුවක වල්ගෙ එල්ලුන මංජුල අහසෙන් බිමට

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.