• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ මැතිඇමැතිවරුන් පිරිවරාගෙන ඇවිත් රනිල් රත්නපුරේ මැණික් කුළුණ විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

April 4, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook


පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ රජය රට තුළ නිර්මාණය කළ එම සහනදායි පසුබිම නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්‍රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්‍රපාතයට ඇද දමනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද සඳහන් කළේය.

2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමගම ජනතාවට ද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා ශක්තිමත් ආර්ථිකයක් සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දුන්නේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක් වෙමිනි.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබේ. එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500කි.
අද විවෘත කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා ද සපයනු ඇත.
සමරු ඵලකය නිරාවරණය කර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය.
මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.
ජනාධිපතිවරයා විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටලු විසඳමින් ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ලබාදිය හැකි සහන පිළිබඳ වාර්තාවක් මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ලබාදෙන ලෙස තමා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් පැවසීය. එම වැඩපිළිවෙළෙහි වාසිය මැණික් පතල්කරුවන්ටද හිමිවිය යුතු බව තමා දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද විවෘත වන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය මගින් මෙරට මැණික් ජාත්‍යන්තරයේ නිසි වටිනාකමක් ලබාගත හැකි තත්ත්වයට පරිවර්තනය කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය
මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ වැඩකටයතු ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීයි. ඒ වගේම මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට කැපවීමෙන් කටයුතු කළ ලොහාන් රත්වත්තේ සහ චාමර සම්පත් යන අමාත්‍යවරුන් ද සිහිපත් කළයුතුයි.
මෙම මධ්‍යස්ථානය රත්නපුරයට පමණක් නොවෙයි, රටේම ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා රජය අවධානයෙන් කටයුතු කරන අතර ජාතික ආර්ථිකය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම එහි අරමුණ වෙනවා. කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩාවැටීම හමුවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාතයත් පසුගිය 2021-2022 කාලසීමාව තුළ ඉතා අසීරුතාවකට මුහුණ දුන්නා. කෙසේ හෝ 2023 වසරේ මෙම කර්මාන්තයේ යම් දියුණුවක් ඇති වුණා. එම දායකත්වය රටේ ආර්ථිකය ගොඩනැගීමට ද ශක්තියක් වූ බව කිවයුතුයි.
ඒ වගේම බදු වැඩි කිරීම සමඟ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු පිළිබඳ පසුගියදා එම ක්ෂේත්‍රයේ නියුතු පිරිසක් පැමිණ මා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව ඒ සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කර මෙම අප්‍රේල් මාසය අවසන් වන විට වාර්තාවක් ලබා දෙන ලෙස මම නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. එසේම ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක ආදායමක් උපයා ගැනීම ඉලක්ක කර ගනිමින් අප වැඩ කළයුතුයි. මෙම ක්ෂේත්‍රය දියුණු කරන විට මැණික් පතල්කරුවන්ටත් මෙහි වාසිය හිමිවිය යුතුයි.
අපි වසර දෙකක් ඉතා අසීරුවෙන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. එහිදී බදු වැඩි කිරීම ඇතුළු ඉතා අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් අද ප්‍රතිඵල දෙස බැලීමේදී විශ්වාසයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.
2022 ජූලි මාසයේ මෙරට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සෘන 7.4යි. 2024 එය ධන 4.5යි. වසර දෙකකින් සිදුව ඇති වෙනස එමඟින් පැහැදිළි වෙනවා. එම වෙනස සිදු කළේ මෙම අසීරුතා දරාගත් ජනතාවයි.
2022 ජූලි මාසයේ උද්ධමනය 54.6%යි. අද උද්ධමනය .9%යි. උද්ධමනය පාලනය වූ විට රුපියල ශක්තිමත් වෙනවා. එදා බැංකු පොළිය 23.8%යි. දැන් 10.3%යි. ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා මෙය අඩු කිරීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එදා විදේශ විනිමය අනුපාතය ඩොලරයකට රුපියල් 361.8යි. අද රුපියල් 300.4 යි. අප උත්සාහ කරන්නේ එය රුපියල් 280 දක්වා පහතට ගෙන ඒමටයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා.
2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩි වී තිබෙනවා. ඒ වගේම සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා.

ඒ වගේම අපි දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුතු අවසන් කරගෙන යනවා. දේශීය ණය ගැන අපි සාකච්ඡා කර අවසන්. දැන් අප අපට ණය ලබා දුන් රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නම් අදාළ ඉලක්ක අනුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන එම එකඟතාවන් අනුව අප ඉදිරියට යා යුතුයි.
රජයේ ණය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 128%ක් තිබෙනවා. 2032 වන විට අපි එය 95%කට අඩු කරගත යුතුයි. දැනට අපිට අවශ්‍ය මුදල් අදායම්වලට අමතරව දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක් ලබා ගැනීමට තිබෙනවා. 2032 වන එය 13%කට අඩු කිරීමට තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනීම අද දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4%ක් වෙනවා. එය 2025 වසරේ සිට 2.3%ක අතිරික්තයක් බවට පත් කරගත යුතුයි. මෙම ඉලක්ක සමග අප ඉදිරි වැඩකටයුතු කළයුතුයි.
මෙම කටයුතුවලින් ඉවත්වුවහොත් අපිට ණය ලබා දුන් රටවල් අපට දන්වනවා “ඔබ කොන්දේසි කැඩුවා ඒ නිසා ණය නැවත දෙන්න” කියලා. නමුත් අපි මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
ඒ වගේම මෙවර අපට මහ කන්නයේ දී හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම මේ සිංහල අලුත් අවුරුද්දේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අපි කටයුතු කළා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ඉහළ දැමීම නිසා ජනතාවට සහන ලැබී තිබෙනවා. මේ මාසයේ සහ ලබන මාසයේ තවත් සහල් කිලෝ 20ක් අඩු අදායම්ලාභී ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. එසේම විමධ්‍යගත අයවැය ලබාදීම ආරම්භ කර තිබෙන නිසා ගමේ ආර්ථිකයට නැවත මුදල් ලැබී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් අද ඉහළ ආදායමක් ලැබෙනවා. ඒ වගේම විදේශ විනිමය අපේ රටට නැවත ලැබීමට පටන් ගෙන තිබෙනවා. මේ අයුරින් අද රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය නැවත ගොඩනැගෙමින් තිබෙනවා.
එදා ත්‍රිවිල් රථයකට කුලී ගමනක් යාමට ඉන්ධන තිබුණේ නැහැ. විදුලිබලය තිබුනේ නැහැ. අද ඕනතරම් ඉන්ධන තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා ත්‍රිවිල් රථ රියදුරන්ගේ ආදයම වැඩි වී තිබෙනවා. අද ත්‍රිවිල් රථවල පෝස්ටර් ගහගෙන දේශපාලනය කරනවා. නමුත් අප පසුගිය වසර දෙක තුළ මෙම පියවර ගත්තේ නැත්නම් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.අපි මේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. මින් ඉවත් වුවහොත් අපි නැවත වැටෙනවා. තවමත් අප සිටින්නේ ඒදණ්ඩ මතයි. ඒ නිසා එයින් වැටෙනවද, නැද්ද කියා අප තීරණය කළ යුතුයි.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා
2021 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය අද ජනතාවට භාරදීම සිදු කරනවා. මැණික් ව්‍යාපාරිකයන්ට අත්‍යවශ්‍යව පැවති පැවති මෙම මධ්‍යස්ථානය ලබාදීම තුළින් රටේ විදේශ විනිමය සීඝ්‍ර ලෙස වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මැණික් ව්‍යාපාරිකයන්ට තිබෙන විවිධ දුෂ්කරතා පිළිබඳව මෙම දිස්ත්‍රික්කයේ නායකයින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. ඊට කඩිනමින් විසඳුම් ලබාදීමටත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මෙම මධ්‍යස්ථානය මඟින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබාගැනීමට අපේක්ෂා කරනවා.
මැණික් ගලක්වත් නොමැති හොංකොං රාජ්‍යය මැණික් ප්‍රති අපනයනයෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ආදායමක් ලබනවා. තායිලන්තය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක ආදායමක් ලබනවා. මැණික් වලින් පිරි රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව එමඟින් ලබන ආදායම ඉතා අඩු මට්ටමක තිබෙන්නේ. තායිලන්තය සහ හොංකොං රාජ්‍යවල තිබෙන නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීම ඉතාම කාලෝචිතයි. ජනාධිපතිතුමාත් එම ආර්ථික වැඩපිළිවෙළ අනුමත කරන බව මට විශ්වාසයි.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්‍නිආරච්චි මහත්මිය
රත්නපුරයට විශාල අවශ්‍යතාවයක්ව පැවැති ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය අද විවෘත කිරීම රටේ ආර්ථිකයට සුබවාදී ලකුණක් බවට පත්වෙනවා. පසුගිය කාලයේ මැණික් ව්‍යාපාරිකයින් බාධා රැසකට මුහුණ දී සිටියා. ආර්ථික අර්බුදය නිසා බැංකු පොලි අනුපාතය 30%ක් දක්වා වැඩිවීමත් නිසා විශාල දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා.
නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමග ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ නිසා අනෙකුත් ජනතාවට මෙන්ම මැණික් ව්‍යාපාරිකයන්ට ද සහන කාලයක් උදා වුණා. අද වන විට ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් රත්නපුරයට ලැබී තිබෙනවා.ඒ වගේම රටේ ආර්ථිකය යහපත් මට්ටමට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. අස්වැසුම වැඩසටහන මඟින් දිළිදු පවුල් ලක්ෂ විස්සක් ආරක්ෂා කිරීම සිදු වෙනවා. උරුමය වැඩසටහන හරහා ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමටත් ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. වැටුණු රට ගොඩ ගනිමින් ජනතාව ජීවත් කිරීමේ වගකීම එතුමා නිසි අයුරින් ක්‍රියාත්මක කළා. රටට අවශ්‍ය පළපුරුදු නායකයෙක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙක තුළ පෙන්වා දුන්නා.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා
අද විවෘත කරන ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය රත්නපුරයට පමණක් නොව මුළු රටේම ආර්ථිකය ගොඩනැගීමට මහත් පිටිවහලක් වන බව කියන්න කැමතියි. රත්නපුරේ මැණික් ව්‍යාපාරික ප්‍රජාව විධිමත්ව එක තැනකට ගෙනැවිත් ආදායම් උත්පාදන වේගය ඉහළ නංවා ගැනිමට මෙමගින් හැකියාව තිබෙනවා. මෙම ආයතනය තුළ මැණික් ව්‍යාපාරයට අදාළ සියලු පහසුකම් තිබෙනවා.
අද මාධ්‍යවල පළවන වාර්තා දෙස බැලූ විට ආර්ථිකය ගොඩනැගීම පිළිබඳ විවිධ කතිකාවන් මතු වී තිබෙනවා. 2022 වසරේදී ආර්ථික අර්බුදය හමුවේ රට භාර ගැනීමට පෙරට නොපැමිණි දේශපාලන නායකයින් අද රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන විවාද ඉල්ලීම විහිලුසහගතයි. නිසියාකාරයව නිවාස සංවර්ධන අධිකාරිය දියුණු කරන්න බැරි වුණ උදවිය රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියන ප්‍රශ්න ජනතාව හමුවේ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනෙවිරත්න මහතා
අපේ රට ඉතිහාසයේ සිටම මැණික්වලට ප්‍රසිද්ධියක් උසුලනවා. එම මැණික් වලට නිසි වටිනාකමක් ලබාදීමට නිසි වැඩපිළිවෙලක් තිබුනේ නෑ. අපේ මැණික් ලෝකයට ගෙන යාමට ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ඉදි වී තිබෙන්නේ පළමු වතාවටයි. මෙමගින් අපේ මැණික් ජාත්‍යන්තරයේ නිසි මිලට විකුණා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට හැකියාව ලැබෙනවා.මෙම ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කළේ 2012 වසරේ සිටයි. විවිධ බාධක මැද අද වන විට ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානයේ පළමු අදියර ජනතාවට ලබාදීමට හැකි වීම ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම රටම ලැබූ ජයග්‍රහණයක් බව කිවයුතුයි.
ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, ගාමිණී වලේබොඩ, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, ජාතික් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් සිල්වා යන මහත්ම මහත්මීන්, මැණික් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-04

SendShareShare
Previous Post

අපි උදේම කිව්වා! ශ්‍රීලනිපයෙන් පන්නපු දුමින්දලා අමරවීරලා ලසන්තලා අද ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට ඇවිත් මාධ්‍ය හමුවක් තියා මෛත්‍රීට පහර පිට පහර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පක්ෂ සභාපතිකමෙන් ඉවත් කෙරුණු මෛත්‍රීපාල කතා කරයි! ඉදිරියට කරන්න යන දේ පැහැදිලි කරයි! චන්ද්‍රිකාට ප්‍රහාරයක්! පක්ෂයේ මතයට පිටින් ගිහින් ඇමැතිකම් ගත්ත අයට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.