SLIM-Nielsen ජනතා සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් පිට පිටම වසර 14ක් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස නම් වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් සෙලින්කෝ ලයිෆ් 2020 වසරේදීත් ශ්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස සම්මානයට පාත්‍ර විය.
සමාගම විසින් 2019 වසරේ මූල්‍ය වාර්තා එළිදක්වා පිට පිටම 16 වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව තහවුරු කිරීමෙන් සති තුනක් ඉක්මයෑමට පෙර මෙම සම්මානය ජයග්‍රහණය කිරීම කැපී පෙනේ.
2015 වසරේදී නීත්‍යනුකූලව ජීවිත රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය වෙන් කිරීමෙන් පසුව ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ සමාගම්වලට වෙන වෙනම ‘වසරේ ජනතා රක්ෂණ සේවා සම්පාදකයා’ යන සම්මානය ප්‍රදානය කළ සිවුවැනි වසර මෙය වේ. මේ ආකාරයෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ කොටස් දෙකකට වෙන් කිරීමට පෙර සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම මෙම සම්මානය වසර 10ක් පුරා සෑම වසරකදීම දිනාගන්නා ලදී.











