පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී එක්සත් ජාතික පක්ෂය ආසන එකට බැස්ස බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී සම්පූර්ණයෙන්ම විනාශ වී බෙදී ඇති බවත්, මෙවැනි දෙයක් පොහොට්ටුවට වෙන්න දෙන්නෙ නැති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ පවසයි.Sri Lanka Latest News
විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් වියයුත්තේ තම පක්ෂය විසින් තෝරා පත්කරගන්නා අයකු මිස කිසිවකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව නොවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
පක්ෂය ඇතුලත බෙදීම්වලින් සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ විනාශයම බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලද සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු ඕනෑතරම් දක්ෂ තරුණ නායකයින් සිටින බවත් ඔහු පැවසීය.
එම නිසා මුහුද හත්ගව්වක් තිබියදී ජනාධිපති අපේක්ෂක ගැන තැන තැන කීමෙන් පලක් නැති බවත් සිදුවිය යුත්තේ පක්ෂය ආරක්ෂා කරගනිම්න් කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ අවධාරණය කලේය.








