• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඩලසුුුුයි-කාන්චනයි මාතර තිබ්බේ ‌දේශපාලන රැස්වීමක්ද? ‌කොරෝනා වැඩසටහනක්ද?

April 7, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
ඩලසුුුුයි-කාන්චනයි මාතර තිබ්බේ ‌දේශපාලන රැස්වීමක්ද? ‌කොරෝනා වැඩසටහනක්ද?
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රධාන ක්‍රියා මාර්ගය ලෙස සැලකෙන්නේ සමාජ දුරස්ථභාවය රඳවා ගැනීමය. සියලු වැඩ කටයුතු අඩාළ කරමින් රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය තීරණය කළේ ඒ නිසාය. නමුත් රජය පැනවූ ඇඳිරි නීතිය කඩ කරමින් කටයුතු කළ පිරිස් බොහොමයක් රට පුරාම දැක ගත හැකි වූ අතර ඇඳිරි නීතිය කඩ කිරීම මත අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් සහ රථවාහන ප්‍රමාණයද අති විශාලය. මේ අතර සමාජ දුරස්ථභාවය වෙනුවෙන් මේ සා විශාල ක්‍රියාමාර්ගයක් ගෙන තිබියදී එය කඩකරමින් ජනතාව එක් රැස් කිරීම පිළිබඳ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනකුටද චෝදනා එල්ල විය.

කොරෝනා වෛරසයේ අවදානම ශ්‍රී ලංකාවට තදින්ම දැනෙන්නට වූයේ පාර්ලිමේන්තුව විසුරුවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවා තිබියදීය. එම නාම යෝජනා කැඳවීම අවසන් වන තෙක් රජය කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග කල් දැමූ බවටද චෝදනා එල්ල විය. යම් හෙයකින් මීට සතියකට පෙර ගුවන් තොටුපොළ වසා දමා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළේ නම් වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස් වීමටද ඉඩ තිබුණු බව බොහෝ දෙනාගේ අදහසය. නමුත් අවාසනාවට එය එසේ සිදු වුණේ නැත. නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසු තමන්ට ඇති බලතල භාවිත කරමින් දින නියමයක් නොමැතිව පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කළේය. නමුත් ඒ අතරතුර රජයේ වගකිවයුතු ඇමැතිවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ මැතිවරණය කල් දැමීමේ කිසිදු උවමනාවක් නොමැති බවය.
එක් අවස්ථාවක රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් සඳහා පැමිණි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ඡන්දය කල් දැමීමේ කිසිදු උවමනාවක් ඇතැයි තමන් නොසිතන බවය. කොරෝනා අවදානම රට තුළ ව්‍යාප්ත වෙමින් පැවැති මොහොතක රටේ සෞඛ්‍ය ඇමැතිවරිය සිදු කළ ඒ ප්‍රකාශය බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය. “අවශ්‍යම වුණොත් ඡන්ද රැස්වීම් වගේ ඒවා නැවැත්වීමට සහ මහජනතාව එකතු වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට පනතෙන් බලය තියෙනවා. එවැනි තත්ත්වයකට දැන්ම යා යුතුයි කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඡන්දය කල් දැමිය යුතුයි කියලත් මම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඡන්දය අපි දිනන හින්දා.” ඇය එලෙස පැවසුයේ සිනහමුසු මුහුණෙනි.

ඉන් අනතුරුව මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාද සඳහන් කළේ කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන ආකාරයෙන් ඡන්දය පැවැත්විය හැකි බවය. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇමැතිවරයා විස්තර කළේ මෙසේය. “ඒ සඳහා ගත යුතු ඕන තරම් දියුණු විද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා. නූතන තාක්ෂණය තියෙනවා. ඒ නිසා කිසිදු ආකාරයක පුරවැසියෙකුට මේ වෛරස තත්ත්වය කාන්දු නොවන ආකාරයට හැසිරීම දේශපාලකයාගේ මූලික වගකීම බවට පත් වෙනවා.” ඒ ඇමැතිවරයාගේ අදහස්ය.
කෙසේ නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් රටම අකර්මණ්‍ය වූවාට පසු ශ්‍රී ලංකාවේ බොහොමයක් දේශපාලනඥයන්ගෙන් දක්නට ලැබුණේ වෙනදා නොදකින දැඩි නිහඬ බවකි. එයට හේතුව මැතිවරණය කල් දැමීම බව ඇතැමුන්ගේ අදහස වූ අතර ඇතැමුන් පැවසුවේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට වැඩි කොරෝනා අවදානමක් ඇති බැවින් ඔවුන් එලෙස සැඟවී සිටින බවය. ඒ කතාවේද පැහැදිලි සත්‍යතාවයක් ඇති බව පෙනී යන්නෙ අපේ රටේ දේශපාලනඥයන්ගේ වයස පිළිබඳ කල්පනා කරන විටදීය. මේ අතර හදිසියේ සමාජා ජාලා ඔස්සේ ඡායාරූප පෙළක් වේගයෙන් පැතිර යන්නට වූ අතර ඒවායේ සටහන් වූයේ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා සහ මාතර දිස්ත්‍රික් හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා එකතුව යම් පිරිසක් අමතන ආකාරයය. සැලකිය යුතු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටි ආකාරය දක්නට ලැබුණු අතර මීටරයක දුරින් පිරිස් රඳවා සිටි ආකාරයද දක්නට හැකි විය. මුඛ ආවරණ පැලඳ සිටි සහ මුඛ ආවරණ රහිතව සිටි පුද්ගලයන්ද ඒ අතර විය. පිටුපසින් දක්නට ලැබුණේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සකස් කළ ප්‍රචාරක දැන්වීමකි. බැලූ බැල්මටම එම ඡායාරූප පෙළ දේශපාලන රැස්වීමක ඒවා බව පෙනී යන්නට වූ අතර ඒ හේතුවෙන් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා සහ කාංචන විජේසේකර හිටපු මන්ත්‍රීවරයාද සමාජ ජාලා පරිශීලකයන්ගේ දැඩි විවේචනයට ලක් විය.

කෙසේ නමුත් එම රැස්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන විවේචනයන්ට වහාම පිළිතුරු දුන් ඇමැතිවරයා සහ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ එය කිසිසේත්ම දේශපාලනික රැස්වීමක් නොවන බවය. එහිදී ඔවුන් දෙදෙනාම සඳහන් කර තිබුණේ එය මාතර අවට ජනතාවගේ දෛනික කටයුතු පවත්වා ගෙන යෑම සොයා බැලීම සඳහා පැවැත්වූ රැස්වීමක් බවය.
“මඩින් නැතිව ගොඩින් එන්න” යන මැයෙන් ඩලස් අලහප්පෙරුම මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ පිළිබඳව සටහන් කර තිබුණේ මෙසේය.
“මැතිවරණ රැස්වීම් නිල වශයෙන් අත්හිටුවූ පළවෙනි දිස්ත්‍රික්කය මාතර බවත් මාර්තු 14න් පසු කිසිම දේශපාලන රැස්වීමක් හෝ කටයුත්තක් නොපැවැත්වූ බවත් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරමි. මීට ඉහත දිනකදී මාගේ ප්‍රකාශයක් මා සමාජගත කරා. එහිදී මා සඳහන් කරා මේ හදිසි ආපදා අවස්ථාවේ දේශපාලන ක්‍රියාවලියක යෙදෙන ඕනෑම කෙනෙක් සමාජයේ නිරුවත් කරන්න කියා. 1993 සිට මාගේ දේශපාලන ඉතිහාසය, මා කිසිම දිනක මැතිවරණ නීති උල්ලංඝනය කර නොමැති බවට සාක්ෂි දරනවා. එම නිසයි, කිසිදු පෝස්ටරයක්, බැනරයක්, කටවුට් එකක්, පොලිතීන් කැබැල්ලක් නැතුව දශක දෙකහාමාරක් පුරා මැතිවරණ රාශියකට මුහුණ දුන්නේ. ඒ බව මාතර ජනතාව හොඳින් දන්නා කරුණක්.
ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේ සිටම මාතර දිස්ත්‍රික්කයට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්න ජනතාව හොඳින් දන්නවා. මාතර රෝහල, සෞඛ්‍ය සේවය ඇතුළු සියලුම ප්‍රශ්නවලට පෞද්ගලිකව මැදිහත් වී, මැතිවරණ දේශපාලනය මුළුමනින්ම ඉවත් කර, මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන්, මා, කාංචන විජේසේකර හිටපු ඇමතිතුමා සහ තවත් බොහෝ ජනතා නියෝජිතයන් එක්ව, තීන්දු රාශියක් ගනු ලැබුවා. එය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු, පරිපාලන නිලධාරීන් සහ ආරක්ෂක අංශ හොඳටම දන්න කරුණක්.
අකුරැස්ස, පිටබැද්දර, කොටපොල, මුලටියන, දික්වැල්ල යන ප්‍රදේශවල පානීය ජලය සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟකම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් පැන නැගුණා. එයිනුත් අකුරැස්සට එම තත්ත්වය දැඩි ලෙස බලපෑවා. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ, එම කොට්ඨාසවල මහජන නියෝජිතයො, ස්වේච්ඡා සේවකයො ඇතුළු කණ්ඩායමක් එකතු කරගෙන අපි ජල ප්‍රශ්නයට නිශ්චිත විසඳුමක් යෙදුවා. එම සාකච්ඡාවයි මෙසේ විකෘති කර තිබෙන්නේ. කාංචන විජේසේකර හිටපු ඇමතිතුමාද මෙම මඩ ප්‍රචාරයට එරෙහි පිළිතුරක් දී තිබෙනවා.
මා කිසිම මොහොතකදී ජාතික අවශ්‍යතාවයකට උඩින් පෞද්ගලික අවශ්‍යතාවක් තැබූ කෙනෙක් නොවෙයි. අකුරැස්ස ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් මට ඒ පිළිබඳව වගකීමක් ද තිබෙනවා. එම නිසා, මෙම මහජන අවශ්‍යතාවයක් වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡාවකට වැරදි අර්ථකථනයක් දෙමින් දේශපාලන වශයෙන් තමන්ගේ බංකොලොත්භාවය වසා ගන්නට දරන මෙවැනි උත්සහයන් ගැන කනගාටු වෙමි. මේ අපහාස කරන්නේ, අගෞරව කරන්නේ මට නොව මාතර දිස්ත්‍රික්කයේ ජනතාවටයි. ප්‍රශ්න තිබීමම තමන්ගේ දේශපාලනය පැවැත්ම කරගත් පක්ෂ සහ දේශපාලකයන් සිටිනවා. ඔවුන් ප්‍රශ්න තුළින්ම තමයි තමන්ගේ දේශපාලනය කරන්නේ. ප්‍රශ්න විසඳූ විට තමන්ගේ දේශපාලන පැවැත්ම අහෝසි වන මොවුන් මෙවැනි පහත් ක්‍රියාවන්වලට එළඹීම ද පුදුමයට කාරණයක් නොවන බවද සඳහන් කරන්නට කැමැත්තෙමි. මේ සම්බන්ධව පළකර තිබෙන ප්‍රකාශයන් හී භාෂාව සහ යෙදුම් තුළින්ම නිර්මාණකරුවන්ගේ බංකොලොත්භාවය, කල්ක්‍රියාව, නිරුවත්භාවය, අශීලාචාරකම සහ දේශපාලන වූවමනාවන් පැහැදිලි වෙයි. මේ සියලු පාර්ශ්වයන්ගෙන්ම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙවැනි තීරණාත්මක අවස්ථාවකදීවත් “මඩින් නැතුව ගොඩින් එන්න” කියායි.
මේ ඒ සම්බන්ධව කාංචන විජේසේකර හිටපු මන්ත්‍රීවරයා පළ කර තිබූ අදහසය.
“මැතිවරණය වෙනුවෙන් අවසන් ජනහමුව පැවැත්වුණේ මාර්තු 14 සෙනසුරාදා. 15 උදේ සිට කළේ දිස්ත්‍රික්කය ඇතුළේ කොරෝනා වසංගතය පාලනයට අවශ්‍ය කටයුතු කිරීම. දිස්ත්‍රික්කයේම සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කළේ ගමට අවශ්‍ය පහසුකම් සපයන්න. ජලය නොමැති ස්ථානවලට ජලය ගෙනයන්නත්, භාණ්ඩ නිවසටම ගෙන යන යාන්ත්‍රණය සැදීමත්, අවශ්‍ය භාණ්ඩ සහ පහසුකම් රෝහලට, සමුපකාරයට ලබා ගැනීමට මැදිහත්වීමත්, නගර සහ පොදු ස්ථානවලට ජනතාව එකතු නොවීමට වැඩපිළිවෙළක් කොට්ඨාසයෙන් කොට්ඨාසයට සිදු කිරීමට වැඩපිළිවෙළ සකස් කිරීම. මගේ ගිණුමේම තිබුණු සටහනක් යොදාගෙන එය විකෘති කරලා මඩ ගහන්න ගත්ත එක ගැන පුදුම වන්නේත් නෑ. කරන වැඬේ වැරදියි නම් ඡන්දය නොදී ඉන්න ඡන්දය තියන වෙලාවට. ඕනෑම ස්ථානයක පැමිණිලි කරන්න. ඒවාට ඉදිරිපත් වෙලා පිළිතුරු දෙන්න සුදානම්. ඡන්දය ඉල්ලීම බාධාවක් නම් මෙම වැඩ කොටස කරන්න ඉදිරියටත්, ඡන්දය ඉල්ලීමෙන් ඉවත් වන්න වුවත් සූදානම් ඒ වෙනුවෙන්. සහයෝගය පළ කරමින් පණිවුඩ එවූ සැමටත් ස්තූතිය.”

ඉන් අනතුරුව මේ චෝදනාව එල්ල වූයේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය චම්පික රණවක මහතාටය. දෙරණ මාධ්‍ය ඔස්සේ පළවූ එම පුවතින් කියැවුණේ නීති විරෝධී ආකාරයෙන් මහරගම ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම මත චම්පික රණවක මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවය. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් චම්පික රණවක මහතා අදහස් දැක්වූයේ මෙසේය.
“මගේ නිවසේ නීති විරෝධී රැස්වීමක් පැවැත්වූ බවට සහ පොලිසිය එම අවස්ථාවට කඩා පැන එයට එරෙහිව නීතිමය පියවර ගත් බව මාධ්‍ය කිහිපයක් වාර්තා කරලා තිබුණා. වගකිව යුතු දේශපාලකයකු ලෙසත්, සමාජ ක්‍රියාකාරිකයකු ලෙසත්, කොරෝනා වසංගතය මෙරටට ඒමට පෙර සිටම ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැවසූ කෙනකු ලෙසටත් ඒ සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි. මාර්තු 20 වැනිදා සිට කිසිදු ආකාරයේ ලිහිල් කිරීමකින් තොරව දිගින් දිගටම ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ සමඟම සමාජයේ විශාල පිරිසකට ආදායම අහිමි වුණා. ඒ වගේම එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය ඖෂධ ආදියෙහි හිඟයක් ඇති වුණා. ඒ වගේම තමන්ගේ දරු පවුල් නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයකුත් ඇති වුණා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ආණ්ඩුවේ නායකයන් ආහාර බෙදීමේ ක්‍රියාවලිය පොහොට්ටු පක්ෂයේ සාමාජිකයන්ට පමණක් සිදු කරන බවට රට පුරාම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අපගේ දේශපාලන නියෝජිතයන් අපට පැමිණිලි කරනු ලැබුවා.
ඒ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පවුල් කිහිපයක් සඳහා වියළි ආහාර බෙදා දීමේ වැඩපිළිවෙළක් අපගේ නියෝජිතයන් සහ දේශපාලන ක්‍රියාකාරීන් හරහා අප සිදු කර ගෙන ගියා. ඒ වගේම පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇඳිරි නීතිය කිසිදු තැකීමක් නොකර සිදු කරන දේශපාලන කටයුතු ගැනත් මෙහිදී අපට දැන ගන්නට ලැබුණා. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහරගම, අවිස්සාවේල්ල, හෝමාගම සහ බොරැලැස්ගමුව යන පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් 04 දෙනකුට මගේ නිවසේ සාකච්ඡාවක් සඳහා පැමිණීමට අවසර ලබා දුන්නා. ඒ සාකච්ඡාව තමයි පසුගිය 27 වැනිදා පැවැත්වුණේ. එම රැස්වීම අවසානයේ ඔවුන් මිදුලට බැස නිවෙස් බලා පිටත්ව යන්න සූදානම් වන මොහොතේදී තලංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනකුත්, ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියත් අප නිවසේ ගේට්ටුව අසලට පැමිණ රැස්වීමක් තිබෙන බවට චෝදනාවක් තිබෙන නිසා පැමිණි බව පැවසුවා. එතැන සිටින්නේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පළාත් පාලන නියෝජිතයන් බව සහ එහි සිදුවූ දෙය පැහැදිලි කිරීමට මම කටයුතු කළා. ඔවුන්ට හැකි ඉක්මණින් නිවෙස් බලා යන ලෙස පොලිසිය උපදෙස් දුන්නා. සිදුවූයේ එපමණයි. මේ සිදුවීම තමයි විවිධ මාධ්‍ය තමන්ට අවශ්‍ය අයුරින් විකෘති කරමින් ප්‍රචාරය කළේ.” ඒ චම්පික රණවක මහතාගේ අදහස්ය.
කෙසේ නමුත් කුමන ආකාරයේ වැඩසටහනක් සඳහා හෝ ජනතාව එක් රැස් කිරීමට කටයුතු කිරීම මේ මොහොතේ සිදු කරන බරපතළ වැරැද්දක් බව අපේ අදහසය. එයට පක්ෂ පාට භේද අදාළ නැත. ශ්‍රී ලංකාව පුරාම ජනතාවගේ සිවිල් ජන ජීවිතයට අදාළ කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇත. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුව හරහා ක්‍රියාත්මක කෙරෙන වැඩ කටයුතු බොහෝය. එබැවින් එක් එක් දේශපාලනඥයන් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේ කිසිසේත්ම සුදුසු නොවන බවද මතක් කළ යුතුය. එබැවින් කිසිදු ආකාරයක හෝ ඒකරාශීවීමක් සිදු නොකරන්නේ නම් එය වඩාත්ම සුදුසුය. කොරෝනා යනු අපි මෙතෙක් මුහුණ දුන් සියලු ඛේදවාචකයන්ට වඩා වෙනස් දෙයකි. එබැවින් එයට එරෙහිව ක්‍රියාත්මක විය යුත්තේද වෙනදාට වඩා වෙනස් ලෙසටය. එය තේරුම් ගැනීම දේශපාලනඥයන්ගේ ඇතුළු සමස්ත ජනතාවගේම වගකීම වන බවද අවධාරණය කරමු.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මුලු රටටම ‌හොරන් කරපු භයානක INT ‌මෙහෙයුම: ‘මව්රට’ අතිවිශේෂ ‌හෙළිදරව්ව

Next Post

අඳුර බිඳින්නට ජනාධිපති පුතා දාපු තරු පහේ පාටිය

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.