• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

එදා රටම ගිලගත් මැලේරියාව අපි මර්දනය කරපු හැටි

March 31, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
එදා රටම ගිලගත් මැලේරියාව අපි  මර්දනය කරපු හැටි
Share on WhatsAppShare on Facebook

ලෝකය වෙනස් වී තිබේ. බොහෝ සේ අලුත් වී තිබේ. බොහෝ රටවල් සංවර්ධනයේ සීමා මායිම් පැන ගොස් අවසන්ය. මිනිස්සු යන්ත්‍ර බවට පත්වය. සොබාදහම අභිභවා ගොස්ය. ලෝකයේ බොහෝ රාජ්‍යයන් උන්නේ සියල්ලට ඉහළින්ය. නමුත් 2020 උදාවෙන්නේම මේ සියල්ල උඩු යටිකුරු කරමිනි. ඒ අපි කවුරුත් දන්නවා පරිදි ‘කොවිඞ් 19’ රෝගය නිසාය. චීනයෙන් ඇරඹුන මේ බරපතළ වසංගතය අපි මේ ලියනා මොහොත වනවිට ලෝකයේ රටවල් සිය ගණනක් සම්පූර්ණයෙන් වසා දමනා තත්ත්වයට ගෙන විත් තිබේ. චීනය හති අරිමින් හිඳී. ඉතාලිය හඬා වැටෙයි. යුරෝපයේ බොහෝ සංවර්ධිත රාජ්‍යයන්ගේ තත්ත්වයත් ඒකය. ඔබ මෙය කියවනා මොහොත වනවිට රෝගීන් ලක්ෂ 6ට කිට්ටුව තිබිය හැක. මරණ ගණන ගැන අනුමාන කරන්නට තරම් අපට පහතට වැටිය නොහැක. නමුත් දැන් එය පහළොස් දහසකට ඉක්මවා ගොසින්ය.

නමුත් මේ කතාව අතුරු කතාවකි. මේ ලියනා මොහොත වන විට කොවිඞ් 19 සඳහා යම් තරමක සාර්ථක යැයි හිතා බෙහෙතක් හඳුනාගෙන අවසන්ය. ඒ ගැන නිශ්චිත නිගමනවලට එළඹෙන්නට අපි දන්නේ නැත. ඒ මැලේරියාවට දුන්න බෙහෙතයි. අපේ මිනිස්සුන්ට මේ පෙත්ත සමග යම් තරමක යාළුකමක් තිබේ. නමුත් මේ ගැන මුලින්ම කීවේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ලංකාවත් ඒකට සූදානම් වන බවට ඉඟි තිබේ. නමුත් ඒ පිළිබඳ වගකිවයුතු නිලධාරීන් කියන්නේ මේ බෙහෙත් නිර්දේශයකින් තොරව භාවිතය නොකළ යුතු බවය.
මේ සියල්ල අතර අපි මෙවැනිම බරපතළ ව්‍යසනයකට අප රටක් ලෙස මුහුණ දුන් ඉතිහාසය සොයා යමු. ඒ අර පෙර කී මැලේරියා සමයයි. මැලේරියාවෙන් දහස් ගණනක් මිය ගිය වගක් අප අසා තිබේ. මේ ඒ පිළිබඳ කියන්නෙ මැලේරියා මර්දන ව්‍යාපාරයේ එවක කටයුතු කළ ලෙස්ලි ජිනදාස මහතාය. ඒ මතකයන් අවුස්සන්නේ මේ සිදුවෙමින් යන බොහෝ දේ සමග එදා සිදුවීම් යම් තරමකට සමාන නිසාය.
“ඉස්සර ඒ වෙලාවෙ මේ වගේ නෙමේ. ඉස්පිරිතාල සම්පූර්ණයෙන්ම පිරිලා. මැලේරියාව හැම තැනකම. මිනිස්සුන්ට යන්න ඉස්පිරිතාල නෑ. ඒ නිසා මැලේරියාව හොයන්න කට්ටියව ගත්තා. ඒ අයගෙ වගකීම වෙන්නෙ මැලේරියාව හොයාගෙන යන එක. ලේ ගන්නෙ ගෙවල්වලට ගිහිල්ලා.

ඒ විදියට බලන සමහර ලේ සාම්පල් සීයකින් සීයකම මැලේරියාව. සමහර තැන්වල ගම් පිටින් මැලේරියාව හැදිලා. කර ගන්න දෙයක් නැති තැනකට පත්වෙලා.
සමහර වෙලාවට අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, තිස්සමහාරාම, මොනරාගල. ඈත පිටිසර ගම් හොයාගෙන යනවා. සමහර වෙලාවට හේන්වලට යන්න කිලෝමීටර විස්සක් විතර යන්න වෙනවා. ඒ කියන්නෙ යන්න විස්සයි එන්න විස්සයි. එක දවසක් නෙමෙයි. දෙතුන් පාරකට වඩා යන්න වෙනවා.
මේ සටන කාලයක් තිස්සෙ කරගෙන යන්න වුණා. ඒක ලොකු වැඩක්. විශාල පිරිසක් වැඩ කළා. ඒ අය දිවා රෑ නැතිව කරපු මෙහෙවර නිසයි මේ විදියට මැලේරියාව මර්දනය කරගන්න පුළුවන් වුණේ”
ඔහු තවත් අපූරු කතාවක් කියයි.
“මේ වෙලාවෙ එදා වැඩ කරපු අයගෙ උදව්ව ගත්තා නම් ඒක සාර්ථක වෙයි.
මම නං කැමතියි කතා කරනවා නං ආයෙ වැඩ කරන්න”

මේ වෙලාවේ කරළියට පැමිණ ඇති මැලේරියා පෙත්ත ගැන ද ඔහු අප සමග කීවේය. හැබෑවටම ඒ කතාව දන්නේ මේ අයයි.
“මුලින්ම ලෙඩ වෙන අයට දෙන්න ගත්තා කැමෝක්වීන්, පයිරමෙතමයින් කියන පෙතිවර්ග දෙක. පස්සෙ ඒ එක වර්ගයක අතුරු ආබාධ වැඩියි කියලා පයිරමෙතමයින් එක්ක ක්ලෝරොක්වීන් දෙන්න පටන් ගත්තා. මේ බෙහෙත හරියටම නියමිත මාත්‍රාව ගත්ත අයට සනීප වුණා. ඒවෙලාවෙ අපිට වුණා මිනිස්සුන්ට බෙහෙත් පොවන්න. කෙලින්ම කට අරින්න කියලා කටට පෙති අහුර දැම්මා. බෙහෙත් දුන්න අයව බලන්න හැමදාම ෆීල්ඞ් විසිට් ගියා. සමහර වෙලාවට මුලු ගමම ලෙඞ්ඩු නිසා, මුලු ගමේම ඇවිදින්න ඕන. හරියට මාත්‍රාව ගත්තේ නැත්නම් වැඩක් නෑ.
ඒ ඒ වයස්වල අයට ඒ ඒ විදියට දෙනවා.
ඒකට චාට් එකක් අපිට දීලා තිබුණා.
පළවෙනි වඩිය මට මතක විදියට පෙති හයක්. ක්ලෝරාක්වීන් හතරයි, පැරමෙතමයින් දෙකයි. මේ අවුරුදු පහළොවට වැඩි අයට. පහළොවට අඩු අයට ඊට වඩා වෙනස්.
මේක හරියම කරන්න ඕන. දවස් හතරක් නැත්නම් පහක් ඇතුළත මේ ලෙඬේ සම්පූර්ණයෙන්ම සුවයි. හැබැයි හරියට ගත්තේ නැත්නම් ප්ලීහාව ඉදිමෙනවා. අරවා මේවා අතුරු ආන්තරා වැඩියි…”
ඔහු කියනා පරිදි මේ පෙත්ත ද නිවැරදිව භාවිතා නොකරයි නම් ගැටලු සහගතය.
මේ වතාවේ ප්‍රශ්නය එතෙක් දුර දිග නොයා යුතු යැයි අපි ප්‍රාර්ථනා කරමු. නමුත් සියල්ලටම පෙර සූදානම වැදගත්ය. මැලේරියා මර්දන ව්‍යාපාරයෙන් පාඩම් ඉගෙන ගත යුතුය. එදා කළ කැපකිරීම කරන්නට පිරිසක් උවමනාය. ඒ පිරිස හොයා ගැනීමට අසීරු නොවනු ඇත.

මේ රටේ මිනිස්සු ඒ තරම් පොහොසත්ය. නමුත් ඔහු ඉතාම වැදගත් කතාවක් කීවේය.
“මේ බෙහෙත් වර්ග දොස්තර කෙනෙක්ගෙ උපදේසෙකින් තොරව බොන්න හොඳ නෑ. මේවයෙ එක එක මාත්‍රාව වෙනස්. ඒවා හරියටම නොදැන බිව්වොත් වෙන වෙන ප්‍රශ්න එනවා”
ඒ නිසාම මේ වර්ෂ ගණනකට ඉහළ මැලේරියා මර්දන ව්‍යාපාරයට අදාළ ලිය කියවිලිවල ඡායාරූප පළකරමු. ඒ එදා මතකයන් සඳහාය. මේ මැලේරියාවෙන් එදා විශාල පිරිසක් මිය ගියේය. නමුත් මේ මැදිහත් වීම මත විශාල පිරිසකගේ ජීවිත බේරුණේය. මේ ඒ වෙනුවෙන් එදා භාවිතයට ආ ලිය කියවිලිය. මේ ඔබට ක්ලෝරාක්වීන් භාවිතයට උපදේශයක් නොවනා බව තරයේ සිහි තබා ගත යුතුය. මේ මාත්‍රාවන් මැලේරියාව මිස කොරෝනා සඳහා නොවේ. මැලේරියාවෙන් හානි වෙන්නේ මොළයටය. කොරෝනාවේ හානිය ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ නිසා සිහියෙන් කටයුතු කළ යුතුය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

උතුරම ‌ලොක්ඩවුන් කරපු කවුද මේ ස්විස් දේවගැති පෝල්

Next Post

ධම්මික-දිලිත්-ජෝන් කීල්ස්-හේමාස්-බ්‍රැන්ඩික්ස්: කොරෝනාවට එරෙහි කෝටිපති හටන

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.