2020 රාජ්‍ය අකාර්යක්ෂමතාව මත රාජ්‍ය ආදායම ද, දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8 % දක්වා අඩු වීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලේ ණය ලබාගැනීමේ අවස්ථාව අහිමි විය. අකාර්‍යක්ෂම මූල්‍ය පාලනයක් නිසා ඇති වී ඇති බදු ප්‍රතිපත්තිය ඔස්සේ මේ රටේ විශාල වශයෙන් බුද්ධි ගලනයක් සිදුවී ඇති බවත්, කථිකාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, පරිගණක ඉංජිනේරුවන් මේ රට හැර යාම නිසා ඇති වන පරිහානිය වළක්වා ගැනීමට නම් වෘත්තියවේදී සංවිධාන 47 ක් ඉදිරිපත් කර ඇති සාධාරණ විනිවිද භාවයෙන් යුක්ත බදු සූත්‍රයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හැන්සාඩ් ගත කරනු ලැබුවා.Sri Lanka Latest News
IMF දෙවැනි වාරිකය ලබා ගැනීමට බාධා වන ප්‍රධාන හේතූන් වන දූෂණය, වංචාව, හොරකම සහ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ නොහැකියාව බවත්, පරාටේ නීතිය හරහා මෙරට සුළු පරිමාණ ව්‍යාපාරවලට පහර එල්ල වන බවත්, මෙරට දූෂිතයන්ට ණය සහන ලබා දී ඇති බවත්, ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.
පරාටේ නීතිය නිසා මෙරට බැංකු පද්ධතිය ලාභ ලැබුවද සුළු පරිමාණ ව්‍යාපාරිකයන් හට සානුකම්පිත මැදිහත් වීමක් අවශ්‍ය බවත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත් වීමට හේතුව බදු සහන කෝටිපතියන්ට ලබාදුන් නිසා බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එමෙන්ම මෙරට දූෂණයට වගකිවයුතු අයගේ සම්පත් මෙරට විපතට පත් මහජනතාවට ලබා දිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරණය කළේය.










