• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු සමග ඩීල් නෑ! ෆයිල් පෙන්න පෙන්න දූෂණයට විරුද්ධයි කියලා මිනිස්සු රවට්ටන්නේ නෑ! සජබෙ දූෂණය නැති කරන හැටි.. හොරු අල්ලන හැටි පෙන්නලා තියෙන්නේ! අහල පහළ ආසනවලින් බස් දාලා සෙනග අද්දන්නෙ නැතිව මිනුවන්ගොඩ ආසනේ විතරක් සජබ ක්‍රියාකාරීන් සමග පවත්වපු ‘ජන පවුර’ සම්මේලනයේදී විපක්ෂනායක කරපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 21 mins read
A A
හොරු සමග ඩීල් නෑ! ෆයිල් පෙන්න පෙන්න දූෂණයට විරුද්ධයි කියලා මිනිස්සු රවට්ටන්නේ නෑ! සජබෙ දූෂණය නැති කරන හැටි.. හොරු අල්ලන හැටි පෙන්නලා තියෙන්නේ! අහල පහළ ආසනවලින් බස් දාලා සෙනග අද්දන්නෙ නැතිව මිනුවන්ගොඩ ආසනේ විතරක් සජබ ක්‍රියාකාරීන් සමග පවත්වපු ‘ජන පවුර’ සම්මේලනයේදී විපක්ෂනායක කරපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට පුරා දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය ක්‍රියාත්මක වන බවත් බංකොලොත් රටෙත් දුෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමහර නායකයෝ රැස්වීම්වලට ෆයිල් උත්සන් ඇවිත් දුෂිත ගනුදෙනු ගැන කියා බලයට පැමිණි විට දඩුවම් දෙන බව කිව්වත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට මේ රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් ඔවුන් රට බංකොලොත් කරමින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනයා කළා කියන තීන්දුව ලබා ගැනීමට හැකි වු බවත් මේ සියල්ල සිදු කළේ බලය ලබා ගැනීමට පෙර බවත් සමගි ජන බලවේගය ෆයිල් පෙන්වා බොරු සංදර්ශන ක්‍රියාත්මක නොකරන බැවින් මේ බොරුවට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

අවංකවම පිරිසුදුව සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බවත් හොරු අල්ලන වැඩේ සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා රට බංකොලොත් කළ පිරිස අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ වන විට නගරයක් නගරයක් ගමක් ගමක් පාසා මහජනතාවගේ අත්සන ලබා ගෙන පෙත්සමක් අත්සන් කරමින් යන බවත් ඒ පෙත්සම තුළින් රට බංකොලොත් කළ ලක්ෂ 220කගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ සියලු දෙනාටම විරුද්ධව ජනාධිපති කොමිසමක් පත් කර ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වගකීම සමගි ජන බලවේගය ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නඩු තීන්දුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරද්දි එම පවුල් පාලනයට පක්ෂපාතීව කටයුතු කළ පිරිස විවිධ අභියෝග කරමින් ඉදිරියට පැමිණ තමා අත තිබූ ෆයිල් පවා උදුරා ගත් බවත් ඔවුන්ට තමාගේ ජීවිතය උදුරා ගත්තත් මේ හොර පවුල් සංහතිය නීතිය හමුවට ගෙන ඒම නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (3) මිනුවන්ගොඩ නගරයේ දී පැවැති මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ දූෂිත පාලනය තුළ රට බංකොලොත් කළ ජීවිත අහිමි කළ විනාශ කළ ජීවනෝපාය විනාශ කළ පිරිස සමඟ එක්ව නඩු මඟට බැස මෙම තීන්දුව උපකාරී කර ගෙන නඩු කටයුතු ආරම්භ කර හොර පවුල් පාලනයෙන් විපතට පත් අසහනයට හා පීඩනයට පත් ජනතාවට වන්දි ලබා දෙන වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කරන බවයි.

දැන් බොරු ෆයිල් පෙන්නුවට වැඩක් නෑ. හොරු අල්ලන වැඩේ පටන් අරන් ඉවරයි

එබැවින් බොරුවට ෆයිල් පෙන්වා ආණ්ඩු බලය ලැබුණම අරක කරන්නම් මේක කරන්නම් කියන අයට කියන්න ඇත්තේ හොරු අල්ලන වැඩේ විපක්ෂයේ සිටම සිදු කර අවසන් බවත් ඉදිරි වැඩකටයුතු පවා සිදු කර මේ හොර පවුල් පාලනය රටින් හොරා කා සම්පත් මුදල් නැවත ලබා ගැනිමේ වැඩපිලිවෙලත් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටම ඩිජිටල්කරණයකට යා යුතුයි

බංකොලොත් වූ අපේ රට ඉක්මනින් ගොඩ ගන්න සැලසුමක් තිබිය යුතු බවත් එහි දී රුපියල් සහ ඩොලර් හිගයට විසදුම් සෙවිය යුතු බවත් ඩොලර් සහ රුපියල් ලබා ගැනීම උදෙසා මේ රට ඩිජිටල් අපනයන කේන්ද්‍රීය විප්ලවයට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි ඩිජිටල් විප්ලවයක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වත්මන් විපක්ෂය සතු බවත් සක්වල හුස්ම වැඩසටහන් එයට සාක්ෂි බවත් සෘජු විදේශ ආයෝජන රටට ආකර්ෂණය කරන වැඩසටහන් ගණනාවක් මේ වන විටත් නිර්මාණය කරමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බංකොලොත්භාවයෙන් රට මුදවා ගෙන සෞභාග්‍ය කරා නැවත ගෙන යන බවත් රුපියල් සහ ඩොලර් හිගයට ඇති එකම විසදුම වන්නේ හොරු හොරා කනලද මුදල් නැවත අප රටට ලබා ගැනීම බැවින් ඒ දේ ශක්තිසම්පන්නව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රිකට් බේරා ගන්නා සටන ඉදිරියටම

තමා දූෂණයට විරුද්ධව කටයුතු කරන විට ඩීල් දාපු පිරිස බිය වී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හි දූෂණයට එරෙහිව ගෙන ගිය සටන ඉදිරියට ගෙන යන බවත් ක්‍රිකට් තුළින් අප රටට ගලා එන සම්පත් හොරා කෑමට ඉඩ ලබා නොදෙන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩා ක්ෂේත්‍ර පිරිසුදු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මගේ කට වැහුවොත් මම පාරට බහිනවා

එසේම තමා පාර්ලිමේන්තුවේ කිසිදු දිනක කාලය නොකෑ බවත් තමා පාර්ලිමේන්තුවේ දී මව්වරු ජනතාව දරුවන් පුරවැසියන් රාජ්‍ය සේවයකයන් ඇතුලු ලක්ෂ 220ම වෙනුවෙන් පෙනී සිට ඔවුන්ගේ දුක කදුලු වේදනා මැති සබයේ එළි දක්වා ජනතාව සහන සැලසිය යුතු බව පැවසුවත් එය කාලය කා දැමීමක් යැයි තමාගේ කටවල් වහන්න පෙත්සම් අත්සන් කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුව සති කිහිපයට තහනම් කරන්න යෝජනා ගෙන ආවත් එය මේ වන විට අතුරුදන් වී ඇති බවත් කුමන හෝ යෝජනාවක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ කට වැහුවොත් පාරට බැස ජනතාව ඉදිරියේ හඬ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

කතානායකවරයාට ජනාධිපතිගේ හරි පොහොට්ටුවේ හරි බලපෑමක් තියෙනවා! ජනාධිපතිතුමා ස්වාධීන හැම ආයතනයකටම බලපෑම් කරමින් ඒකාධිපති ගමනකට යන්න ලෑස්ති වෙනවා! මේ වියරුවට එරෙහිව සියලු දෙනාම නැගී සිටිය යුතුයි! VIDEO I Sri Lanka Latest News

Next Post

83 හැවිරිදි කාන්තාවකට අලවංගුවෙන් පහරදී ඝාතනය කර මුදල් කොල්ලකෑ කායවර්ධන ක්‍රීඩකයා අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.