පන්නිපිටිය මාලපල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාළයේ නාන කාමරයක් තුළ දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කොට්ටාව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙසේ මියගොස් ඇත්තේ විජේසුන්දර මුදියන්සේලාගේ සුදත් චින්තන රූපසිංහ (39) හැවිරිදි පෞද්ගලික බැංකුවකට අනුබද්ධ ආයතනයක විධායක නිලධාරියෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඉහත ලිපිනයේ මීට වසර කිහිපයකට පමණ පෙර සිය මව සමග වාසය කර ඇති බවත් පසුව මොහුගේ මව පැවිදි වීම නිසා ඔහු පමණක් මෙම ස්ථානයේ හුදකලාව වාසය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පැවසේ.
ඒ අනුව මෙම පුද්ගලයා වාසය කළ කාමරය දෙසින් අධික දුගඳක් වහනය වීම නිසා සැක සිතුනු පුද්ගලයෙකු 119 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය පැමිණ කාමරයේ ජනේලයක් කඩා ඇතුළු වී පරික්ෂා කිරීමේදී නාන කාමරයේ බිම වැටී මියගොස් සිටි පුද්ගල මළ සිරුර සොයාගෙන තිබේ.
lankadeepa










