ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 100 වැනි කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග දිස්ත්‍රික්ක 3ක් දැඩි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
කොළඹ, ගම්පහ සහ කළුතර එම දිස්ත්‍රික්ක 3 වේ.
ඒ අනුව කලින් ලබන සිකුරාදා පෙරවරුවේ මෙම දිස්ත්‍රික්ක තුනෙහි ඇදිරි නීතිය ඉවත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වනවිට එය දිගටම පවත්වාගෙන යාමට ආණ්ඩුව තීන්දු කර ඇත.
එම කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.











