වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රෝගීන්ට අත්‍යවශ්‍ය හුස්ම ගැනීමේ යන්ත්‍ර 6ක් සහ ඇදන් 6ක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ලබා දීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කටයුතු කොට ඇත.
ඒ අනුව ධම්මික පෙරේරා මහතා ලබා දුන් මෙම යන්ත්‍ර සහ ඇදන් සමග නව දැඩි සත්කාර ඒකකයක් IDH රෝහලේ ස්ථාපිත කොට ඇති අතර ඉන් එකවර රෝගීන් 400කට පහසුකම් සැපයිය හැකි බව වාර්තා වේ.
මෙම යන්ත්‍ර ලංකාවේ දැනට මිලදී ගැනීමට නොමැති වුවත් තම පෞද්ගලික සම්බන්ධතා උපයෝගී කර ගනිමින් මෙම යන්ත්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට ධම්මික පෙරේරා මහතා කටයුතු කර ඇත.
මේ ආකාරයට ධම්මික පෙරේරා මහතා පියවර ගැනීමත් සමග රෝගීන් සම්බන්ධයෙන් මතුවීමට තිබූ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ධම්මික පෙරේරා මහතා පෙරේදා දිනයේදී මෙසේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන බව දැනුම් දී තිබූ අතර දින 2ක් තුළ එය සම්පූර්ණ කර තිබීමද විශේෂ සිදුවීමකි.










