රට පුරා පැතිර යන කොරෝනා අර්බුදය මැද අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන ගැටුමක්ද මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
මෙහිදී පළමුව වහාම පාර්ලිමේන්තුව රැස්කරන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි අතර ඊට පිළිතුරු වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රේමදාස මහතා වයිරසය මැඩපැවැත්වීම කඩාකප්පල් කරමින් දේශපාලන වාසි ලබා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින බව ප්‍රකාශ කර සිටියේය.
කෙසේවෙතත් නැවතත් ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රේමදාස මහතා ඊයේ (23) දින නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙසේය.












