ශක්තිමත් රාජ්‍ය පාලනයක් උදෙසා දූෂණ විරෝධී ක්‍රියාවලිය ඉතාමත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත් අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා සේම දූෂණයත් දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ ප්‍රතිශතයක පවතින බැවින් මෙය ද නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
පැන්ඩෝරා පත්‍රිකා හරහා හොරා කන ලද මුදල් සහ සම්පත්.
පැන්ඩෝරා පත්‍රිකා හරහා හොරා කන ලද මුදල් සහ සම්පත් සම්බන්ධයෙන් කරුණු කාරණා අනාවරණය වූ බැවින් සමගි ජන බලවේග රජයක් තුළ හොරු අල්ලන නිවැරදි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් හොර ඇල්ලීම දේශපාලනඥයන්ගේ වගකීම නොවුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස වෙනස් කල නොහැකි නීතියක් ලෙස රාජ්‍ය සම්පත් සොරා කෑමට විරුද්ධව ගන්නා නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙනමම පරිච්ඡේදයක් තිබිය යුතු බවත් එය ඇති කිරීම දේශපාලනඥයන්ගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ආදිය අදාළ අණ පනතින්ම ලැබිය යුතු බවත් එවිට එය දේශපාලන බලපෑමෙන් තොරව ක්‍රියාත්මක විය හැකි ස්වාධින ආයතන ලෙස පවතින බවත් එවිට හොරකම් කරන ලද ධනය නැවත අත්පත් කර ගැනීම පහසු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) ගම්පහ වත්තල පැවැති සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බ්ලූ ප්‍රින්ට් වැඩසටහනට එක්වෙමිනි.
දේශපාලන ගජමිතුරුකම් තුළ සොරා ගත් ධනය.
එසේම දේශපාලන ගජමිතුරුකම් තුළ සොරා ගත් ධනය නැවත ලබා ගත නොහැකි බවත් 2015 රජයේ පවා හොරු ඇල්ලීම ගැන කිව්වත් ඔවුන් පත් වූ පසු හොරු රැක්ක බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාටද ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකියාවක් තිබුනත් හොරුන්ගේ වරමක් යටතේ එවැනි ජනාධිපතිධුරයක් ලබා ගෙන හොරු ඇල්ලීම සිදු කළ නොහැකි නිසා එය බාර නොගත් බව යි.
ආවේගශීලීව රට පාලනය කරන්න බැහැ
තවද රජයක් ක්‍රියාත්මක කරන විට සංසුන් මනසකින් කටයුතු කළ යුතු බවත් රැල්ලට හෝ ආවේගශීලීත්වය තුළ රට පාලනය කළ නොහැකි බවත් බුද්ධිය ඥානය මත පදනම්ව ජාතික අවශ්‍යතාව දැන ගෙන නව ගමනක් යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ක්‍රිකට් දූෂණ මඩින්න සජබෙ පෙරට ආවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණයට විරුද්ධව සමගි ජන බලවේගය කටයුතු කළ ආකාරය ප්‍රායෝගිකව පෙන්වා ඇති බවත් එම දුෂණයට එරෙහිව 225 දෙනාම එකට එකතු කිරීමට විපක්ෂය ප්‍රථම වතාවට කටයුතු කළත් මෙහි ගරුත්වය විපක්ෂයට මෙන්ම ආණ්ඩු පක්ෂයට ද යොමු විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය ලංකාවේ ක්‍රිකට් තහනම් කිරිමට අවැසි දේවල් පවා සිදු කළ බවත් එය රටට ද්‍රෝහිවීමක් බවත් ය.
සෙසු රජයන් මෙන් නොව සමගි ජන බලවේගය කියන දේ කරන කරන දේ කියන පක්ෂයක් හෙයින් බලයට පත් වූ විගසම හොරු අල්ලා දූෂණයෙන් තොර රටක් බවට අප රට පත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි වැඩිදුරටත් පැවසීය.සමගි ජන බලවේගය ද්විත්ව රංගන ක්‍රියාත්මක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
අස්වැසුම ඡන්ද ගුන්ඩුවක් විතරයි. දුප්පත්කම තුරන් වෙන්නේ නෑ
එසේම වත්මන් රජය අස්වැසුම වැඩසටහන විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීය නොවන බවත් මෙහි දි සිදුවිය යුත්තේ ප්‍රථමයෙන් ජන සංගණනයක් සහ ගෘහයක ආදායම් වියදම් සමික්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව ගණනය කිරීම වුවත් වත්මන් රජය එවැනි කිසිදු දෙයක් මෙහි දී සිදු නොකළ බවත් ඔවුන්ට ලැබුණු ඩොලර් මිලියන 200 මේ යටතේ හිතු හිතු ආකාරයට බෙදා දැක්වූ බවත් එය මැතිවරණය ඉලක්ක කර ගෙන සිදු කළ බවක් පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලර්න් ඒෂියා සංවිධානයට අනුව මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති බවත් ඒ අනුව රටේ ජනගහනයෙන් 1/3ක් දුප්පතුන් බවත් දුප්පතුන් මුදල් දෙනවා සේම ඔවුන් සවිබල ගන්වා දුප්පත්කම තුරන් කළ යුතු වුවත් මෙහි දී එවැන්නක් සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එසේම සමගි ජන බලවේගය ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් එළි දක්වා සියලු ක්ෂේත්‍රයන් එකතු කර ගෙන මව්වරුන්ගේ දරුවන්ගේ පාසල් දරුවන්ගේ විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණය ගැන සොයා බලන බවත් මන්දපෝෂණය මුළු සමාජයම වෙලා ගෙන ඇති බැවින් මෙය තුරන් කිරීමට ද සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.










