• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහතන්වහන්සේ නමක් වැඩසිටි අදටත් හාස්කම් ඇති මාතලේ අබිරහස් යෝධ වෘක්ෂය I Sri Lanka Latest News

October 20, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ඔබට සුවිශේෂ කතාවක් කියන්නයි අපි සූදානම් වෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ මාතලේට. මම මේ ඉන්නේ ගහක් ළඟ. මම අඩි 6ක් උසයි. නමුත් මම ඉන්න තැන තියෙන මේ ගහේ මුලක් අඩි 15ක් විතර උසයි. ඒ කියන්නේ අපේ ගෙදර බිත්තියක් වගේ මේ ගහේ මුල උසයි. විශේෂම දේ තමයි මෙතැන රහතන් වහන්සේ නමක් වැඩවාසය කළා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා.(Sri Lanka Latest News)

අපි කතා කරන්න යන්නේ විශේෂත්වය තියෙන මේ වෘක්ෂය ගැන. මේකෙ තියෙන ලොකුම විශේෂත්වය තමයි අද වෙනතුරු කවුරුවත් මේ ගහේ නමක් දන්නෙ නෑ, වර්ගයක් දන්නෙ නෑ. මේ ගහ ව්‍යාප්ත වෙන විදියක් කවුරුවත් දන්නෙත් නෑ. මේ ගහේ පැළයක් දැකලත් නෑ. මේ වගේ විශේෂත්ව ගොඩක් තියෙන වෘක්ෂය ගැන තමයි අපි කතා කරන්න යන්නේ.

මේ ගැන අපට තොරතුරු කියන්න අපි සමග එකතු වෙලා ඉන්නවා රාජමහා කොහොන් විහාරයේ විහාරාධිපති පූජ්‍ය හලංගොඩ අරියශාන්ත ස්වාමින්වහන්සේ. අවසරයි ස්වාමින්වහන්ස, අපට කියන්න අපි මේ ඉන්න විහාරස්ථානය ගැන තොරතුරු ටිකක්.

මේ පන්සල ශ්‍රී රජමහා කොහොන් විහාරය. පිහිටා තියෙන්නේ මාතලේ හලංගොඩ කියන ග්‍රාමයේ. මාතලේ ඉඳලා එනවා නම් කූඹියන්ගොඩ පාරේ කිලෝමීටර් 5ක් ආවම තමයි කොහොන් රජමහා විහාරය හමුවෙන්නේ. මහනුවර පැත්තේ ඉඳලා එනවා නම්, බලකඩුව පාලම ගාවින් කූඹියන්ගොඩ පාරට ඇවිත් කිලෝමීටරයක් විතර ආපුවාම වම් අත පැත්තේ තමයි කොහොන් රජමහා විහාරය පිහිටා තියෙන්නේ. මේ භූමිය බොහොම ඓතිහාසික තැනක්.

මේ පන්සල ආරම්භ වෙන්නේ අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයෙක් වන මහානාග කියන යුව රජතුමාගෙන්. ඊට පස්සේ මේ ස්ථානයට වලගම්බා රජතුමාගේ පැමිණීමෙන් අනතුරුව මේ ස්ථානයේ වැඩසිටි හාමුදුරුවන් වහන්සේ නමක් උදෙසා රියන් 9ක් උස චෛත්‍ය තුනකුත්, සැතපෙන සෙල් පිළිමයක් සහිත ලෙන් විහාරයක් කරවලා පූජා කරන්න යෙදෙනවා. ඒත් එක්කයි විහාරස්ථානය ආරම්භ වෙන්නේ.

නමුත් පසුකාලීනව ඒ ලෙන් විහාරය නාය ගිහින් පොළොවට යටවෙලා තියෙනවා. වර්තමානයේ තියෙන්නේ අලුතින් ඉදිකළ විහාරාංග ටිකක්. ‘කොහොන් විහාරය’ කියන නම මේ ස්ථානයට ලැබෙන්නෙ ඒ කාලේ මෙහි වැඩසිටි ස්වාමින්වහන්සේ කොහොන් ගහක් යට වැඩහිටපු නිසා. ඒ කොහොන් ගහ යට වැඩහිටපු හාමුදුරුවන්ගෙන් ආරම්භ වුණු විහාරස්ථානය කොහොන් විහාරය කියලා හඳුන්වන්නට යෙදෙනවා. මේක අපට රජමහා විහාරස්ථානවල නම් සඳහන් වන පොතේ ‘කොහොන’ කියන නමින් සඳහන් වන විහාරස්ථානය තමයි මේ ස්ථානය.

අපි ආවේ මේ විහාරස්ථාන භූමියේ තියෙන සුවිශේෂ ගහ ගැන කතා කරන්න. අපට කියන්න මේ ගහ මොකක්ද?

මේ ගහට ඇත්තටම නමක් නෑ. ඒක තමයි විශේෂම දේ. අපි කවුරුවත් නමක් දන්නේ නෑ. ‘හැම ගහ’ කියලා තමයි ගමේ අය අතර මේ ගහ ප්‍රසිද්ධ. කොලොන් කියනවා, දිය ලබු කියනවා, රිටි කියනවා. නමුත් නිශ්චිත නමක් තාම කවුරුවත් දන්නේ නෑ. මේකෙ තියෙන විශේෂත්වය තමයි බිත්ති වගේ විශාල බිත්ති තියෙනවා. නමුත් සාමාන්‍ය ශාකවල මුල්වලින් රිකිලි හටගන්නවා. මේකෙ එහෙම රිකිල්ලක් නෑ. මේ ගහ ව්‍යාප්ත වන ක්‍රමයක් නෑ. ගහේ පැළ නැහැ. මලක් ඇතිවෙනවා, නමුත් ඒ මල බීජවලින් තොරයි.

මේ ගහ කොච්චර විතර පරණයි කියලද විශ්වාස කරන්නේ?

විහාරස්ථානයේ ආරම්භයත් එක්ක ගත්තාම අවුරුදු 700කට වඩා පැරැණි ගහක් කියලා තමයි අපි මේ ගහ සලකන්නේ. දැන් අවුරුදු 80, 90 වැඩිහිටියා පවා දන්න කාලේ ඉඳලා මේ ගහ මේ විදියටම තිබිලා තියෙනවා. විහාරස්ථානය ගරාවැටිලා මෑතකාලීනව නිර්මාණය වෙච්ච අවුරුදු 200ක විතර කාලයත් එක්ක ගත්තහම සමස්තය අවුරුදු 500ත් 700කට එපිට ඉතිහාසයක් තියෙන ගහක් විදියට තමයි මේ ගහ හඳුන්වන්න පුළුවන්.

මේ ස්ථානය ආරම්භයේදී හාමුදුරුවන්වහන්සේ නමක් වැඩඉඳලා තියෙනවා. උන්වහන්සේ වැඩඉඳලා තියෙන්නේ මේ ගහ යට. පියැස්සක් හදාගෙන එතැන හිටියා කියනවා. මේ මුල තියෙන විදියත් එක්ක බලපුවාම හිතන්න පුළුවන් ඒ හාමුදුරුවන්වහන්සේ මේ ගහ යට පියැස්සක් හදාගෙන මේ මුලෙන් ආවරණය වුණු ස්ථානයේ වැඩසිටියා කියන කාරණාව. උන්වහන්සේ ප්‍රසිද්ධ වෙන්නේ රහතන් වහන්සේ නමක් විදියට. අළුවිහාරයේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරන්න සම්බන්ධ වුණු කුණ්තගත්ත තිස්ස මහරහතන්වහන්සේ සහ කොහොන්තිස්ස මහරහතන්වහන්සේ කියන ස්වාමින්වහන්සේලා දෙනමම, මෑතකාලීනව අපි හඳුනාගන්නේ එක රහතන්වහන්සේ නමක් හැටියටයි.

ඒ නිසා අළුවිහාරේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරන්න සම්බන්ධ වුණු රහතන් වහන්සේලා වැඩහිටපු වලගම්බා රජතුමා ඉදිකරලා පූජා කරන්න යෙදුණු පූජනීය ස්ථානයක් තමයි කොහොන් රජමහා විහාරය කියලා කියන්නේ. මේ ස්ථානය වලගම්බා රජතුමා ඉදිකරලා පූජා කළාට පස්සේ මේ වෘක්ෂයත් එක්ක බැඳුණු කතාවක් තියෙනවා. ඒ තමයි අළුවිහාරේ බුද්ධඝෝෂ හාමුදුරුවන් වහන්සේ වැඩඉන්න කාලේ ශක්‍ර දෙවියොත්, මාතලී දිව්‍ය පුත්‍රයාත් අළු ලෙනට ඇවිල්ලා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගෙන් අහනවා මේ ප්‍රදේශයේ සිල්වත් ගුණවත් භික්ෂුවක් වැඩඉන්නවා කියලා දැනගන්න ලැබුණා, ඒ කොහෙද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරන්නේ හලංගොඩ කියන ගමේ ගහක් යට හදපු පුංචි පියැස්සක භික්ෂුන්වහන්සේ නමක් වැඩඉන්නවා. දැකීමෙන් බොහොම ප්‍රියයි. ඉන්ද්‍රියන් බොහොම සංවරයි.

උන්වහන්සේ බොහොම යහපත් ගුණවත් භික්ෂුවක් විදියට තමයි අපි හඳුන්වන්නේ කියලා. ඒ වෙලාවේ ශක්‍ර දෙවියොත්, මාතලී දිව්‍ය පුත්‍රයත් මේ ස්ථානයට එද්දී උන්වහන්සේ භාවනානුයෝගීව තමයි වැඩඉඳලා තියෙන්නේ. ඒ අනුව, උන්වහන්සේ රහතන්වහන්සේ නමක්ද කියලා හරියටම දැනගන්න ශක්‍ර දෙවියන් නාගයකුගේ වේශයකුත්, මාතලී දිව්‍ය පුත්‍රයා මීයකුගේ වේශයකුත් මවාගෙන ඒ ස්ථානයට ඇවිත් තියෙනවා.

මීයා නාගයාගෙන් බේරෙන්න කියලා හාමුදුරුවන් එළාගෙන ඉන්න පත්කඩේ යටට රිංගනවා. ඒ වෙලාවේ උන්වහන්සේ කිසිම බියක් තැතිගැන්මක් නැතිව ගලෙන් කරපු පිළිමයක් වගේ නිසොල්මන්ව වැඩහිටියයි කියලා කියනවා. ශක්‍ර දෙවියන් ඒකෙන් හඳුනාගන්නවා මේ රහතන් වහන්සේ නමක් කියලා. මොකද රහතන්වහන්සේ නමක් කියලා කියන්නේ සියලු බිය දුරුකරපු කෙනෙක් නිසා. ඉන් පස්සේ නාගයා සහ මීයා නැවත ශක්‍ර දෙවියන් සහ මාතලී බවට පරිවර්තනය වෙලා ස්වාමින්වහන්සේව වන්දනා කරලා පිටව ගිය බවත් මේ විහාරස්ථානය හා බැඳුණු කතා ප්‍රවෘත්තිවලින් කියැවෙනවා.

හාමුදුරුවනේ බිම වැටිලා තියෙන්නේ මේ ගහේ මල්ද?

ඔව්. මම ඉස්සෙල්ලා කිව්වා මේ ගහ බෝවෙන ක්‍රමයක් නෑ කියලා. පෙබරවාරි මාර්තු වෙද්දී ගහේ කොළ හැලිලා අලුතෙන් දලු දැම්මට පස්සේ මේ විදියේ මල් පොකුරු ඇතිවෙනවා. නමුත් මේ මල් පොකුරුවලින් බීජ හටගන්නෙ නෑ. මල ඇතුළේ හිස්භාවයක් තියෙන්නේ. ඒවා බිම වැටුණා කියලා පැළවෙන්නේ නෑ.

මේ ගහ ආරක්ෂා කරන්න ඔබවහන්සේ යොදලා තියෙන වැඩපිළිවෙළ මොකක්ද?

මේ ගහ ආරක්ෂා කරගන්න මට මෑතකාලීනව කරන්න පුළුවන් එකම දේ තමයි ගහ අවට පිරිසිදු කරලා, ඒක විනාශ වෙන්නෙ නැති වෙන්න, එන යන අයට දකින්න පුළුවන් පරිසරය හදන එක. නමුත් ඊට එහා දෙයක් වෙන්න ඕනේ. මොකද මේ ගහ ව්‍යාප්ත වෙන්නෙ නෑ. නැවත මෙවැනි ගහක් අපට බිහිකර ගන්න ලැබෙන්නෙ නෑ. මේ හැම දෙයක් තුළම මම මීට මාස දෙකකට විතර ඉහතදී පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් ලිඛිත ඉල්ලීමක් කළා මෙවැනි වෘක්ෂයක් අප විහාරස්ථාන භූමියේ තියෙනවා කියලා. මේ පිළිබඳ සොයා බලලා අපට වාර්තාවක් සකස් කරලා දෙන්න කියලා.

ඒ වගේම මේ ගහේ අතු කිහිපයක්ම පහුගිය කාලේ වැටුණා. තව අතු කිහිපයයි තියෙන්නේ. ඒ අතු ටිකත් වැටුණොත් එහෙම ගහෙන් ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා ගහ සංරක්ෂණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරලා දෙන්න කියන ඉල්ලීම මම ඒ අයගෙන් සිදුකළා. මේ ලිපිය කියවන හැමෝගෙන්මත් මම ඉල්ලා සිටින්නේ ඔබට පුළුවන් ආකාරයෙන් මේ වෘක්ෂය හඳුනාගන්න, මේ ගහ ඉදිරියට ආරක්ෂා කරගන්න පුළුවන් සහයෝගයක් ලබාදෙන්න කියලා. මොකද මේ ඓතිහාසික වෘක්ෂයක් අපට නැතිවෙලා යන්නේ.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ආයෙ මේ වගේ පුටුවක් හදන්න දෙන්න එපා කියලා JR තහනම් කරපු අරුම පුදුම රහස් පුටුව I Sri Lanka Latest News

Next Post

දානිගල කන්දට පිටසක්වළ ජීවීන් ඇත්තටම ආවද? I Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.