පිටකොටුව ප්‍රදේශයේ දුරකතන සහ උපාංග අලෙවි කරන වෙළෙදසැල් 20කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News
එම අධිකාරියේ වැටලීම් හා විමර්ශන ඒකකය විසින් මෙම වැටලීම අද දින සිදු කොට තිබෙනවා.
ශ්‍රී ලංකාවෙට ගෙන්වා බෙදාහරින ජංගම දුරකතන සහ උපාංගවලට වගකීමේ සහතිකයක් නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, SLS ප්‍රමිතියට අනුකූල නොවන උපාංග අලෙවිය සහ අලෙවියට තබා තිබීම ආදී චෝදනාවන් මත මෙම නීතිමය පියවර ගැනීමට පියවර ගෙන තිබෙනවා.










