• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමුලුව අරඹමින් චීන ජනපති ෂී ජින් පින්ග් කතා කරයි! ජනපති රනිලුත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

October 18, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
සමුලුව අරඹමින් චීන ජනපති ෂී ජින් පින්ග් කතා කරයි! ජනපති රනිලුත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාමය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කර ගනිමින් ආරම්භ කෙරුණු “එක් තීරයක් – එක් මාවතක්” ප්‍රයත්නය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බවත්, මෙමගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.

03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (18) බීජිං නුවර මහජන මහා ශාලාවේ දී ආරම්භ කෙරුණු අතර එහි මුඛ්‍ය දේශනය සිදු කරමින් චීන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් හමුදා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබීය.

අනතුරුව ඔව්හු චීන ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එකිනෙකාට එරෙහිව යමින් අනෙකා යටපත් කරනු වෙනුවට සියලුදෙනා අත්වැල් බැඳ ගනිමින් එකිනෙකාගේ සහයෝගය ඇතිව නැඟී සිටිම “එක් තීරයක් – එක් මාවතක්” සංකල්පයේ මුලික පදනම බවයි.

අනුනට උදව් කිරීමේ අවසන් ඵලය තමාට යහපතක් සිදුවීම බව ද චින ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ බවත් එම රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නව මාවත් රැසක් විවර වූ බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
අනාගතයේ දී “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගන්නා අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ජාත්‍යන්තර බහු පාර්ශ්වීය ජාලයක් නිර්මාණය කිරීම, ජගත් විවෘත ආර්ථිකයක් සඳහා සහාය දැක්වීම, සහයෝගීතාව උදෙසා ප්‍රායෝගික ප්‍රවේශයක් සැකසීම, හරිත සංවර්ධනය දිරිමත් කිරීම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සඳහා අවස්ථා සැලසීම, අන්තර් පුද්ගල සබඳතා ශක්තිමත් කිරීම, “එක් තීරයක් – එක් මාවතක්” සාමාජික රටවල් අතර නොබිදෙන සබඳතාවන් දිරිමත් කිරීම සහ එම රටවල් අතර ආයතනික සබඳතා ශක්තිමත් කිරීම එකී අට වැදෑරුම් ප්‍රතිපත්ති වේ.

එක් තීරයක් – එක් මාවතක් සංකල්පය ඔස්සේ මිත්‍රත්වයේ සංධ්වනියක් නිර්මාණය කිරීමට උපරිමයෙන් දායක වන ලෙසද ෂී ජින් පිං මහතා සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් (Vladimir Putin) , කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev), ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) , ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් (Alberto Fernández), ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) යන මහත්වරුන් ද සමුළුව අමතා අදහස් දැක්වූහ.
සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) මහතා පැවසුවේ ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ තොරතුරු පහසුකම් සැපයීමෙන් තොරව අනාගත ලෝකයට සංවර්ධනය ළගා කර ගැනීම අපහසු බවයි.
මෙම අවශ්‍යතා ඉටුකරලීම උදෙසා “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ අතිමහත් රුකුලක් බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
සංවර්ධනය වෙමින් පවතින රටවල් ණය බරින් මුදවා ගැනීමේ අභියෝගය ජය ගැනීමේදී ද “එක් තීරයක් – එක් මාවතක්” ඔස්සේ විශාල සහයක් ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග විදේශ අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක, බීජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානී කේ.කේ. යෝගානන්දන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අධ්‍යක්ෂ ජනරාල් පූජිත පෙරේරා, ජනාධිපති පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රිෂාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

වගකීමේ සහතිකයක් නෑ! මිල ප්‍රදර්ශනය කරලා නෑ! SLS ප්‍රමිතිය නෑ! පාරිභෝගික සේවා අධිකාරිය කඩන් පනී! පිටකොටුවේ ජංගම දුරකතන සහ උපාංග විකුණපු කඩ 20කට නඩු වැටෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇල්කඩුවේ තවත් ගැහිල්ලක් කෝප් කමිටුවේදී එළියට එයි! සභාපතිවරයා ‘ඩබල් ඇක්ටින්’! ප්‍රධාන විධායක නිලධාරියා ‌විදිහටත් කටයුතු කරලා! දීමනාත් ගෙවලා! අධ්‍යක්ෂ මණ්ඩලයත් බලය ඉක්මවා ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.