• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රිෂීට වැටුණු බොලිවුඩ් ලෙඩ

March 15, 2020
in Heart
Reading Time: 2 mins read
A A
රිෂීට වැටුණු බොලිවුඩ් ලෙඩ
Share on WhatsAppShare on Facebook

‘රිෂි නැවැතත් ඔත්පළ වෙයි..’
මේ පසුගිය දිනෙක සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ දිගට, හරහට පළවූ ඕපාදූපයක සිරස් තලයකි.
එයට පහළින් පළ වූ පුවතෙහි සඳහන් වූයේ පිළිකා රෝගයෙන් රිෂි නැවැතත් රෝගාතුරව ඇති බවකි.

රිෂි මෙයින් මහත්සේ කැලඹීමට පත්ව සිටියේය. වසරකට ආසන්න කාල සීමාවක් තුළ එක්සත් ජනපදයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රිෂී පසුගිය වසරෙහි අවසාන භාගයෙහි පෙරළා ඉන්දියාවට පැමිණියේ සම්පූර්ණ සුවයෙනි. එනිසාවෙන් දැඩි සතුටට සහ සැනසීමට පත්ව සිටි රිෂි නැවැතත් තමාව රෝගී තත්ත්වයට කිසිවකු විසින් ඇද දැමීම ගැන සිත්තැවුලට පත්වූයේ තමාට ආදරය කරන තම රසිකයන් පිළිබඳව කලකිරීමට පත්වෙමිනි.

පමණක් වේලාවට මම මිනිස් හැඟීම් ගැන යම් තරමකට පුදුම වෙනවා. ඒ ඇයිද? කියන්නේ, අපට ආදරය කරන අපේම රසිකයන් සමහර මොහොතක අපේ හිත් නොසිතූ ලෙස රිද්වනවා.
‘නටන්න රිෂී නටන්න කියා අපට කෑගසන රසිකයන්ම තමයි නිළියක සමඟ අප රාත්‍රි කෑමකට ගියත් පසුදාට අපට කටකතා හදන්නේ.

තම අසනීප තත්ත්වය ගැන ගෙතී ඇති බොරු කටකතාව ශෝකවූ රිෂී මුද්‍රිත මාධ්‍යයක් හමුවේ එසේ පැවසුවේය.
මෙහිදී සිදුව ඇත්තේ යම් අසාත්මිකතාවක් වැලඳීමෙන් රිෂි රෝහල් ගතවීමය. සිය අලුත්ම සිනමා පටයෙහි රූගත කිරීමට සහභාගි වෙමින් සිටි රිෂී කපූර් හුස්ම ගැනීමේ අපහසුතාවක් මත රෝහල් ගතව තිබිණි. ‘වියළි දේශගුණික තත්ත්වය නිසා මම ප්‍රතිකාර ලබමින් සිටිනවා. එය ඉතා සාමාන්‍ය තත්ත්වයක් බව වෛiවරුන් පවසා සිටිනවාය යනුවෙන් තම ට්විටර් ගිණුමට පණිවුඩයක් තබා ඇත.

එලෙසම,
මයික්‍රො බ්ලොග් අඩවිය හරහාද රිෂී තම නිරෝගී බව තහවුරු කර ඇත.
මාගේ මාධ්‍ය මිතුරන්ගෙන් මට බේරිල්ලක් නැහැ. ඔවුන් මට දිගට හරහට ඇමැතුම් ලබා දෙමින් නැවැත ඔබේ රෝගී තත්ත්වය උත්සන්න වෙලාදැයි’ කියා මගෙන් අහනවා.

ඇත්තෙන්ම මාධ්‍යයට සුපිරි තරුවකගේ අසනීප තත්ත්වයක් වුවද විකුණා සල්ලි හම්බකරන්නට පුළුවන්. නමුත් එයින් අර තැනැත්තා අත්විඳින මානසික පීඩාව කොයිතරම්ද?
සත්තකින්ම මිනිසුන් අපට කරුණාවයි. ඔවුන් අප ගැන සොයා බැලීම සහ අපව සුපිරි තරු මට්ටමට ගෙන ඒම දැඩි සේ ස්තුතිවන්ත විය යුතුයි.

නමුත් සුපිරි තරු දවස ගෙවන්නේද සාමාන්‍ය මිනිසුන් ලෙසයි. ඒ නිසා අපටද අනන්‍යතාවක් තිබෙනවා. අපට කිඹුහුමක් ගිය සැණින් එය අලෙවි කිරීම හොඳ කාරණයක් නොවන වග ඔවුන් වටහා ගන්නවා නම් හොඳයි.

හැත්තෑව දශකයේ ‘බොබී’ චිත්‍රපටය තුළින් එක රැයින්ම සුපිරි තරුවක වූ මේ කඩවසම් මිනිසා සිය රසිකයන් නිසා දැඩි කනස්සල්ලට පත්ව තිබුණේ එලෙසිනි.
කපිල් දේව් මීට බොහෝ කලකට ඉහත කළ දුක්බර ප්‍රකාශයක්ද ‘රිෂී කපූර්’ විසින් සටහන් කොට තිබිණි.

‘ලෝක කුසලාන දිනා ගත් ජයග්‍රාහී මොහොතේ රතු පැහැති රෝස මල්වලින් මා යන මඟ සරසන්නට තරම් ළෙන්ගතු වූ මගේ ආදරණීය රසිකයන්, එය මාස ගණනකට පසුව මා ලකුණු 8කට දැවී යන විටක ‘කපිල් ගෝ හෝම්’ යනුවෙන් මට හිස් ප්ලාස්ටික් වතුර බෝතල්වලින් දමා ගසන්නට තරම් උරණ විය. මම අමනාප නොවෙමි. රසික උන්මාදය යනු එයය.

කපිල් දේව් වැනි ජාතික වස්තුවකට එය එසේ වී නම් මට ද එය එසේමය.
රිෂි කපූර් මෙම කාරණයට මෙතරම් කලබල වූයේ ඇයිද? යන්න මාධ්‍යයටද යම් ප්‍රශ්නයකි.
කිසිවකු විසින් ඒ සඳහා දී තිබූ පිළිතුරෙහි මෙසේ සඳහන්ව තිබිණි.

රිෂි කපූර් සිය පිළිකා තත්ත්වයට සුහදව මුහුණ දුන්නේ ඉතා නිර්භයවමය. මරුවා සමඟද රිෂි සටන් කළේය. වෛi ප්‍රතිකාර සමඟ ඔහු හොඳින් දවස ගෙව්වේය.
වාසනාව ඔහුට ආශීර්වාද කළේය. නොසිතූ ලෙස ඔහු සුවපත් විය. සුපුරුදු ලෙස හෙතෙම සිය රංගනයටද ප්‍රවිෂ්ටව සිටියේය.

‘මම පිළිකාවට සතුටුදායක පිළිතුරක් දුනිමි.’
යන වගන්තිය රිෂි සිය දිනපොතේද, ට්විටර් ගිණුමේද සටහන් කොට තිබිණි. ඉතින්,

නව ජීවිතයක් වූද මේ සොඳුරු මිනිසාව නැවැත පිළිකා තත්ත්වයකට ඇද දැමීම අශෝභන කරුණක් බව නොකියා බැරිය.

සියල්ල අවසානයේ රිෂී කපූර් මෙලෙස සිය ප්‍රති උත්තරය දක්වා තිබිණි.
මෙලොව උපදින මිනිසාට මරණය අනිවාර්ය වෙයි.’ මටද එය එලෙසමය. එනමුදු පිළිකා

මාරයාගෙන් මා සුවය ලද බව මම සතුටින් පවසමි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

යහපාල‌නෙන් බිලියන 2යි: ‌මේ ආණ්ඩුවෙන් බිලියන 13යි: අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක්

Next Post

රොෂාන් ‌මෛත්‍රීව ‌දෙකට දමයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.