ඉදිරි මහමැතිවරණයේ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වය සහ කණ්ඩායම් නායකත්වය හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දීමට පොහොට්ටුවේ ප්‍රධානීන් පියවර ගෙන ඇත.
ඒ අනුව අද (15) දිනයේ යෙදුණු සුභ මොහොතින් පොලොන්නරුවේ කණ්ඩායම් නායකයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අත්සන් තැබීමට රොෂාන් රණසිංහ මහතා කටයුතු කළේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට අත්සන් කිරීමට සිදුවූයේ දෙවැනි තැනය.











