යාපනය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සදහා වත්මන් ආණ්ඩුව බිලියන 13.6ක් වටිනා ඇස්තමේන්තුවකින් යුතු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එම ව්‍යාපෘතිය සදහාම 2018 වසරේ පැවති යහපාලන රජය බිලියන 2ක ඇස්තමේන්තුවක් සහිත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට සම්මත කරගෙන තිබීමය.
ඒ අනුව මෙවර ඉදිරපත් කොට ඇති කැබිනට් පත්‍රීකාව 580%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව විමතිය පළ කොට ඇති බව දැනගන්නට ඇත.










