• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම නිර්මාණය කරන්නේ ජීවිතය එක්ක බැඳුණු කතා

March 15, 2020
in Heart
Reading Time: 1 min read
A A
මම නිර්මාණය කරන්නේ ජීවිතය එක්ක බැඳුණු කතා
Share on WhatsAppShare on Facebook

විදේශීය ටෙලිනාට්‍ය කලාව ලංකාවේ ප්‍රචලිත වුණු කාලවකවානුවක අපේ ප්‍රේක්‍ෂක පිරිසට අපේම නිර්මාණ කලාවක් දායාද කරමින් එවකට පැවැති රැල්ල උඩුයටිකුරු කළ ටෙලිනාට්‍යයක් තමයි ‘පබා’ ටෙලිනාට්‍යය. එතැන් පටන් දේශීය ටෙලිනාට්‍ය කලාවේ ආදර කතා අතර, ප්‍රධාන තැනක් හිමිකරගත් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ශාන්ත සොයිසා මේ වන විට ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය කර ඇත. ඒ අතර පබළු, අමා, පිනි, තවදුරයි ජීවිතේ වගේම අද ඔහු ‘සිහිනි’ ළඟ නතර වෙලා.
කාලෙන් කාලෙට ඔබ විවිධ ආදර කතා මැව්වා. අද අපි දකින ‘සිහිනි’ කොයි වගේද?
මම නිර්මාණය කළ සෑම කතාවකම ආදරයක් ගැබ්වී තිබුණත් ‘සිහිනි’ කතාව ඇතුළාන්තයේ අද සමාජයේ අසන්නට, දකින්නට ලැබෙන වෙනස්ම චරිත ගොඩාක් ජීවත් වෙනවා. මේ සියලුම චරිත මේ මහ පොළොවේ පයගහපු චරිතම තමයි. ඒ අතර මව්පියන්ටත් දරුවන් අතර තිබෙන සම්බන්ධය, මිනිසුන් අතර තිබෙන පන්ති භේද, ජන ජීවිතය, සිතුම් පැතුම් අතර මිනිසුන් අතර ඇති වන බැඳීම් ඔය විධියට විවිධ පැති ගැන ‘සිහිනි’ හරහා කතා කිරීමට උත්සාහ කරනවා.
ඔබේ ගමන පටන් ගත්තේ ‘පබා’ ටෙලිනාට්‍ය හරහා. එතැන් පටන් නාට්‍ය කලාව ජනප්‍රිය තලයට ඔසවා තබන නිර්මාණ ඔබ කළා. ඒ අතර ‘සිහිනි’ට ප්‍රේක්‍ෂකයන් දක්වන ප්‍රතිචාර කොයි වගේද?
මේ වන විට මම ටෙලිනාට්‍ය දොළහක් පමණ නිර්මාණය කර තිබෙනවා. ඒ හැම නිර්මාණයක්ම ජනප්‍රියම ටෙලිනාට්‍ය අතරට රැගෙන ගියේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්. ඒ ටෙලිනාට්‍යවලට ලැබුණු ප්‍රතිචාර සිහිනි ටෙලිනාට්‍යයටත් ලැබෙනවා.
මෙතරම් ජනප්‍රිය වීමට ඔබේ නිර්මාණවල ඇති රහස මොකද්ද?
මම නිර්මාණ කරන්නේ මිනිසුන්ගේ ජීවිතය එක්ක බැඳුණු කතා. ඔවුන්ගේ හදවතට දැනුණු දුක, වේදනාව, සතුට බැඳුණු කතා. එවිට ඔවුන් ජීවත් වන්නේ ඒ නිර්මාණයේ බැඳුණු චරිත සමඟ. මමත් මේ මහපොළොවෙ පයගහල ජීවත් වන කෙනෙක්. මට දැනෙන දේ තවත් බොහෝ අයට දැනෙනවා. ඒක තමයි රහස.
අද බහුතරයක් නිර්මාණවල එකම රාමුවකට කොටුවුණු කණ්ඩායමක් තමයි දකින්නේ. ඔබේ තේරීම කොයි වගේද?
මගේ කිසිම කණ්ඩායමක් නැහැ. මගේ නිර්මාණවලට අහවල් කෙනා ඉන්න ඕනෑ කියලා මගේ තීරණයක් නැහැ. මම ටෙලිනාට්‍ය දොළහක කලා ශිල්පීන් සමඟ වැඩ කළා. පිටපතේ චරිතය. සුදුසුම කෙනා තමයි මම තෝරලා ගන්නේ.
එකම කණ්ඩායමක් සමඟ ඔබ නොබැඳුණත් එකම රචකයෙක් සමඟ වැඩ කිරීමේ විශේෂත්වය?
මහේෂ් සත්සර මද්දුම ආරච්චි හොඳ මාධ්‍යවේදියෙක්. ඔහුට හොඳට ලිවීමේ හැකියාවක් තිබෙනවා. ඔහුට මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමේ හොඳ අවබෝධයක් තිබෙනවා. මම නිර්මාණය කළ ටෙලිනාට්‍ය මෙතරම් ජනප්‍රිය වීමේ තවත් රහසක් තමයි ඔහුගේ පිටපත්වල ගැබ්වෙලා තිබෙන දහදියත් එක්ක බැඳුණු ආදර සුවඳ. ලංකාවේ හොඳ පිටපත් රචකයෝ අඩු බවක් මම දකිනවා. ඉතින් මට සරිලන සුදුසුම කෙනා මහේෂ් සත්සර මද්දුම ආරච්චි කියලා මම හිතනවා. ඔහුගේ පිටපත්වල මුල – මැද – අග සමබරව කතාවෙන විදියට තමයි තියෙන්නේ.
ඔබගෙත්, මහේෂ්ගෙත් පටන්ගැන්ම ගැන කතා කළොත්?
මට මහේෂ් හමුවන්නේ ‘පබා’ ටෙලිනාට්‍ය හරහා. ඒ වන විට ඔහු පිටපත් 18ක් විතර රචනා කරලා තිබුණා. හැබැයි ‘පබා’ ටෙලිනාට්‍ය මුළු ලෝකයේම එකම විදියට වැලඳ ගත්තා. එලෙස වැලඳ ගත්ත ජනප්‍රිය වුණු වෙනත් නාට්‍යයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. එතැන් පටන් අද දක්වා මහේෂ් සමඟ මම වැඩ කරනවා.
ඔබත් මාත් අපි කවුරුත් දකින දෙයක් තමයි විවිධ නිර්මාණවල විවිධ සංගීත ස්වර, ගීත රටා දකිනවා. ඒත් ඔබේ නිර්මාණවල එකම නාද ස්වරයක් තමයි ඇහෙන්නේ?
මම මුලින් පැවසූ ආකාරයට මුළු ලෝකයම අපව දැනහඳුන ගත්තේ ‘පබා’ ටෙලිනාට්‍ය හරහා. ඒ හරහා ඔවුන් අප සමඟ බැඳුණා. විශ්වාසයක් ගොඩනඟා ගත්තා. ඉතින් අපේ අනෙකුත් නිර්මාණවලටත් එවැනි නාද රටාවක් දැමීමට අපි තීරණය කරගත්තා. එවිට ප්‍රේක්‍ෂකයන් තුළ පෙර ඇති වූ විශ්වාස යළිත් මතුවෙනවා.
‘මිතු’ ටෙලිනාට්‍ය හරහා හැබැයි ඔබ අසාධාරණයක් කළා ඔබේ ප්‍රේක්‍ෂකයන්ට?
එය මම කළ දෙයක් නොවේ. දේශපාලන බලපෑම් මත ‘මිතු’ ටෙලිනාට්‍ය අතරමඟදී නතර කළා. හැබැයි එය මට පාඩුවක් වුණේ නැහැ. අදාළ නාළිකාවලට තමයි පාඩුවුණේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අනුරාධපුර රාජධානියට මොකද වුණේ?

Next Post

සසර ගමනේ ස්වභාවය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.