• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම දේශපාලනයට එන්නෙ නෑ

March 14, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මම දේශපාලනයට එන්නෙ නෑ
Share on WhatsAppShare on Facebook

එළැඹෙන මහ මැතිවරණයට තව සුළු කාලයයි. හතර වටින් අපට අසන්නට ලැබෙන්නේ විවිධ කලා ශිල්පීන් දේශපාලනයට ඉදිරිපත් වීම සම්බන්ධ තොරතුරුයි. ඉතින් මොවුන් රටේ යහපත වෙනුවෙන් එහෙමත් නැතිනම් කලාව වෙනුවෙන් මොනවා කරයිද? ඉතින් මේ කරුණු කාරණා ගැන කෙළින් කතා කරන සුවිශේෂී රංගන ශිල්පියෙක්ගෙන් අහන්න අපි හිතුවා. ඔහු ප්‍රවීණ, සම්මානනීය රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දුයි.
ගිහාන් මේ දවස්වල පුංචි තිරයේ නිතරම දකිනවා?
ඔව්. ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. විශේෂයෙන්ම මම මුල් කාලයේ කරපු ටෙලිනාට්‍ය කිහිපයකුත් විකාශය වෙනවා. ඒ අතර ‘සඳගලතැන්න’ ටෙලිනාට්‍ය ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා. ඒ වගේම සුපුන් රත්නායකගේ ටෙලි නාට්‍යයකත් වෙනස්ම චරිතයක් නිරූපණය කරනවා. එයට අමතරව ‘නෝ පාකින්’, ‘සිහින ගෙනෙන කුමාරි’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඒවාටත් හොඳ ප්‍රතිචාර මඟතොටේදී ලැබෙනවා.
කොහොමද ඔය තරම් සාර්ථකව චරිතවලට මාරුවෙන්නේ?
රංග අභ්‍යාස මූලික කරගෙන වැඩ කටයුතු කිරීමේදී චරිත වෙනස් කර නිරූපණය කිරීම සරල දෙයක්. මම උත්සාහ කරන්නේ පිටපතේ චරිතයෙන් මතුවන දේ නිරූපණය කිරීමටයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ ඔබේ සමකාලීන මිතුරන් ක්‍රියාකාරීව කටයුතු කරනවා. ඔබේ අදහසක් නැතිද දේශපාලනයට පිවිසීමට?
මම හිතන්නේ මේ ලෝකෙට අපි උපදිනකොට එකිනෙකාට කරන්න විවිධ කාර්යයන් අරගෙන තමයි එන්නේ. ඉතින් මම රංගන වෘත්තිය අරගෙන ආවා. මම ආර්ට් එකේ දේශපාලනය කරනවා. ඔය විදියට අනෙකුත් අයත් විවිධ අංශවල වැඩ කරන්නේ ඔවුන් රැගෙන ආ සහජ හැකියාවන් එක්ක තමයි.
ජනප්‍රියතාව වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ නේද?
මම ජනප්‍රිය වුණේ කලාව නිසා. ජනතාවගෙන් ලැබුණ ආදරය, ගෞරවය නිසා. ඉතින් ඔවුන්ගේ ඒ සතුට වෙනුවෙන් මම රටට දෙයක් කරනවා. ඒ ජනප්‍රියතාවට හානි කරගෙන කටයුතු කරන්න මම කැමැති නැහැ. රට වෙනුවෙන් මම මේ කරන දේ හොඳට ඇති. ලංකාවේ කෝටි දෙකක් ඉන්නව කියපු ඔවුන්ව සතුටු කරන්න පුළුවන් දේවල් මම කරනවා. ඔවුන් හමුවුණාම දක්වන ප්‍රතිචාරය මට ඇති.
ඔබට මෙයට වඩා තවත් යමක් කළ හැකියි කියලා අපි කිව්වොත්?
මම අවුරුදු පනහක් ජීවත් වුණා. එයින් අවුරුදු තිහක්ම කළේ කලාව. මම මිනිසුන් උපරිම සතුටු කළා. මෙයටත් වඩා තවත් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.
රට වෙනුවෙන් කියලා හිතාගෙන දේශපාලනයට එන අය කරන්නේ රැවටීමක් කියලද ඔබ හිතන්නෙ?
එය මට වඩා රටේ ජනතාව දන්නවා. රට වෙනුවෙන් කියලා දේශපාලනයට එන අය විහිළුවක් කරන්නේ කියලා මුළු රටම දන්නවා.
ඔබ එලෙස අදහස් කරන්නේ කලා ක්ෂේත්‍රයෙන් දේශපාලනයට එන අය ගැනද?
මම කලා ක්ෂේත්‍රයෙන් දේශපාලනයට එන අයට දොස් කියනවා නෙමේ. ප්‍රාදේශීය මන්ත්‍රිවරුන්ගේ සිට මහා මැතිවරණවලින් පාර්ලිමේන්තුවට ආපු අය දක්වා බහුතරයක් කළේ බොරු පමණයි. ඔවුන්ට වාහනයක් දෙනවා නම් රියැදුරෙක් දෙනවා නම්, ආරක්ෂාවක් දෙනවා නම් එච්චරයි කියලා හිතනවා. ඒත් රට වෙනුවෙන් කරපු දෙයක් නැහැ. කවුරු ආරාධනා කළත් මම නම් යන්නෙ නැහැ දේශපාලනයට.
ඒ කියන්නේ ඔබට පක්ෂ භේදයක් නැතිද?
මම දේශපාලනයට කැමැති නැහැ. පාට, පක්ෂ භේදයකින් තොරව අපේ ජනතාව අපේ නිර්මාණ රසවිඳිනවා. එය සතුටට කරුණක්.
කලාකරුවෝ දේශපාලනයට ගිහින් කලාව වෙනුවෙන් මොනවා හරි කළා කියලා හිතනවද?
කලා ක්ෂේත්‍රයේ කෙනෙක් දේශපාලනයට ගිහින් කලාව වෙනුවෙන් දෙයක් කෙරුවේ නැහැ කියන අදහසට මම විරුද්ධයි. රටේ ජනතාව කලාව රසවිඳිනවා. එන නාට්‍ය බලනවා. රටේ ජනාධිපතිවරුන්, නායකයන් කලාවේ අඩුපාඩු ගැන සොයා බැලිය යුතුයි. පාර්ලිමේන්තුවට යන 225 අතරේ කලාකරුවන් විසිපස් දෙනෙක් හිටියොත් මෙයට වඩා කලාව පෝෂණය වෙයි. ඒත් එහෙම යන්න පුළුවන් වෙයිද?
කාලෙක ඉඳල ඔබ සිහින දකිනවා නිර්මාණයක් කිරීමට. තවම ප්‍රමාද?
නිර්මාණයක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එයට සූදානම් වෙනකොට තවත් නිර්මාණවලින් මට ආරාධනා කරනවා. ආවට ගියාට නිර්මාණයක් කරන්න බැහැ. හොඳට සැලැසුම් කරලා කාලය අරගෙන කරන්න ඕනෑ.
වේදිකාවේ, සිනමාවේ, පුංචි තිරයේ ඔබ කාර්යබහුල රංගන ශිල්පියෙක්. කොහොමද මේ සියල්ල සැලැසුම් කරන්නේ?
මම ගැන දන්න අය දන්නවා හැම වෙලාවෙම හොඳ සැලැස්මක් ඇතිවයි මම වැඩ කරන්නේ. මම මාසෙකට කරන්න තියෙන වැඩ ටික මට කටපාඩම්. ආර්ථිකය ගැන හිතලා මම වැඩ බදාගෙන කරන්නේ නැහැ. ඔය සැලැසුම් අතර මගේ පෞද්ගලික වැඩකටයුතුත් කිසිම ප්‍රශ්නයක් නැතුව කරනවා.
ජනප්‍රිය නළුවකු සමඟ එකතු වෙලා වෙනස්ම වැඩකටයුත්තක් කරගෙන යනවා නේද?
මමයි කුමාර තිරමාදුරයි එකතු වෙලා තමයි මේ ප්‍රසංගය කරන්නේ. එය “වත්තල ගිහාන් විත් මහරගම කුමා” නමින් කරගෙන යන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සංදේශ කවියාගේ සොඳුරු නවාතැන

Next Post

මෛත්‍රී අත්අඩංගුවට? (රාජ්‍ය රහස්)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.