• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සංදේශ කවියාගේ සොඳුරු නවාතැන

March 14, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සංදේශ කවියාගේ සොඳුරු නවාතැන
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර මහා විහාරය බුදු දහම රට පුරා ප්‍රචලිත කිරීමට දායක වූ මූලස්ථානය ලෙස අද පවා විවාදයකින් තොරව පිළිගැනීමට සිදුවේ. අද වනවිට ජන මතකයෙන් ඈත්වුවද අනුරාධපුර මහා විහාරය සේම මහත් ශාසනික සේවාවක් ඉටුකළ බෙම් මහා විහාරය අනුරාධපුර මහා විහාරයටත් වඩා බොහෝ කාලයක් මෙරට බුදු සසුන වෙනුවෙන් සේවය කොට පෘතුග්‍රීසි ආක්‍රමණ හමුවේ අභාවයට ගියේය. අතීතයේ විහාර පහකින් සමත්විත වූ බෙම් මහා විහාරයට යළි මහා විහාරයක් ලෙසින්ම ගොඩනැංවීමට අවස්ථාවක් හිමි නොවූවද තවත් බොහෝ ශාසන සේවාවක් ඉටුකිරීම වෙනුවෙන් වෙන් වෙන් විහාර වශයෙන් හෝ යළි ගොඩනැඟීමට හැකිවී තිබේ.

පෘතුග්‍රීසීන් හමුවේ පරාජය නොවී යළි ස්වාධීන විහාරයක් ලෙස ගොඩනැඟුණු වර්තමාන බෙන්තර යාත්‍රාමුල්ල වනවාස රජමහා විහාරය අතීත බෙම් මහා විහාරීය භික්ෂූන් වහන්සේලාගේ අවාසය හා අධ්‍යාපන මධ්‍යස්ථානය විය. පෙරදී බෙම් මහා විහාරයට අයත් වුවද බෙම්තොට වනවාසය පැරණි රජ සමයේ පටන්ම රට පුරා ප්‍රසිද්ධියක් ඉසිලූ විහාරාරාමයක් බවට පත්වී තිබිණි. භික්ෂූන් වහන්සේලාගේ ආවාසය හා අධ්‍යාපන ආයතනය ලෙස භාවිත වූ නිසා බෙම් මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා හමුවීමට පැමිණි රාජ අමාත්‍යාදීන්ගේ ඇසුර නිරන්තරයෙන් මෙම විහාරයට හිමිවූ අතර එය විහාරයේ දියුණුවට විශාල පිටිවහලක් විය. සද්ධාතිස්ස රජ සමයේ ඇරඹි බෙම් මහා විහාරයේ ආවාසය වූ වනවාස විහාරය නිශ්ශංකමල්ල රජතුමා විසින් නවීකරණය කරවා මහා විහාරයට පූජා කරන ලදැයි මතයක් පවතී.

දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයෙහි, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි, යාත්‍රාමුල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසයෙහි පිහිටා තිබෙන වනවාස රජමහා විහාරය බෙන්තර ගඟ අසබඩ තරමක් උස අලංකාර භූමි භාගයක පිහිටා තිබේ. ඉතා සුන්දර වටපිටාවක පිහිටා තිබීම නිසා මෙහි නවාතැන් ගැනීමට බොහෝ භික්ෂූන් වහන්සේලා ප්‍රියතාවක් දක්වා තිබේ. භික්ෂූන් වහන්සේලා පමණක් නොව බෙම්තොට වනවාසය සංදේශ කාව්‍යකරුවන්ගේද ඉහළ අවධානයක් දිනාගත් නවාතැනක් බවට පත්වී තිබී ඇත. තිසර, පරෙවි, කෝකිල, ගිරා වැනි සංදේශ කාව්‍යයන්හි පැහැදිලි ලෙසම වනවාස විහාරය පිළිබඳ කාව්‍ය රචනා වී තිබෙන අතර එය මෙම විහාරස්ථානය ඉතා සුවිශේෂී වූ පින් බිමක්ව පැවති බවට ප්‍රබල සාක්ෂියකි. බොහෝ සංදේශ කාව්‍යකරුවන් මෙහි රැයක් පහන් කිරීමට අමතක නොකිරීම මෙහි අතීත සුන්දරත්වය හා ප්‍රබලත්වය කදිමට කියාපායි.
“රුදු අවරගිරි රජ කුළු කිරුළකට
යෙදු මිණෙකැ සිරි ගත් වරු දිනිඳු බට
නඳු සිතින් ගොස් රෑ දවසැ ලැගුමට
වදු මිතුර බෙම්තොටැ වනවාසීට ”
යනුවෙන් තිසර සන්දේශයෙහි දැක්වේ. පරෙවි සන්දේශය අනුවද වනවාසය පරෙවියාගේ එක් නවාතැනකි.

“එත දද රද එගුවන වනවාසයට
අඳුරු රුපුන් වන් සඳ වනවාසයට
ගොසින් තොසින් බෙම්තොට වනවාසයට
වදු මිතුරිඳු රෑ දින වනවාසයට”
සංදේශය රැගෙන යන අතරතුර වනවාසය වැඳපුදා යා යුතු බව ගිරා සන්දේශයෙහිද දැක්වෙයි.

“විඳිනාසේ මතු සඟමොක් සැප නොමඳ
වනාවසේ වෙහෙරට ගොස් වැඳ සබඳ
දුටුවාසේ දිවමන් මුනිඳුන් පැහැඳ
සිට බෝසේ බුහුමන් කෙරෙමින් නමැඳ”
කෝකිල සංදේශයෙහි කෝකිලයා ගමන් කරන්නේද වනවාසය වැඳ පුදා ගනිමිනි.

“පින ආයස සිත වඩමින් තොපටු කොට
පැන ආයස සෙද ගොසි නොමි හිය ලෙසට
වන වාසය බවයෙහි නොවනු තොපට
වන වාසය වෙහෙරෙහි වඳුව මුනිඳුට”

පෘතුගීසි ආක්‍රමණිකයන් විනාශ කොට දමන්නට පෙර බෙම්තොට වනවාසයට හිමිව තිබූ ස්ථානය මේ සංදේශ කාව්‍යයන්ගෙන් මනාව පැහැදිලි වෙයි. අතීතයේදී අතිශය රමණීය තපෝවනයක් ලෙස බෙම්තොට වනවාසය වැජඹෙන්නට ඇත. බොහෝ සංදේශකරුවන්ගේ ප්‍රධාන නවාතැනක් ලෙස වනවාසය තෝරාගන්නට ඇත්තේද ඒ නිසාය.

අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වාම ඉතා දියුණු ප්‍රධාන විහාරයක් ලෙස පැවති බෙන්තර වනවාසය පෘතුග්‍රීසි ආක්‍රමණයන්ගෙන් පසුව යළි පිබිදී එන්නේ වැලිවිට සංඝරාජ හිමියන්ගේ ශාසනික සේවාව සමගිනි. වැලිවිට සඟපරපුරට අයත් බෝධිමළුවේ පරිසුද්ධ හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම විහාරය ප්‍රතිසංස්කරණය ඇරඹිණි. මෙම කාලයේ උඩරට රජවරුන්ගේ අනුග්‍රහය මේ සඳහා ලැබුණු නමුත් වෙරළබඩ කලාපය විදේශිකයන් පාලනය කිරීම නිසා විහාරය දියුණු කිරීම අපහසු විය. පසුව 1832 දී පමණ කල්‍යාණි සංඝ සභාවේ ආදි කර්තෘ බෙම්තොට අත්ථදස්සී නාහිමියන්ගේ මූලිකත්වයෙන් මෙම විහාරය සංවර්ධනය ඇරඹුණු අතර එය ක්‍රමයෙන් වර්ධනය වී අද පවතින තත්ත්වයට පැමිණ තිබේ. වනවාස රජමහා විහාර ගණයේ ආදි කර්තෘන් වහන්සේ වන බෙම්තොට අත්ථදස්සී නාහිමියන් පහත රට සියම් නිකායික උපසම්පදා කර්මය ආරම්භ කිරීමටද මුල්විය.

පෘතුගීසි ආක්‍රමණිකයන් බෙම් මහා විහාරය කොල්ලකෑමේදී වනවාසයේ තිබූ සම්පත්ද කොල්ලකා විහාරය විනාශ කළ බැවින් අද වනවිට මෙහි දක්නට ලැබෙන්නේ නුවර යුගයෙන් පසු සිදුකළ නිර්මාණයන් පමණි. ඓතිහාසිකත්වය නියෝජනය කරන සාධක බොහොමයක් විනාශ වී ගොස් ඇති අතර මහනුවර යුගයේ ඉදිකරන ලදැයි සැලකෙන බුද්ධ මන්දිරය හා බුදුන් වහන්සේගේ රුව සිතුවම් කළ ලී ප්‍රතිමාවක් විහාර මන්දිරයේදී අද ද දැක ගැනීමට පුළුවන. අතීතයේ බෙම් මහා විහාරය එකට සම්බන්ධ කළ උමං මාර්ගයද විනාශ වී ගිය අතර පසුකාලීනව වනවාස විහාර සීමාවේදී එම උමං මාර්ගය ප්‍රති සංස්කරණය කොට උමං විහාරයක්ද ඉදි කොට තිබේ.

ඉතා රමණීය උස් බිමෙක තට්ටු කීපයක් වන ලෙස ඉදිකර ඇති බෙම්තොට වනවාස විහාරයේ පියගැටපෙළ නැඟ ගිය පසු නූතන නිර්මාණ කලාවේ අපූර්වත්වය මතුවන නවීන වාහල්කඩ හමුවේ. එයින් ඉහළට පිවිසුණු පසු චෛත්‍ය හා විහාර මන්දිරය ගොඩනඟා තිබේ. මෙහි ඇති ප්‍රතිමා මන්දිරය මහනුවර යුගයේ ඉදිකළ විහාර මන්දිරයක් වන අතර සැතපෙන බුදු පිළිමයක්, හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි පිළිමයක් එහි ඉදිකොට තිබේ. වර්තමානය වන විට විහාරයට නූතන අංග රැසක් එක්කොට ඇති අතර විහාරය වටා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිරූ නිර්මාණය කර ඇත. බෙම් මහා විහාරයේ හා වනවාස විහාරයේ ඓතිහාසික සිහිවටන ඇතුළත් පැරණි භාණ්ඩ සහ ලේඛන තැන්පත් කොට කෞතුකාගාරයක්ද මෙහි ඉදි කොට තිබේ.
අතීත බෙම් මහා විහාරය මෙරට බුදු දහම ප්‍රචලිත කිරීමට කටයුතු කළ අයුරින්ම මෙරට පමණක් නොව විදේශයන්හි පවා බුදුදහම ප්‍රචලිත කිරීමට නූතන වනවාස විහාරය කටයුතු කර තිබේ. ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර යුරෝපයට බුදු දහම හඳුන්වා දීමටද මුල්වී ඇත්තේ බෙම්තොට වනවාසයයි. ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර යුරෝපයට බුදු දහම හඳුන්වා දීමට ක්‍රියා කළ රීස් ඬේවිස් පඬිතුමා පාලි භාෂාව සහ බුදුදහම පිළිබඳව බෙම්තොට වනවසායේදී යාත්‍රාමුල්ලේ ශ්‍රී ධර්මාරාම හිමියන්ගෙන් අධ්‍යාපනය ලබා ද තිබේ. මේ නිසා යුරෝපයට බුදු දහම රැගෙන යාමට මූලික වූ ස්ථානය වශයෙන් ද වනවාස රජ මහා විහාරය ඉතිහාසයට එක් වෙයි. මෙය සිහිකරමින් බෙන්තර වනවාස රජමහා විහාරයේ රීස් ඬේවිඞ්ස් පඬිතුමන්ගේ ප්‍රතිමාවක්ද නිර්මාණය කොට තිබේ. මේ නිසා බෙම් මහා විහාරය යළි ගොඩ නැංවීමට හැකි වූයේ නම් ලෝකයට බුදු දහම ගෙනගිය මධ්‍යස්ථානය ලෙස අනුරාධපුර මහා විහාරයට වඩා ස්ථානයක් හිමි කර ගැනීමටද ඉඩ තිබිණි.

අතීතයේ බෙම් මහා විහාරයේ අධ්‍යාපන මධ්‍යස්ථානය වූ වනවාසය වර්තමානයේද මෙරට ප්‍රධාන භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර අද වන විට මෙහි සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද දහම් අධ්‍යාපනය ලබා දීම සිදුකරයි. නූතන භික්ෂු පරපුරේ නාමධාරී හිමිවරු ගණනාවක්ම බෙම්තොට වනවාසයෙන් බිහිවූ අතර රාමඤ්ඤ නිකාය පිහිටුවූ අඹගහවත්තේ ඉන්ද්‍රසභ මාහිමියන්ද අධ්‍යාපනය ලබා ඇත්තේ වනවාස විහාරයෙනි.
මූලාශ්‍ර – රහතුන් වැඩ විසූ බෙම්තොට වනවාසය – ශාස්ත්‍රපති සද්දංගොඩ රාහුල හිමි
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

ගෝඨා-බැසිල් ‌කොටවන්න නලින්ට පුළුවන්ද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මම දේශපාලනයට එන්නෙ නෑ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.