• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රාජාවලියක් කණපිට හැරවූ සැඩොල් කෙල්ල

March 15, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රාජාවලියක් කණපිට හැරවූ සැඩොල් කෙල්ල
Share on WhatsAppShare on Facebook

සාලිය කුමරුගේ සහ අශෝකමාලාවගේ ආදර අන්දරය අනුරාධපුර යුගයේ තිබූ අදටත් ජනප්‍රිය ආදර කතාවකි. එය කොතරම් නම් ජනප්‍රිය කතාවක්ද යැයි පැවසුවොත් අදටත් අපේ රටේ නම ගිය ආදර කතා අතර ඊට හිමිව ඇත්තේ පළමු තැනය. එමෙන්ම ඉසුරුමුණියේ පෙම් යුවළෙහි සිටිනා පෙම්වතුන් යුවළ ලෙසින් සිටින්නේද මෙම සාලිය සහ අශෝකමාලා බව විචාරක මතයයි.
එදා අශෝකමාලා යනු රූපයෙන් අගතැන්පත් තරුණියක බව ඉතිහාසයේ සඳහන් වෙයි.

විශේෂයෙන්ම සද්ධර්මාලංකාරයේ එන්නා වූ “සාලිරාජ වස්තුව” ඊට හොඳම නිදසුනයි. කෙසේ හෝ අවසානයේ සාලිය කුමරුගේ පියා වූ දුටුගැමුණු රජුගෙන් පසු රජකම ලැබෙන්නට සිටි සාලිය කුමරුට රජකම අහිමිවන්නේද අශෝකමාලා නිසාය. ඉතින් අද අප සඳහන් කරන්නේ එසේ සාලිය කුමරුට රජකම අහිමි වූ කතා පුවත සහ අශෝකමාලාවන් පහළ කුලයක ඉපදෙන්නට තරම් හේතු වූ එම කතා පුවත ගැනය.

දුටුගැමුණු රජුගේ එකම පුතු වූ සාලිය කුමරු අශෝකමාලා යන තරුණියව මුලින්ම දකින්නේ කුමරු උයන් කෙළියට යන අතරේය. සැබෑවටම ඇගේ නම “දේවී” වුවද හෝපලු ගසක හෙවත් අශෝක ගසක අත්තක හිඳ සිටීම නිසා සාලිය කුමරු විසින් ඇයව “අශෝකමාලා” ලෙස හැඳින්වූ බව සඳහන් වෙයි. එමෙන්ම ඉතිහාසයේ එන “සිහළවත්ථුව” මෙන්ම “සද්ධර්මාලංකාරය” වැනි බණ කතාවන් තුළ මෙම ආදර අන්දරය පැහැදිලිව සටහන් කර තිබේ. මෙම ආදර අන්දරය ලංකාද්වීපය තුළ කොතරම් ජනප්‍රිය වූයේද කිවහොත් පසුකලෙක නිර්මාණය කරන ලද “ඉසුරුමුණියේ පෙම් යුවළ” නම් ගල් කැටයමට පාදක වන්නේද මේ දෙදෙනාය. එය ක්‍රිස්තු වර්ෂ හයවැනි සියවසේදී නිර්මාණය කරන ලද්දකි.

අපරිමිතව එකිනෙකාට ආදරය කළද මෙම ආදරවන්තයන් යුවළට එක් ප්‍රශ්නයක් උද්ගතව තිබූ බව සඳහන් වෙයි. ඒ අශෝකමාලා සැඩොල් කුලයකට අයත් තරුණියක වීමයි. සමාජ සම්මතයට අනුව සැඩොල් කුලය යනු සමාජයේ තිබූ පහත්ම කුලයක් වන අතර රජ කිරුළකට උරුමකම් කියන කුමරකුට එවන් පහත් කුලයක තරුණියක සමඟින් විවාහ වීම පවා නුසුදුසු බව සමාජයේ මතය වී තිබිණි. ඊට හේතුව එය එතරම්ම පහත් කුලයක් වීමයි. කෙසේ වුවද එම සමාජ මතය නොසලකමින් එසේ විවාහ වුවහොත් ඔවුන්ට ලැබෙන දරුවාට රජකම නොයනා බවද සඳහන්ය.

ඒ අනුව පසුව රජකම යන්නේ එවකට රාජ්‍ය දරන රජුගේ සහෝදරයාටය. එම කරුණ සනාථ කරමින් ශ්‍රී ලාංකේය රාජාවලියේ දුටුගැමුණු රජුගෙන් පසු රජකම් දැරූ බව සඳහන් වෙන්නේ සද්ධාතිස්ස කුමරුය. එහිදී සද්ධාතිස්ස කුමරු යනු දුටුගැමුණු රජුගේ එකම සහෝදරයාය.
අශෝකමාලාවන් සමඟ ආදර සම්බන්ධයක් පවත්වා ගන්නා සාලිය කුමරුට පසුව රජකම පවා අහිමි වූ බව සඳහන් වෙයි. නමුත් ඒ පිළිබඳව සාලිය කුමරු කනගාටු වූ බවක් සඳහන් වන්නේ නැත. ඊට හේතුව සාලිය කුමරු අවංකව අශෝකමාලාවන්ට ආදරය කිරීමයි. අවසානයේ ඔහු ඇය වෙනුවෙන් රටේ රජකම පවා අහිමි කර ගනියි. ශ්‍රී ලාංකේය රාජාවලියේ එසේ කළ පළමු සහ එකම කුමරු වන්නේද මෙම සාලිය හෙවත් සාලිරාජ කුමරුය. නමුත් පසුව සාලිය කුමරුගේ පියා වූ දුටුගැමුණු රජු මෙම සම්බන්ධයට අකැමැති වූ බවද සඳහන් වෙයි. එහෙත් මුලදී මෙම සම්බන්ධයට අකැමැති වූ දුටුගැමුණු රජු පසුව අසෝකමාලාන් සියැසින් දුටු පසු ඊට කැමැති වූ බව පැවසෙයි. ඉන් නොනැවතී දුටුගැමුණු රජු එම සම්බන්ධයට ආශීර්වාද කළ බවද ඉතිහාස කතා තුළ පැහැදිලිව දැක්වෙයි.

දුටුගැමුණු රජු මුලදී අශෝකමාලාවන් සිය ලේලිය කරගන්නට අකැමැති වුවද පසුව ඊට කැමැති වූ බව පැවසෙන්නේ බමුණන් යවා අශෝකමාලාවන් පිළිබඳ විස්තර සොයාබැලීම නිසාය. එහිදී ඇය දකින බමුණන් ඇයගේ රූප ස්වභාවය දැක පුදුම වූ බවද පැවසෙයි. පසුව ඔවුන් පැමිණ එම රූප ස්වභාවය පිළිබඳව රජුට පැවසූ ආකාරය ගැන සද්ධර්මාලංකාර කෘතියේ සඳහන් වෙන්නේ පහත ආකාරයටය. එනම් “මහරජ, ශාලිරාජ කුමාරයන්ගේ බිසෝ වූ ඒ අශෝකමාලා දේවී නම් අතිමනෝහර වූ රන්වන් ශරීර ඇතියහ. නිල් මහනෙල් පෙති දෙකක් මෙන් දිගු පුළුල් වූ ප්‍රසන්න වූ ඇස් සඟළක් ඇතියහ. පළල්ව සම්පූර්ණ වූ ජඞගා ප්‍රදේශයක් ඇතියහ. ස්වර්ණ සාගරයෙහි දිය සළාවක් මෙන් දක්ෂිණාවර්තීව ගැඹුරු වූ නාභි මණ්ඩලයක් ඇතියහ. සමව ගා යෙදූ දුනු මිටක් මෙන් සිහින් වූ කටී ප්‍රදේශයක් ඇතියහ. තනුව අග් උඩ බලා සිටිනා අඳුන්වන් ශරීර රෝමයන් ඇතියහ…” යන ලෙසින්ය.

සෑබෑවටම අශෝකමාලාවන් යනු රූපයෙන් අගතැන්පත් සුන්දර තරුණියකි. ඇය පිළිබඳව සද්ධර්මාලංකාරයේ එන වර්ණනය තුළින් ඒ බව මනාව පැහැදිලි වෙයි. එමෙන්ම අශෝකමාලාවන්ට සිය රූපය හොඳින්ම ලැබී පහත් කුලයක ඉපදුණේද පසුගිය ආත්මභාවයේ කර ගත් කුසල් අකුසල් නිසාය. ඒ අනුව ඇයට රූපය අතින් පිරිමින් වශී කරනා රුවක් ලැබුණේ කලින් ආත්ම භාවයේ ඇය බොහෝ පින් රැස් කළ නිසා බව පැවසෙයි. එමෙන්ම ඇය පහත් කුලයක ඉපදුණේ පසුගිය ආත්ම භාවයේදී සිය මවට චණ්ඩාල වාදයෙන් කතා කළ නිසා බවත් සඳහන්ය. කෙසේ හෝ අවසානයේ ඇය නතර වූයේ දුටුගැමුණු රජුගේ එකම පුතුගේ බිරිය මෙන්ම රජුගේ එකම ලේලිය බවටද පත්වෙමිනි. එය එසේ වූයේද පසුගිය ආත්ම භාවයේ කරගත් පින් මහිමයෙන් බව සඳහන් කළ හැකිය.
නලින්ද සම්පත්

SendShareShare
Previous Post

අනතුරක්ද-රැග් එකක්ද: ජපුරේ ‌මොකද වුණේ?

Next Post

පරම බ්‍රහ්මචාරී හනුමාන්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.