• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අනතුරක්ද-රැග් එකක්ද: ජපුරේ ‌මොකද වුණේ?

March 15, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
අනතුරක්ද-රැග් එකක්ද: ජපුරේ ‌මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

මේ වතාවේ මේ කතාව එන්න පටන් ගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පැත්තෙන්. සාමාන්‍යයෙන් ලංකාවේ ඉතාම ඉක්මනින් පොදු විරෝධයක් මතු වෙන කාරණා අතර සරසවි සම්බන්ධ දේවල් තියෙන්නේ ඉතාම ඉදිරියෙන්. සාමාන්‍යයෙන් පොදුවේ කිසිම සමාජ අසාධාරණයට එරෙහිව පාරට නොබහින ජනතාව සරසවි ශිෂ්‍යයන් සම්බන්ධව මතුවෙන ගැටලුවකදී ඉතාම ඉක්මනට පොලු, මුගුරු අරගෙන එනවා. ඊටත් වඩා කොවිඞ් 19 රෝගය රටට ඒ කියලා ඒ පිළිබඳව පියවර ගන්න උනන්දු වුණාට වඩා මේ රජය නවක වදයට එරෙහි වෙන්න උනන්දුවෙන් ඉන්න එක හරි අපූරු තත්ත්වයක්. කොහොම නමුත් මේ හදන්නේ කවුරුවත් හරි කරන්නවත් වැරදිකාරයා කරන්නවත් නෙමෙයි. කාටවත් චෝදනා කරන්නත් නෙවෙයි. හැබැයි අපිට ජනමාධ්‍යවේදියෝ විදිහට ජනප්‍රිය තර්කයෙන් එහාට දේවල් හොයන්න වෙනවා. එහෙම වුණාම වුණාම අපිට කියන්න වෙන්නේ ඔබ ආසා කරන දේට වඩා සමහර විට වෙනස් කතාවක්. එහෙම වුණාම එකෙන් දේශපාලන වාසි ගන්න බැරි සමහර පාර්ශ්ව අපිත් එක්ක අමනාප වේවි. ඒකට මුහුණ දෙන්න අපි ලෑස්තියි.
හැබැයි කොහොම වුණත් වුණත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තත් ශිෂ්‍යයන්ට මේ විදිහට හෝ වෙනත් විදිහකට තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාහකට තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරදර හිරිහැර අඩන්තේට්ටම් ශාරීරිකව හෝ මානසිකව සිද්ධ කිරීමට ඉඩ නොතැබිය යුතුයි. එහෙම කරන කෙනෙක් ඉන්නව නම් හෝ කරපු කෙනෙක් ඉන්නව නම් ඔහුට හෝ ඇයට දඬුවම් කරන්නට විද්‍යාල පරිපාලනය ශිෂ්‍ය සංගම් සහ පොලිසිය පියවර ගත යුතුයි. නමුත් එක එක්කෙනා තම තමන්ට පෙනෙන දැනෙන හැටියට තීන්දු කරන්නට යෑම අතිශය භයානකයි.
ඒත් ඇත්තටම මොකක්ද වුණේ?
අපි මේ ගැන අතිශය ස්වාධීනව සරසවි පාර්ශ්වයෙන් හොයලා සහ අහලා බැලුවා.
සාමාන්‍යයෙන් ජ’පුර ගල් පිට්ටනිය කියන්නෙ නිතර සරසවි සිසුන් ගැවසෙන තැනක්. සාමාන්‍යයෙන් ජ’පුරෙ අය දන්නවා මේ සරසවියට අදාළ විවිධ කටයුතුවලට මේ අය පාවිච්චි කරන්නෙ ගල්පිට්ටනිය. සරසවි සිසුන් අතර මත්පැන් පානය නිතරම කෙරෙන දෙයක්. මේ අය ඒකට යොදාගන්නෙ ගල්පිට්ටනියම විතරයි. සරසවිය තුළ වෙන කිසිම තැනක මත්පැන් නොබොන්න මේ අය තමන්ටම නීතියක් දාගෙන තියෙනවා. ඒ ගැන ඔබට විවිධ තර්ක යෝජනා චෝදනා තියෙන්න පුළුවන්. ඒත් මෙතැනදි නැඟෙන ප්‍රසිද්ධ තර්ක කීපයක් තියෙනවා.
ඒ එකක් වෙන්නෙ “අපිට විසි එකට වැඩී” කියන එක. ලංකාවෙ මත්ද්‍රව්‍ය නීතියට අනුව අවුරුදු විසි එකට වැඩි පුද්ගලයෙක්ට තහනම් නොවන මත්ද්‍රව්‍ය නිකුත් කිරීම වරදක් නෙමෙයි.
හැබැයි මේ අය ශිෂ්‍යයන් නිසා වයස කීය වුණත් මේ විදියෙ හැසිරීම් අනුමත කරන්න බෑ කියලා බොහෝ අය කියනවා. කොහොම නමුත් සරසවි පාර්ශ්වයට අනුව මේ සිදුවීම වෙන විදිය අපිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ මහා ශිෂ්‍ය සංගමයෙ සභාපතිවරයා පැහැදිලි කළා.
“මේ සිදුවීම වෙන්නෙ නවක සිසුන්ගෙ සාදයක් ඇතුළෙ. මේ අය මේ සාදය සඳහා තෝරාගෙන තියෙන්නෙ අපේ විශ්වවිද්‍යාලයෙ තියෙන පිට්ටනියක්. අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදියට විශ්වවිද්‍යාලයෙ වෙන කිසිම තැනක් මේ විදියෙ වැඩවලට යොදාගන්නෙ නෑ.
තොරණක් ගහනවා නම් ඒකත්, වෙනත් සංවිධානයක් වෙනවා නම් ඒකත්, සාකච්ඡා වගේ දේවලුත්, සාදයක් නම් ඒකත් කරන්නෙ මෙතැන.
මේ අයගෙ මේ සාදය සඳහා මෙතැන යොදාගන්නෙ ඒ විදියට. හැබැයි මේක වෙන කණ්ඩායමක් සූදානම් කරපු සාදයක් නෙමේ. විශේෂයෙන්ම ජේ්‍යෂ්ඨ සහෝදරවරු සූදානම් කරපු එකක් නෙමෙයි. මේක මේ ප්‍රථම වසර සහෝදරයන්ම සූදානම් කරපු එකක්. මෙහෙම එකක් සූදානම් කරන පළමු වතාවක් ඒක නෙමෙයි. හැබැයි මේ වෙනකොට තවත් අය මේ කියන සීමාවෙ ඉන්න ඇති. මොකද විශ්ව විද්‍යාලයක් කිව්වම එකිනෙකට සම්බන්ධ නැති අධ්‍යයනාංශ විශාල ප්‍රමාණයක්ම තියෙනවා. ඒත් ඔවුන් අතර ගැටුමක් නෑ.
අපේ විශ්වවිද්‍යාලයට “රැග්” කියලා ඇඟිල්ල දික් කරන එක වැරැදියි. මොකද නවක නම්‍යකරණය යටතේ සාමාන්‍යයෙන් කරන හැමෝම එක වගේ ඇඳුමක් ඇඳිය යුතුයි කියන සම්ප්‍රදායවත් අපේ නෑ. ඒ නිසා මෙහෙ කාටවත් රැග් එක දෙන්නෙ නෑ කියලා දන්න අය දන්නවා. ඒත් මේ වගේ දේවල් මතු කරමින් කවුරු හෝ කෙනෙක් ඒකෙන් වාසි ගන්න උත්සාහ කරනවා.
මේ ශිෂ්‍යයන්ගෙ සාදය ඇතුළත යම් කිසි කණ්ඩායමක් ඔය කියන ටයර් එක තල්ලු කරමින් ඉඳලා තියෙනවා. ඒක රෝල් වෙලා ගිහිල්ලා පහළට වැටිලා. ඒ වෙනකොට මේ කියන සහෝදරයා ඉඳලා තියෙන්නෙ පඩිපෙළ ළඟ. ඒ ටයර් එක ගිහිල්ලා ඔහුගෙ ඇඟේ වැදිලා. ඔහු වැටිලා. ඒ වැටුණ වෙලාවෙ තමයි ඒ සහෝදරයගෙ ඔළුව වැදිලා තියෙන්නෙ. මේ වෙලාවෙ අපේ අනෙක් සහෝදරවරු මෙයාව රෝහලට අරගෙන ගිහිල්ලා. මම යනකොටත් ඔවුන් අවශ්‍ය පියවර අරගෙන ඉවරයි.
මේ සිදුවීම ගැන අපි ගොඩක් දුක් වෙනවා. මේ අනතුරෙන් පීඩාවට පත්වෙලා තියෙන්නෙ අපේ සහෝදරයෙක්. අවාසනාවකට මේ සිදුවීමෙන් වාසි ගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒ හරහා මේක නවක වදය බව හුවා දක්වමින් සරසවියට හමුදාව ඇතුළු කිරීමේ උත්සාහයක් පේන්න තියෙනවා.”
ඒ ඔහුගේ පැහැදිලි කිරීම.
ඒ වගේම මේ අනතුර සම්බන්ධව බොහෝ මාධ්‍ය වාර්තා කරන කාරණාවලත් ගැටලු තියෙනවා. සමහර මාධ්‍ය මේ ගැන තමන්ගෙ මත ඉදිරිපත් කරමින් ඒ ගැම උපමාන ඉදිරිපත් කරනවා. අපි කරපු හොයා බැලීම්වලදී දැනගන්න ලැබුණෙ මේ කණ්ඩායම මත්පැන් පානය කරමින් සිටි බව. නමුත් මේ සාදයට නවක සිසුන් සියලුම දෙනාත් සහභාගි නොවුණා වගේම මේ සියලුම දෙනා මත් පැන් බිව් හෝ නොබිව් බවට ඔප්පු කළ හැකි සාක්ෂි නෑ. නමුත් මේ සාදය ඔය කියන විදියට නවක වදයකට සම්බන්ඳ නෑ කියන එක පැහැදිලියි.
පහු ගිය වරක් රුහුණ සරසවියෙ ශිෂ්‍යයෙක් සම්බන්දව මතුවුණ කාරණේදී වගේම මේ වතාවෙත් ඒ සඳහා විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමට උත්සාහ කරනවා වගේ ගතියක් පේන්න තියෙනවා. ඒක සංවිධානාත්මකව කරන දෙයක්ද නැත්නම් සැලසුමකින් තොරව වෙන දෙයක්ද කියන්න අපි දන්නෙ නෑ. අපිට මේ වෙලාවෙ පුළුවන්කම තියෙන්නෙ උපමාන ගොඩ නඟන්න විතරයි. හැබැයි ඒ රුහුණ සරසවි ශිෂ්‍යයා සහ මේ ශිෂ්‍යයත් ගම්පහ උඩුගම්පළ ප්‍රදේශයේ වීම පුදුම සහගතයි. ඒක අහේතුකව වුණ දෙයක් වෙන්න ඇති. නමුත් ඔවුන් දෙන්නම කිලෝමීටර කීපයක දුරක ඉන්න අය.
කොහොම නමුත් මේ ශිෂ්‍යයා මේ පිට්ටනියට යන්නේ කාගෙ හෝ බලකිරීමකට නොවෙන බවක් තමයි සරසවි පාර්ශ්වයෙන් දැනගන්න ලැබෙන්නෙ. මේ ආකාරයෙන් පාන්දර එක දෙක වෙනතුරු ඔවුන් රැඳී ඉඳලා තියෙනවා. සාමාන්‍යයෙන් සරසවියක ශිෂ්‍යාවන්ට මේ විදියට රාත්‍රිය උදාවෙනතුරු රැඳී ඉන්න බැරි වුණත් ශිෂ්‍යයන්ට ඒ විදියෙ සීමාවක් නෑ. සාමාන්‍යයෙන් මේ විදියෙ සීමා පැන වෙන්නෙ සරසවිය තුළ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා නම් විතරයි.
කොහොම නමුත් පරීක්ෂණ සිදුවෙමින් තියෙනවා. පොලිස් සහ අධිකරණ පරීක්ෂණවලට යම් කාලයක් ගතවෙනවා. ඒ අතර අර අනතුරට පත් ශිෂ්‍යයාගෙ තත්ත්වය සුව අතර හැරෙමින් තියෙනවා. නමුත් සමාජ ජාලා සහ පුද්ගලික නාළිකා විසිම් මේ ගැන වෙනම පරීක්ෂණ ආරම්භ කරලා. සමාජ ජාලා පරීක්ෂණ ඉතාම ඉක්මන්. ඔවුන් ජ‘පුර මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු බරපතළ ලෙස වරදකරුවෙක් කරමින් සියලු ජ’පුරටම ඇඟිල්ල දික් කරන්න පටන් අරගෙන. පෞද්ගලික නාළිකා කීපයක් ඉන්නෙ “හමුදාව දාන තුරු සටන අතනොහරිමි” කියන උදාන වාක්‍ය ප්‍රමුඛ කොටගෙන. කොහොම නමුත් මේ සිදුවීම අනතුරක් බව සාමාන්‍ය ඇහැට පේනවා. නමුත් ඒ ගැන පරීක්ෂණ වාර්තා පිටවෙන තුරු අපි ඒ පරීක්ෂණ ගැන විශ්වාස තියමින් බලා ඉන්නවා. මේ හරහා තවත් ශිෂ්‍යයන් කීප දෙනෙක් ජීවිත එක්ක සෙල්ලම් නොකරන්න බලධාරීන්ට පුළුවන් ඒක රටක් විදියට අපි ලබන විශාල ජයක් විදියට අප හිතනවා.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට ගෑවුණු ‌ප්‍රබල දේශපාලකයන් ගැන ‌ෆොන්සේකා කරපු ‌මහා හෙළිදරව්ව

Next Post

රාජාවලියක් කණපිට හැරවූ සැඩොල් කෙල්ල

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.